මට්ට කඩෙන් ෆෝන් එකක්........
එකමත් ඒක කාලෙක මාට ෆට්ට ෆෝන් එකක් ගන්න ඕනේ උනා. ඒ කිව්වේ අවුරුදු 4 කට විතර කලින්. ෆෝන් ගැන ටිකක් හොයල බලල එහෙම k800i වර්ගයේ සෝනි එරික්සන් ෆෝන් එකක් ගන්න හිතා ගත්තා.
එකේ ඒ වෙනකොට මිල රු 23 000 ක් උනා. මම ඉතින් කොහොම හරි සල්ලිත් හොයාගෙන නුවර වටේ ඇවිදලා එක කඩයක් ගාව නැවතුනා. එතන රැවුල දිග මට්ටයෙක් හිටියා. එතන ගාන ටිකක් අඩු හින්දා එතනින් ගන්න හිතාගත්තා.
1000 ක් දේවල් කියලා කොහොම හරි මට්ටයා මට ෆෝන් එක දුන්නා. ෆෝන් එක නම් මාර ගති. මම ෆුල් ෆන් එකේ ගෙදර ගිහින් හොදට චාජ් කරලා අනික දවසේ වැඩට අරන් ගියා.
මම ආසාවටත් එක්ක ෆොටෝ ගහ ගහ හිටියා. මෙන්න බොලේ එක පාරටම බැටරිය බැස්සා. ටික වෙලාවකින් ආයේ චාජ් වෙනවා. මම හිතුවා එකේ ඔටෝ චාජ් වෙන ඔප්ෂන් එකක් වත් ඇති කියලා.
කොහොම හරි බැටරිය හොදටම බැස්සා
මම ගෙදර ගිහින් චාජ් කරා, ඒක එකසිය ගානට රත් වෙනවා. ඕනේ මගුලක් වෙන්න කියලා මම ෆුල් චාජ් කරා. කලින් වගේමයි බැටරිය ඒක පාරටම බහිනවා. මම ෆෝන් එකත් අරන් ආයේ මට්ට කඩේට ගියා.
උන් අළුත්ම ෆෝන් එකක බැටරියක් ගලවලා මට දුන්නා මම ඒක අරන් ගිහිල්ලා හොඳට චාජ් කරා. වැඩක් නෑ රත්වෙනවා බැටරි බහිනවා. මෙහෙම 2 පාරක් බැටරි මාරු කරලා දුන්නා,
බැරිම තැන මම උන්ගෙන් සල්ලි ඉල්ලුවා. උන් හිනා උනා ඕනේ නම් ෆෝන් ඒක හදල දෙන්නම් සල්ලි දෙන්නේ නෑ. කිව්වා. මමත් උන්ට මම කොහොම හරි සල්ලි ගන්නවා කියල ආව.
උන් කිව්වා පුලුවන් දෙයක් කරලා සල්ලි ගන්න කියලා. අපි ඔයිට වඩා අයියලත් එක්ක වැඩ කරලා තියෙනවා කිව්වා. මම උන්ට පොර ටෝක්ස් දුන්නට මට කරන්න පුළුවන් ලබ්බක් තිබ්බේ නෑ.
ඔය කෙස් ඒක අපේ ගමේ ඉන්න පොලිස් අයියා කෙනෙකුට කෙස් එක කිව්වා, "ඕවා මොනවද මල්ලි, මම හෙට සල්ලි අරන් දෙන්නම්" පොර එහෙම කිව්වාම මට පියාබන්න හිතුනා.
කොහොම හරි පහුවදා මම ගියා පොර වැඩ කරන තැනට, පොර පොලිසියේ ඩ්‍රයිවරයෙක්
පොර හිටියේ නිකන් සතෙක් වගේ හරියට පොලිසියේ ක්ලීනින්ග් කරන එකෙක් වගේ. පොලිස් බල්ලෝ උට වඩා ලස්සනට හිටියා. මොනවා කරන්නද මම පොරත් එක්ක කඩේට ගියා. පොර පොලිසියේ කිව්වාම, හුක්...... ගාලා කඩේ එකාට හිනා
ගියා. කොහොම හරි කඩේ එකා කිව්වා ෆෝන් එක හදලා දෙන්නම් කියලා. පොර එහෙම හරි කරලා දෙන්න කිව්වා.
"ඕක කියන්න ද බොල තෝ මෙහෙට ආවේ?"
මම ඒක හිතින් කියාගෙන ඌත් එක්ක ගියා පොලිසියට.
මිනිහා පොලිසියේදී කියනවා ෆෝන් ඒක ඉල්ලගෙන පාරිභෝගික අධිකාරියට යන්න කියලා. මමත් මරුසියක් දාල මට්ටයාගෙන් ෆෝන් ඒක ඉල්ලගත්තා.
ෆෝන් එකත් අරන් නුවර කච්චේරියේ පාරිභෝගික අධිකාරියට ගියා. රාජ්‍ය සේවය ගැන ඉතින් අහන්නත් දෙයක් යෑ.......
එතන මිස් කෙනෙක් හිටියා.
සර් නම් එලියට ගිහින් ඔයාට උන දේ ලියලා යන්න කියලා මට කොලයක් දුන්නා.ෆෝන් නොම්බරේ ලියන්න කිව්වා. කෝල් එකක් දෙන්නම් කියලා.
මමත් කෙස් ඒක ඔක්කොම ලියලා ෆෝන් ඒක ගැන ආසාව අතරගෙන ගෙදර ගියා. ඒලංකාවේ රාජ්‍ය සේවය ගැන හොඳටම දන්න හින්දා.
එත් ගෙදර ගියාට පස්සේ මට කෝල් එකක් ආවා පාරිභෝගික අධිකාරියේ ලොක්කාගෙන්.
"මම ඔයාගේ ලියුම කියෙව්වා. ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ.මම කඩේට ගිහින් මනුස්සයාට කතා කරා. හෙට 8.30 ට මෙහෙට එන්න "
එහෙම කිව්වේ ඒ ලොක්කගේ මොබයිල් ෆෝන් එකෙන් . අම්මපා මෙහෙමත් මිනිස්සු ඉන්නවද කියලා හිතුනා එදා නම්.
මමා ගියා ලොක්කා හම්බ උනා. ආ ඔයාගේද ෆෝන් ඒක.
"මනුස්සයෝ ෆෝන් එකක් ගන්නකොට වගකීමක් තියෙන තැනකින් ගන්න දන්නේ නැද්ද. ඔච්චර ලොකු ගානක් වියදම් කරලා ඔයවගේ තැන් වලින් ඔය වගේ වටිනා දේවල් ගන්නවද? ඉස්කෝලේ ගියා නේද? මොනවද මෙච්චර කල් ඉගෙන ගත්තේ? " ප්‍රශ්න කෝටියයි...
මම මේ මනුස්සයාට කියන්නද ඉස්කෝලේ ගියාට ඉගෙන ගත්තු මගුලක් නෑ කියලා.
"මම කඩේට ගියා ඒ මනුස්සයට හොදටම බැන්නා, ඔයාට ෆෝන් එකක් ඕනෙද නැත්නම් සල්ලි ඕනෙද?" මම පැනපු ගමන් කිව්වා මට සල්ලි ඕනේ කියලා.
ඔන්න ටික වෙලාවකින් රැවුල දිග මට්ටයා ආවා. ඒකා කොහොම හරි සල්ලි දෙන්න කැමති උනා. උන් කන්නේ නැති කාලේ කියලා මාසයක් කල් ඉල්ලුවා.
මාසෙකට පස්සේ මිනිහා හම්බවෙන්න එකේ වැඩ කරන අයියා කෙනෙක් එක්ක මට්ටයාගේ කඩේට ගියා, කච්චේරිය ළඟ ඉදන් පයින්ම.
මට්ටයා කොහොම හරි රු 3000 ක් අඩුවෙන් තමා මට දෙන්න කැමති උනේ. ෆෝන් ඒක සතියක් පාවිච්චි කරා කියලා. එත් මොකද කියලා මම 20000 ක් ඉල්ලගත්තා.
සල්ලි අරගෙන උට හොද දෙකක් කියලා. කඩෙන් එලියට ආවා.
අර මනුස්සයාට කීයක් හරි දෙන්න ඕනේ, මාත් එක්ක පයින්ම ආවනේ.
මම එහෙම හිතලා මිනිහට 500 ක් දුන්නා. ඒ මනුස්සයා හිනා වෙලා කිව්වා. "අපිට ආණ්ඩුවෙන් පඩියක් ගෙවනවා කියලා. මට සල්ලි ගන්න ඕනේ නම් ඔයාට ෆෝන් ඒක අරන් දෙන්නේ නැතුව මට ලොකු ගානක් ගන්න තිබ්බා. ඕකෙන් ඔයා යන ගමන් මොනවා හරි කන්න." මම නිකන් චා උනා එතනත්.
මට්ටයාගේ කඩෙන් ගත්ත ෆෝන් එකේ කතාව එතනින් ඉවර උනා. මම සතුටින් ගෙදර ගියා. පහුවදා 1200 ෆෝන් එකක් ගත්තා.
නුවර කච්ච්චේරියේ පාරිභෝගික අධිකාරියේ මිනිස්සු ඉතාම සුහද ශීලී. මම ගිය වෙලාවේ ඉදන් හැමෝම ඉතා ප්‍රියමනාප ලෙස කතා කරා. එතන ඉදන් ෆෝන් එකේ සල්ලි ගන්නකන් ඔවුන් මාත් එක්ක හිටියා.
අම්මා තාත්තා වගේ උපදෙස් දුන්නා. මම ජීවිතේටවත් දැකලා නැති මිනිස්සු මෙහෙම උදව් කරයි කියලා හිතා ගන්න වත් බැරි උනා.
මෙහෙම අවංකව වැඩ කරන රාජ්‍ය සේවකයෝ ලංකාවේ ඉන්න ඒක ගැන පුදුම සතුටක් දැනුනා. එත් ඔවුන්ගේ අනාගත් ඉරණම කුමක් වෙයිද කියා හිතන්න අමාරුයි. මොකද මේක ලංකාව හින්දා........
ඔය නුවර තියෙන හම්බ කඩ ඔක්කොම එකයි බන්. අපෙන් සල්ලි ගසා කන්න තමා බලාන ඉන්නේ. වැරදිලාවත් රුපියල් 1000ට වැඩි ෆෝන් එකක්නම් ඒවායින් ගන්න එපා :D
ReplyDeleteකාට හරි මෙහෙම අසාධාරණයක් වෙලා තියෙනවා නම් පාරිභෝගික අධිකාරිය හරහා උපරිම සාධාරණයක් කරගන්න පුළුවන්. එත් ගොඩක් අය එහෙම දන්නේ නෑ.
ReplyDeleteඅදයි එහෙම කරන්න පුලුවන් කියලා දැනගත්තේ..වටින පෝස්‌ටුවක්..
ReplyDelete