Blogroll

Pages

Sunday, March 15, 2015

බයියන් ගැන

බයියන් යනු බයි කන අයියන්ය

බයියාගේ නිල වාහනය බයිසිකලය නම් වේ

බයියාගේ ප්‍රියතම ආහාරය බොම්බයි මොටයි වේ

බයියන් කියන ගීත බයිලා නම් වේ

බයියාගේ කැමතිම ගීතය බයි බයි බයි බයිය බබා නම් වේ

බයියා කුඩා කල ලා බයි ලෙස හදුන්වයි

නීතිය දන්නා බයියන් ලෝබයි ලෙස හදුන්වනු ලැබේ

සත්තු වත්තේ සිටිනා බයියන් සුබයි නම් වේ

බයියන් ඇලවීමය යොදාගන්නා දේ බයින්ඩ ගම් වේ

බයියන් කැමතිම සතා බයිසන් ගවයා නම් වේ

බයියාගේ කැමතිම උපකරණය බයිනෙත්තුව වේ

බයියන් අාචාර කිරීන්නේ බයි බායි කියාය

බයියන් විනාස කිරීමට යොදාගන්නා මූලද්‍රව්‍ය බයි කාබනේට් නම් වේ

Wednesday, August 7, 2013

ක්වොන්ටම් භෞතික විද්‍යාව???

මුළු විශ්වයම හැදිල තියෙන්නේ පදාරථය නැමති අංශු වලින්. මේ පදාරථයේ 99.999999999999.... ක්ම හිස් අවකාශලු

ඒ කියන්නේ මිනිහෙක්ගෙත් 99.99... ක්ම හිස් වෙන්ට එපාය

‍එහෙනම් ඇයි අපිට මේ දෙවල් හරහා ගමන් කරන්ට බැරි. මේක සිරාවටම බොරුවක්ද ඇත්තක්ද?

පදාර්ථය ශක්තිය බවටත් ශක්තිය පදාර්ථය බවටත් පත් කරන්ට පුළුවන්ද?

සෘධි බලය කියන්නේ මේ පදාර්ථය ශක්තිය බවට පත් කිරීමක්ද? 

මේ ගැන තව ටික දවසකින් දැනගමු. එතකං බලං ඉන්ටකෝ.........

Tuesday, November 13, 2012

රාවණාගේ ටොප් සීක්‍රට්

කාලෙකට පස්සේ............
කොහොමද යාලුවනේ ඉතින් පහුගිය ටිකේ එක දිගට වැඩ වලට හිර වෙලා හිටිය හින්දා බ්ලොග් එක දිහා වත් බලන්ට බැරි උනා. වැඩි කතා ඕනේ නෑ... 

අන්තිමට අපිට රාවණා රජතුමා වර තුනක් දුන්නා, එක මතක නැත්නම් මෙතනින් බලන්ට


1. මාසයක් තුල සිදුකරන රාවණාගේ නිල සංචාර වල දූත පිරිසට සහාභාගී වීම

2. රාවණාගේ අන්තඃපුරයේ සතියක් ගත කිරීමට අග බිසව හැර

 3. නල ජලය, තෙකලා විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිත   අභ්‍යවකාසයේ සුපිරි නිවසක්


ආචාර්ය මීවන පලානේ ජයරත්නයන් කියපු හැටියට එහෙම තමා සිද්ධ උනේ. 


දෙවැනි වරය ගත්තොත් යකිනියන් එක්ක බුදිය ගන්නයි වෙන්නෙ. තුන් වැනි වරයට ලැබෙන්නේ අභ්‍යවකාශයේ ඇති, වැස්ස සහ අකුණු හොඳින් ලැබෙන ගල් ගුහාවක්, රාවණ රජතුමාට තිබූ සියලුම සුපිරි නිවාස ගල් ගුහානේ. එනිසා මමනම් කැමති පළමුවැනි වරයටයි.

ඔන්න ඔය විදිහටඅපි පලවෙනි වරය තෝරාගත්තා.

හැබෑවටම රජතුමාත් ඒ ගැන ගොඩාරියක් සතුටු උනා. අපි මේ වරය තෝරගත්තු එක ගැන රජතුමා අපි ගැන ලොකු ලොකු ඇමති ලා එක්ක එහෙමත් කියල තිබ්බා. විශේෂයෙන් රාවණා රජතුමාගේ මහ ඇමති වෙච්ච මීවනයාට.

අපි එදා රෑ ෆුල් ෆන් එකක් ගත්තා. රජතුමාගේ නයිට් ක්ලබ් එකේ. උඹල ඒක දැක්ක නම් පිස්සු හැදෙනවා. ඒ වගේ නයිට් ක්ලබ් එකක් ලොවෙත් නැතුව ඇති ඕං 

පහුවදා අපි ගමනට ලක ලැහැත්ති උනා. අපිට සුපිරි ඇදුම් එහෙමත් හම්බුනා. රජතුමාගේ ගාමන්ට් ෂොප් එකේ ඕනෙම ඇදුමක් තෝරාගන්නට අපිට අවසර හම්බුනා. සීතල හින්දා මම බැටළු හමකින් හදාපු ජැකට්ටුවකුත් ගත්තා.
මම හිතුවේ අපි පළවෙනියටම අපිට පිට සක්වල පැත්තේ ටුවර් එකක් යන්ට හම්බවෙයි කියලා. මොකද රජතුමා වැඩිපුර ආස්සරේ කරේ පිට සක්වලයෝ නේ.  අපි ආරංචි කරපු හැටියට පිට සක්වලයෝ උන්ට තාක්ශනේ අරන් තියෙන්නේ අපේ රාවණ රජතුමාගෙන් ලු. එකට හරි යන්ට උන් රජතුමාගේ තාක්ෂණ ෆැක්ටරි වල වැඩ කරනවා. උන් එහෙම ට්‍රේනින් වෙලා තමා එහෙ ගිහින් පියාඹන  පීරිසි එහෙම හදන්නේ. 

ඔය මොක හැදුවත් දඬු මොනරට සමාන කරන්ට දෙයක් තිබිලා නෑ උන් ගාව

අපි පිටත් වෙන වෙලාවත් ආවා. රජතුමා ගිහින් දඩු මොනරාගේ ඉස්සරහා සීට් එකේ ඉදගත්තා. අපිත් පිටිපස්සේ සීට් වල ඉඳගත්තා. 

යන්තරේ පන ගත්තා. පිටිපස්සේ ඉන්න අය සීට් බෙල්ට් පැළඳගන්න. දඩු මොනර අපි පැත්තට ඔලුව හරවලා කිව්වා. 
රජතුමාත් සීට් බෙල්ට් දාගෙන හිටියා. අපිත් විගහට සීට් බෙල්ට් එක දාගත්තා..

ඔන්න දඬු මොනරා ඉගිලෙන්ට පටන් ගත්තා. අපි දන්නේ නෑ තාම කොහෙද යන්නේ කියලවත්. අහන්ටත් බයයි. 

පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා 
වරෙං වරෙං හුලං පොදක් අපේ ඇගේ ගෑවිලා 
කාගේත් කාගේත් පින් පල දීලා
කාටත් කාටත් දෙයියෝ දීලා..........

දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙනවා
අපටත් දවසක හඳ පායනවා 
එදා අපිත් මල් පැණියෙන් නානවා

දඬු මොනරාගේ සින්දුකය වාදනට වෙන්ට පටන් ගත්තා. ෆුහ්........ ෆට්ට නේ. මාර සවුන්ඩ්ස් පිස්සු හැදෙනවා. 5.1 සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එකක් හයි කරලා තියෙන්නේ.

ඔන්න ඔය විදිහට සින්දුවක් එහෙම අහගෙන යනකොට මොනර බිමට බාන්ට පටන් ගත්තා.

ඔබේ ධන නිධානය කියල ලොකු ඩිජිටල් බෝඩ් එකක් පෙන්ට උනා.

හුටා අපි නිධානයක් හාරන්ට වෙන්ට ඇති ඇවිල්ලා ඉන්නේ. මට ඉබේම කියා උනා. 

පිස්සුද බොල අපි ආවේ ස්වීප් ටිකට් අදින තැනකට 

හුට්ටප්පරයයි........යකෝ මුන්ට ගියපු කලක් මේ කාලෙත් ඒවා තියෙනවනේ ඈ..............

මමත් රජතුමාගෙන් අහල  දුවල දුවලා ගිහින් ටිකට් එකක් අරගත්තා, අද අදින ටිකට් එකේ පලවෙනි තෑග්ග ඇතෙක් බරට කහවනු. 

අද රජතුමා තමා දිනපු එකාගේ නම කියන්නේ. ඒ කියන්නේ ප්‍රධාන ආරාධිත අමුත්තා.

මම ගෙනාපු ටිකට් එක රජතුමාට පෙන්නුවා. ඒකේ නම දක බෝනස් හෙවත් ............ 

හාහ් හාහ් හා.................. හාහ් හාහ් හා.................... 

රජතුමා කට ඇරලා දත් තිස් දෙකම එලියට දාගෙන බක බක ගාල හිනා වෙනවා. ෙගෙම්බෙක් වගේ...

මම ඇහුවා මොකද රජතුමා කියල. 

බොට පලවෙනි තෑග්ග ඇදෙන්නේ නෑ.

හෑ............. මටත් මල පැන්නා

 අවසර රජතුමනි එහෙම කියන්නේ කොහොමද අදින්ටත් කලියෙන් 

මොකෑ බොල බැරි...........

හිටපිය මම උඹට කියාලා දෙන්නම්.

උඹේ ටිකටුවේ අංක ටික බලපං 

මෙහෙම කොරාපිය 
19-17=2
35-19=16
36-35=1
දැන් ඔය ආපු උත්තර හතරයි පලවෙනි අංකෙයි එකතු කරාපිය
2+16+1+17=36
ඔය විදිහට කරාම අනිත්ම උත්තරේ ටිකටුවේ අග අංකෙට සමාන වෙනවා නම් බොට පලවෙනි දිනුම ඇදෙන්නේ නෑ.
මම තොට ඇති විස්වාසේට මෙහෙම කියන්නේ කාටවත් කියල අහුවෙනවා එහෙම නෙවෙයි ඈ.... කියල රජතුමා මට පොඩි තර්ජනෙකුත්දැම්මා ඕං.
 මේක කියවන එකාලා කාටවත් කියනවා එහෙම නෙවෙයි ඈ. මම වසල හමාරයි.

ඔන්න ඔය විදිහට තමා අදත් සිද්ධ වෙන්නේ. එදා ඉඳන් රාවණා රජතුමාගේ රහස් තමා අදටත් පාවිච්චි කොරන්නේ. අදටත් මේක වලංගුයි. 
බොරු කියල හිතෙනවා නම් බෝලාල ගන්න මේ වගේ ටිකට් මේ විදිහට කරලා බලාපල්ලා. උඹලට දැනගන්ට පුළුවන් ටක්කෙටම පලවෙනි දිනුම ඇදෙන්වද නැද්ද කියල.

ඔන්න මේක කරලා පලවෙනි දිනුම ඇදෙන සුයිප් එක මොකද්ද කියල අහනවා එහෙම නෙවෙයි. මට ඒ රහස් නම් එලි කරන්ට බෑ. එහෙම උනොත් මාව CID එකෙන් ඇවිල්ලා කුදලාගෙන යයි ඕං ඈ........

ඊළඟට යන්නේ කොහෙටද කියල දැනගන්ට ඕනේ නම් නිතරම මේ පැත්තේ කරක් ගහල බලනවා හොඳයි.......


                       එදා අපිත් මල් පැණියෙන් නානවා

















Tuesday, October 2, 2012

රාවණාටත් හොර කරපු හැටි

වර්ගපූර්නිකාවේ ගිලී සිටින අතරේදී මනෝකාය රාවණා යුගයට ගිය ඒ අසාමාන්‍ය අත්දැකීම රාචි විසින් රචනා කරන ලද අවසන් ලිපියට රාවණා යුගයේදී සිරගත වීමි ලින්කුවෙන් බලන්න

අද එතැන් සිට...........

ඔන්න අපි ජාන වෙනස් කරගන්ට කැමති කියලා රාවණා රජතුමාට ඊමෝලක් යැව්වා. ඊට පස්සේ වෙලාවයි දිනෙකුයි එක්ක ප්‍රතිමෝලක් ආවා.

තිබ්බ අවල තමා ජාන වෙනස් කරනකොට මොකක් හරි විකෘතියක් උනොත් එක පරම්පරා ගත වෙන එක.  අපි එකට පොඩි ප්ලෑන් එකක් ගැහු
වා. අපේ ජාන සාම්පල් මාරු කරන එක.  ඒත් මෙච්චර දියුණු ආරක්ෂක පද්දතියක් තියෙන තැනක ඔය වගේ හොර වැඩක් කරන්ට පුලුවන් වෙයිද කියන එක තමා ප්‍රස්නේ උනේ.

ඔහොම කම්පනා කොර කොර ඉන්න කොට දන්නෙම නැතුව ඔන්න දිනය හා වෙලාව ආවා. ඇනෝ නම් ආරක්ෂක ලේකම් ඇවිල්ලා අපිට කොර්චොක් එකට වගේ හිනාවෙලා ඇගිල්ල ගහල ගියා. මොකද පොර ඇගිල්ල ගහන්ට ඕනේ හිරේ දොර ඇරෙන්ටත්.

දෙන්නෙක් ඇවිල්ල අපිව විද්‍යාගාරේට දැක්කුවා.

 පළවෙනියටම අපිව විෂබීජ නාශකයකින් නාවලා ඇතුලට ගත්තා.  ඊට පස්සේ වීදුරු කුටීරයක්‌ ඇතුලට යැව්වේ අධෝරක්ත කිරණ වලින් අපිව ජීවානුහරණය කරන්ට. ඒවා රාවාණෝධෝරක්ත කිරණ කියල තමා හදුන්වන්නේ.

ඊට පස්සේ අපි දෙන්නගෙන් ලේ සාම්පල් දෙකක් අරන් පරීක්ෂණ නල දෙකකට දැම්මා. ඒවා Rc හා Tt කියල සලකුණු දෙකකුත් ගහලා නල රාක්කුවේ තැන්පත් කරා.

ඊට වහාම අනෙක් රාක්කුවේ රාවණාරූපී ජාන සහිත සාම්පලේ තියෙනවා. ඒවාගේ Rr කියල අලවලා තිබ්බා.
ඔන්න දැන් තමා වෙලාව වෙනස් කරනවා නම්, අපි දෙන්නම් රාවණා විරෝධියෝ ඉතින් අපේ සාම්පලේ දෙකට බෙදල රාවණාරූපී එක හලලා අපේ ඒවා දාන එක.

ආරක්ෂක කැමරා සියල්ල සීරුවෙන්, රාවණාගේ අතිශූර විද්‍යාඥයා සියල්ල පරිගණක ගත කිරීමට සූදානං

අපිත් ගේම අතෑරියේ නෑ, අපේ උපක්‍රමේ උනේ අපි විසින් නිර්මාණය කරපු පරිගණක වයිරස කේතයක් ආරක්ෂක කැමරා පද්ධතියේ ප්‍රධාන පරිගණකයට ඇතුල් කිරීමයි. එහෙම කරත් රාවණාගේ පරිගණක ආරක්ෂක ප්‍රති වයිසර මෘදුකාංග මගින් එක තත්පර 30ක් ඇතුලත යතා තත්වයට පත් වන බැවින් තත්පර 30ක් ඇතුලත මේ හැමදේම කළයුතුව තිබ්බා.

විද්‍යාඥයා විශේෂ දොරකින් එලියට ගිහින් ඇගිලි සලකුණ තිබ්බහම තමා විද්‍යාගාරයේ විශේෂ ජෙනරෙටරේ ක්‍රියාත්මක වෙන්නේ. මෑන්ස් ටත් ඒකකරන්ට තත්පර 30 ක විතර කාලයක් ගත වෙනවා.

පොඩි හරි වැරද්දක් උනොත් ඉතින් සුං, ඒ අවදානමත් ගන්ට අපි බය උනේ නෑ.

පළවෙනියටම කරේ  මොලයෙන් නිකුත්වෙන සියුම්සංඛ්‍යාත ඩෙල්ටා තරංග මගින් ප්‍රධාන පරිගණකයට ඇතුලත් වී වයිරසය ඇතුලත් කිරීම මම කරන අතරේ ට්වයිසයා ජාන සහිත සාම්පල දෙක තත්පර 30 ඇතුලට මාරු කිරීමට ලැහැත්ති වෙලා හිටියා.


මොලයෙන් නිකුත් වෙන විවිධ සංඛ්‍යාත දරන චිත්ත තරංග 


ඩෙල්ටා තරංග මට්ටමට පත්වීමට සියුම් භාවනාවක් ප්‍රගුණ කරලා තියෙන්ට ඕනේ. මට ඒක හොදට පුරුදු හින්දා මම ඒ වැඩේට අත ගැහුවේ විනාඩියක් ඇතුලට මට ඩෙල්ටා  මට්ටමට පත් වෙන්ට පුළුවන් හින්දා.



රාවණා යුගයේදී චිත්තතරංග වලින් පාලනය කරන කොම්පීටර් තිබ්බා කියලා සුද්දෝ දැනටමත් හොයාගෙන, උණුත් ලගදීම මේක කොපි කරගෙන චිත්ත තරංග වලින් වැඩ කරන කොම්පීටරයක් හදයි. ඒ සම්බන්ද වීමට කිව්වේ සිංඥෝකයිස් කියල, ඒ මුලින්ම ඒක හොයාගත්තේ සිංඥෝ කියන රාවණානුරූපී   විද්‍යාඥයෙක් හින්දා, සුද්දෝ ඕකට Synchronized කියල දාගෙන ඉන්නේ අපේ සිංඥෝ ට කරන ගෞව්රවයක් විදිහට ලූ.

කොහොම හරි ඔය විදිහට ආරක්ෂක කැමරා සම්බන්ද වෙන ප්‍රධාන පරිගණකයට ඇතුල් වෙලා වයිරසය කේතය ඇතුල් කරා. ටකස් පපස් කයි ප්‍රතිවයිරස ආරක්ෂක මෘදුකාංගයෙන් මෙම වයිරසය ඉවත් කරන අතරේ ට්වයිසයා සාම්පල දෙක මාරු කරා.

වැඩේ හරි. දැන් අපිට රාවණා ජාන ඇතුල් වෙන්නේ නෑ. අපේ ජානම ආයේ පිටපත් වෙන්නේ.

ඔහොම ඉන්න අතරේ විද්‍යාඥයා සාම්පල දෙක පරිගණක ගත කරන්ට ලැස්ති උනා. පොර ඒක පාරටම අප්සෙට් මූඩ් එකක් ගැහුවා වගේ දැක්කා.

අපි ඉවරයි මට ඉබේම කිය උනා,

කට වහගෙන හිටපිය ගම කන්නේ නැතිව ටිවයිසයා මට ඇනලා කිව්වා.

කොහොම හරි අව්ලක් වෙලා තිබ්බේ නෑ, පොරගේ පරිගණක රීස්ටාට් වෙලා.

ඔන්න රාවණාරූපී ජාන පිටපත් කරන වෙලාවත් ආවා.


ඇත්තමට අද කාලේ ඉන්න විද්‍යාඥයෝ වගේ නෙවෙයි. ඒ මිනිස්සු මාර හොදයි අප්පා. අපි දිහාට ඇවිල්ලා අපිට එයාව අදුන්වන්ලා දුන්නා





මම මහාචාර්ය මනමේන්ද්‍ර, රාවණානුරූපී අනාගතයකට පිය තැබීමට සූදානං වන ඔබට සුබ පැතුම්.

මේක වෙන්නේ කොහොමද කියල මම ඔබට විස්තර කරන්නවා. ඊට පස්සේ අවසාන වතාවට ඔබට හිතා බැලීමට අවස්ථාව දෙනවා, ඔබ අකමැති නම් මෙය නොකර ඉන්නට පුළුවන්.

එම තීරණය ගැනීමට පෙර ඔබට උපකාරක අවස්ථා 3ක් ලැබෙනවා.

1. read the radian ඒ කියන්නේ රාවණාරූපී වූවන්ගේ අදහස් කියවීම

2. fifty fifty ඒ කියන්නේ ඔබ දෙදෙනාගෙන් කැමති කෙනෙක් පළමුව රාවණානුරූපී වූවාට පසු ඔහුගෙන් ඇසීම

3. call a radian ඒ කියන්නේ රාවනානුරූපී උන අයගේ ලැයිස්තුවෙන් කැමති කෙනෙකුට තෙලබනු ඇමතුමක් දී ඇසීම.

මෙහි ඇති විශේෂත්වට එක් අයෙකුට එකවරම මේ උපකාරක අවස්ථා තුනම භාවිත කිරීමට හැකි වීමයි.

හරි මම ඔබට පොඩි හැදින්ව්ව්මක් කරන්නම් දැන්


DNA කියන්නේ ඩිඔක්සි රයිබෝ නියුක්ලික් ඇසිඩ් කියන ඒක. රතු රුධිරානු හැර ශරීරයේ අනෙක් හැම සෛලයක්ම නිර්මාණය වීමේදී මේ ඩීඑන්ඒ මූලික වෙනවා.

මේක හරියට සර්පිලාකාර පඩිපෙලක් වගේ, මේකට ද්විත්ව හෙලික්ස  ව්‍යුහයක් කියලත් කියනවා.
මේක හැදිලා තියෙන්නේ මූලික කොටස් තුනකින්

1. සීනි = deoxyribose
2. පොලිපෙප්ටයිඩ=Phosphate
3. භෂ්ම = ඇඩිනීන් Adenine , ගුවනීන්  Guanine , තයමීන් Thymine ,     සයිටෝසීන් Cytosine

මේ ඉනිමගේ දෙපැත්ත සීනි හා පොස්පේට් එකතු වෙලා පොලිනියුක්ලියෝටයිඩ දාමයක් වගේ තියෙනවා, ඉනි මගේ පඩි භෂ්ම වලින් හැදිලා තියෙන්නේ.

අපි ඒ පඩි A,G,T,C කියල හිතමු. ඒක පඩියක් හැදෙන්ට මේ කොටස් දෙකක් ඕනේ, එහෙම කියල ඒවාට ඕනේ විදිහට සෙට් වෙන්ටත් බෑ ඒවා එකට ගලපෙන්ට ඕනේ.

A කියන ඒක ගැලපෙන්නේ T කියන එකත එක්ක
G කියන ඒක ගැලපෙන්නේ C කියන එකත් එක්ක.

sugar-
phosphate-
sugar-
phosphate-
sugar-
phosphate-
sugar-
phosphate-
...
G
A
C
T
...
|
|
|
|
|
C
T
G
A
...
sugar-
phosphate-
sugar-
phosphate-
sugar-
phosphate-
sugar-
phosphate-
...


ඒවා දුර්වල හයිඩ්‍රජන් බන්ධන වලින් එකට බැදෙනවා.














අපි දැන් කරන්ට යන්නේ ඔයාලගේ මේ වගේ DNA ටික වෙන්කරගෙන
මේ පඩි පෙළවල් දෙකට මැදින් කඩලා රාවණාරූපී DNA වල පඩිපෙළවල් දෙකට මැදින් කඩලා ඒ පඩිපෙළවල් බාහේ ඔයාලගේ පඩිපෙළවල් බාගෙට එකතු කරන ඒක, එතකොට ඔයාලගේ පඩි පෙළවල් වල පඩි රාවණානුරූපී පඩි සමඟ ගලපාගෙන සම්බන්ද වෙනවා

එතකොට ඔයාලගේ ඒක පඩිපෙළක් පඩිපෙළවල් 2ක් වෙනවා. 

ඊට පස්සේ ඔයාලගේ මුළු ඇගේම තියෙන සෛයිල මේ විදිහට වෙනස් කරනවා















එතකොට ඔයාල රාවණානුරූපී ජාන දරන රාවණාපාක්ෂිකයෝ වෙනවා

ඒත් මේ ක්‍රියාවලියේදී මොනවා හරි වැරද්දක් උනොත් ජාන විකෘති වෙන්ට පුළුවන්,  මෙය සිදු විය හැක්කේ භෂ්ම වල  වෙනස් වීමෙන් හෝ භෂ්ම මැකී යාමේදී ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල වල අනුපිලිවෙල වෙනස් වීමෙන්

මෙත් එක්ක ඔයාලට නොමිලේ දෙයක් ලැබෙනවා, ඒ ඔබ ඔබට කැමති නැත්නම් ඒ කියන්නේ ඔබ ගැන සතුටු වෙන්නේ නැත්නම්, ඔබට කැමති කෙනෙක්ගේ හිතක් ඔබට ක්ලෝනීකරණය කරන්නට පුළුවන්. ඒක හෙලුවුඩේ නළුවෙක් හරි, ගායකයෙක් හරි ඔබ කැමති ඕනෙම කෙනෙක් විය හැකි. ඔබට ඔහුගේ හිත එක්ක සමරූපීකරණය කරන්නට පුළුවන්.

ඔබට මේවගේ පූර්වාදර්ශනයක් බලන්ටත් පුළුවන්. පළවෙනියට ඔබේ තොරතුරු neck top computer හෙවත් මොළ පරිගණකයට භාගත කරනවා. එහිදී ඔබ අකමැති දේවල් තියෙනවා නම් ඔබට එහි කාල රේකාව හෙවත් time line එකට ගොස් මකා දමන්නට හෝ එය ඔබ කැමති විදිහට වෙනස් කරන්නට පුළුවන් . ඊට පස්සේ ඔබේ හිසට image fixer හෙවත් ප්‍රතිරූපකය කියන උපකරණේ සවි කරනවා, එතකොට ඔබ කැමති කෙනා ගැන ඔබ ඔහු ගැන හිතන ආකාරයට ඔබේ හිත හා සිතුවිලි කොලොනීකරණය වෙනවා.

ඕනේ ඉලව්වක් අපිට මෙතනින් පිට වෙන්ටනේ ඕනේ. ඒ හින්දා අපි එක හෙලාම මේකට කැමති උනා

ස්ථිරයිද?

ඔව ස්ථිරයි.

කොම්පුටර් ලොක් ද ආස්න්වර්...

ඊළඟට අපිට හම්බවෙන ෆ්‍රී පැකේජ එක, මොළ පරිගණකය හරහා ප්‍රතිරූපය වෙනස් කරන එක.

ඔන්න ඔහේ ඕනේ මගුලක් බං, නිකං හම්බවෙන එකනේ, ඔන්න ඔහේ ගමු බං මෙච්චර හරියක් කොරාගත්තු එකේ

මුන් දෙන්නා කාගේ ප්‍රතිරූපය කොලොන් කරගනිද? කාරුක්‌ සාන්, කමීර් ආන්, ගුන්දුල බණවර්ධන, රාටාභය ගොජපක්ෂ. අන්කන් ඩානොල්ඩ්, සාමාර කුංගකකාර, චා ආර්ය ජාමනපලානේ මීයා රත්න බ්ලා බ්ලා බ්ලා..........

ආ තව දෙයක් මෙහෙම රාවනාපාක්ෂිකයෝ වෙන එවුන වර තුනක් දෙනවා

1. මාසයක් තුල සිදුකරන රාවණාගේ නිල සංචාර වල දූත පිරිසට සහාභාගී වීම
2. රාවණාගේ අන්තඃපුරයේ සතියක් ගත කිරීමට අග බිසව හැර
3. නල ජලය, තෙකලා විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිත අභ්‍යවකාසයේ සුපිරි නිවසක්

මුන් මේ වර තුනෙන් මොකක් තොරගනීද?

Saturday, September 22, 2012

රාවණා යුගයේදී සිරගත වීමි

මෙහි පළවෙනි කොටස බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙන්න ලින්ක් එක   මනෝකාය රාවණා යුගයට  

අද එතැන් සිට...............

ජාන පිටපත පරිලෝකනය කරලා ඉවර බවට ලැබෙන සංඥාව නිකුත් උනා. ඒ සමගම රජතුමා විද්‍යාගාරය පැත්තට එනවා ටීවී කැමරා වලින් පෙනුනා. රාවණා තුමා විද්යාගාරේ ඇතුලට ඇවිල්ලා විද්‍යාඥයා එක්ක කතා කරනවා. එක පාරටම පොරට ගොඩක් තරහා ගියා වගේ මූණ අමුතු උනා. තව ටිකක් වෙලා යද්දී තරහෙන් පුපුරණ බවක් මූනේ පෙනුණා

මේකා රාවණා විරෝධියෙක්, මූ අල්ලා හිරේට දාපිය, කියලා රාවණා මාව පහු කරගෙන ගියා. 

අනේ රජතුමෝ මම එහෙම එකෙක් නෙවෙයි. මම හිරකරන්ට නම් එපා. මම මේ ලෝකේ කෙනෙක් නෙවෙයි. මම මෙහෙට වැටුනේ වැරදිලා. 

මගේ අදෝනාව රාවණා කහවනුකට වත් මායිම් කොරේ නෑ. 

මුර කාරයෝ දෙන්නෙක් මාව කුදලාගෙන ගියේ හිරේට දමන්නට



ඔන්න හිරකූඩු වල ලොක්කා හෙවත් ජේලර් වගේ කෙනක් ඈතින් එනවා දැක්කා. පොර ඇවිල්ලා හිර කූඩුව ඇරියේ, එකේ තිබ්බ ඇගිලි සලකුණු යන්ත්‍රයේ පොරගේ ඇහිල්ල තියලා. අවුරුදු  30 000 ට කලින් මේ වගේ හිර කූඩුවක් තිබ්බා කිව්වොත් කව්රුත් විශ්වාස කරන එකකුත් නෑ. හැබැයි මට ජේලර් දැකල පුරුදුයි වගේ. මම කල්පනා කර කර ඉන්නකොට මාව කූඩුවට දාල දොර වැහුවා. 

බැලින්නම් ඌ ජේලර් නවෙයි, ආරක්ෂක ලේකම් ලූ. පොර  මම දිහා බලල මූට නම් බඩු හරි කියල යන්ට ගියා. කිරි අප්පට බල්ලෝ පැනපි මේ ඇනෝ කාරයා නේ. මූ එහෙ පොර ටෝක්ස් දීගෙන ඉන්නේ මූ රාවණාගේ ආරක්ෂක ලේකම්  හින්දනේ. මට ඒ වෙලාවේ හිතුනේ මීයාත් මේ කොහේ හරි ඇති කියාලා

මම ඉතින් දුක සේ හිර කූඩුවට ගිහින් ලයිට් නිවලා කම්පනාවට වැටිලා ඉන්න ගමන්ම දන්නෙම නැතුව නින්ද ගිහින්.

උදේ එක පාරටම වහිනවා වගේ තේරුනා. මම විගහට ඇහැරිලා වටේ පිටේ බැලුවා. එත් එක්කම වැස්ස නැවතුනා. වැස්ස කිව්වට වැස්සක්ම නෙවෙයි. රාවණාගේ හිරේ ඉන්න මිනිස්සු ඇහැරවන්නේ එහෙමයි. ඊට පස්සේ ඔබට සුභ උදෑසනක් ගෑනු කෙනෙක් කියනවා ඇහුනා. 

අප්පට සිරි මේක හිර කූදුවක්ද කියල හිතුනේ ඒ වෙලාවේ. 

බිත්තියේ LCD ටීවී තිරයක් තියෙනවා. ඉස්සරහින් AC මැෂිමක් තියෙනවා. කන්නාඩි මේස, සෙන්ට් පවුඩර්, අටැච් බාත් රූම් පිස්සු හැදෙනවා අප්පා. 

මම නම් හිතන්නේ රාවණා තරම් හිරකරුවොන්ට හොඳට සලකපු මනුස්සයෙක් මේ තුන් ලෝකෙම නැතුව ඇති.




මෙසේ උඩ තිබ්බ රිමෝට් ඒකෙන ටීවී එක ඔන් කරා. ඔබට සුබ උදෑසනක්. ඔබේ උදෑසන ආහාරය තෝරාගන්න

බත් 
ඉදිආප්ප
පීට්සා
රොටී
ආප්ප 
තොසේ

සමඟ 

මස්
හොදි
බිත්තර
සම්බෝල් 


ඔන්න ඔය වගේ දිග ලිස්ට් එකක් ආවා

මම පුරුදු විදිහට බතුයි පොල් සම්බෝලුයි සෙලෙක්ට් කරා. ඒක ටච් ක්‍රමේට තමා තොරන්ට තිබ්බේ

ඔන්න ටික වෙලාවකින් පොලව යටින් මේසයක් ආවා, එකේ මගේ බ්රේක්ෆාස්ට් ඒක තිබ්බා. රෑට කාවෙත් නැති හින්දා බඩ පැලෙනකම් කෑවා.

කාලා වොෂ් එකක් දාගෙන ඉන්නකොට මට එකෙක් කෑගහන සද්දයක් ඇහුනා. උඹේ පුකට කරන්ට් ඒක අල්ලනවා කියලා.

ඌ මම හිටපු කූඩුව ඉස්සරහින් දක්කාගෙන යනවා දැක්ක. අයියෝ කහවනු, මේ think twice නේ, මූ මොකද මෙහෙ කරන්නේ. මම මෙහෙම හිත හිතා ඉන්නකොට 

හ්ම්ම් දැන් වැඩ කරන්ට ලෑස්ති වෙනවා කියල ආරක්ෂක ලේකම් හෙවත් ඇනෝ කාරයා විල්ලා ඇගිල්ල තියලා කූඩුව ඇරලා ගියා

ඊට පස්සේ හිර කාරයෝ ගොඩක් කොහෙටද දක්කන් යනවා, මමත් ඒ පස්සෙන්ම ගියා. ඒකත් එළිමහන් සිර කදවුරක් වගේ. එත් මොනවා හරි කර්මාන්තයක් වගේ තමා දැක්කේ.

කස්ටිය ඇදුම මාරු කරපු හින්දා, මමත් විගහට ගිහින් වැඩ කිට් එකක් දාගත්තා. 

මම එකෙක් ගෙන් අහුවා මේකේ මොකද කරන්නේ කියල. මේක මේ යගදා හදන කරුමාන්තයක්. එකෙකුට දවසකට යගදා ක් හදන්ට ඕනේ. 

කියල එතන වැඩ කරන එකෙක් කිව්වා.


මම නිකමට වගේ එකක් උස්සන්ට බැලුවා. අම්මෝ මොන ඉස්සිලිද මාර බරයි, මට නම් එකක් හොල්ලන්ට වත් බෑ, මේකෙන් 25ක් කොහේ හදන්ටද කියල හිතුනා.

කොහොම උනත් රොබෝලා වගේකුත් හිටියා ඒවා උස්සන්ට ඒ හින්දා වැඩේ එච්චර අමාරුවක් උනේ නෑ.

කලින් වැඩ කරලා ඉවර උනොත් අනික් එකෙකුට උදව් කරන්ට පුළුවන්, නැතිනම් කූඩුවට ගිහින් නිදාගන්ට පුළුවන්. එහෙ වැඩ එහෙමයි.


මම හවස 4 විතර වෙනකොට යගදා 15ක් විතර තමා හදල ඉවර වෙලා තිබ්බේ, එත් අනික් එවුන් කලින්ම හදල ඉවර වෙලා ගියා.

ඔය අතරේ think twice  මගේ පැත්තට ඇවිල්ලා මට මාර සප් එකක් දුන්නා පහ වෙනකොට වැඩේ ඉවර උනා.

මේ උඹ මොකද මෙහෙ කරන්නේ? මම එහෙම ඇහුවා

මම මෙහෙ තමා බං ඉන්නේ, උඹව මට නිකන් පුරුදුයි වගේ. උඹ කොහොමද මූට අහු උනේ. කියලා පොර ඇහුවත් මම කියන දේ තේරුම ගන්ට මූට බැරි වෙයි කියල හිතලා මම සද්ද නැතුව හිටියා

මේකෙන් පැනගන්ට විදිහක් නැද්ද බං?

පිස්සුද මේකෙන් පනිනවා තියා හිතන්ට වත් බෑ. පැන්නොත් ජීවිතේ අන්තිම පැනිල්ල තමා ඌ එහෙම කිව්ව්වා.

අනික බං මෙහෙ හොදයි බං, ගෙදර ඉන්නවට වඩා අර ගෑනි එක්ක ඉන්නවට වඩා මෙහෙ ඉන්න ඒක නිදහස්. 

ගොඩක් එවුන් මෙහෙන් යන්නේ නැත්තේ මෙහෙ සැප හොඳ හින්දා. සමහර එවුන් කාලයක් ඉදලා ඇති උනාම ජාන වෙනස් කරගෙන යනවා. සමහර එවුන් නම් මැරෙනකම්ම ඉන්නවා.

එහෙම කියලා බෑනේ බං, හැමදාම මෙහෙම ඉන්ට. මේකෙන් පැනගන්ට විදිහක් ඇත්තෙම නැද්ද

ඒක ක්‍රමයක් තියෙනවා

ඈ........ ඒ මොකද්ද?

ජාන වෙනස් කරගන්න එක





එහෙම කියලා ඌ යන්ට ගියා

කොහොම හරි ඔය විදිහට මම සතියක් විතර වැඩ කරා. දැන් යගදා හදන එක ගේමක් නෑ, හතර වෙනකොට වැඩේ ඉවර වෙනවා.

වැඩ ඉවර  උනාම හැමෝටම චිත්තර පටයක් බලන්ටත් පුළුවන් කැමති නම්. 

මමත් ඉතින් කලින් වැඩ ඉවර කරන්නේ පින්තූර පටිය මුල ඉදන්ම බලාගන්ට ඕනේ හින්දා.

පළවෙනියට රාවණාපින්තූර පටා ගාරයට යන්ට ඕනේ, ගිහින් පුක තියන අටුවකින් හෙවත් පුටුවෙන් වාඩි ගන්ට ඕනේ.
 පළවෙනි වතාවට යන එවුන්ට හැදින්වීමක් කරනවා. චිත්තරපට හදන නගරයක් තියෙනවා රාවණාපුරේ එකට කියන්නේ හෙලු පුරේ නැතිනම් හෙලුවුඩේ කියල. සුද්දෝ අද හොලීවුඩේ කියල නම දාගෙන ඉන්නේ මේ නම හොරකම් කරගෙන විය යුතුයි. ඉන්දියානුවන් බොලිවුඩ්, කොලිවුඩ් කියල මේ විදිහට නම දාගෙන ඉන්නේ හෙලුවූඩ යන නමෙන් කොපි කරගත්ත එකක් විය යුතුයි.





හෙලුවූඩේ ජනප්‍රිය නළු නිලියෝ ගොඩාක් ඉන්නවා. කාරුක්‌ සාන්, කල්මන් සාන්, කමීර් ආන්, දන්ජේ සත්, සීති ප්‍රින්ටා, චෝයන්කා පිප්‍රා  වගේ අයත් ටුම් ක්‍රෝස්, කෙකලස් නීජ්, ජෝන්ජලීනා ඇලී, වගේ ගොඩක් නළු නිලියෝ ඉන්නවා. ඒ අය ගැන මුලින්ම හදුනවලා දෙනවා. 

මම පළවෙනියටම බැලුවේ කාරුක්‌ සාන් නාටක කරපු රා ඕනේ බයිස්කෝප් එක. එකේ මූලික අරමුණ වෙලා තිබ්බේ රා පෙරන්නන් දිරිමත් කිරීම, ඒ වෙනකොට ලෝකේ විශාලම රා නිෂ්පාදනාගාරය තිබිලා තියෙන්නේ රාවණාට. දේශීය නිෂ්පාදන ඉහල දැමීම හා සුද්දන්ට රා පෙවීම රාවණා රජුගේ අදහස වෙලා තියෙන්නේ.

ඔය අතරේ ජාන වෙනස් කරගෙන හරි මෙහෙන් පැනගන්ට ඕනේ කියල මට හිතුනේ මම මෙහෙ එකෙක් නෙවෙයි නේ. මගේ ජාන වෙනස් කරාට මේක මගේ ඇත්තම බොඩිය නෙවෙයි හින්දා. එත් think twiceyata මේ ගැන සතියක් විතර පැහැදිලි කරලා, පොර යාන්තමට වගේ වැඩේට කැමති වෙලා හිටියේ.

කොහොම  හරි පොරත් එක්ක ජාන වෙනස් කරගන්න වැඩේට අන්තිමට සෙට් උනා.

ජාන සැලැස්ම වෙනස් කරනවා කියන එක තමා රාවණාගේ හිරෙන් නිදහස් වෙන්ට තියෙන එකම ක්‍රමේ. එතකොට ඒ මනුස්සයා රාවණා පාක්ෂිකයෙක් වෙනවා. රාවණා විරෝධී ජාන ඉස්සරහට යන්නේ නෑ. එත් ජාන විකෘති වෙන්නට පුළුවන් කියල අනතුරු ඇඟවීමක් කරනවා.

ජාන පිටපත වෙනස් කරන එකට අමතරව තව මොලේ ස්නායු සන්නිවේදනයත් වෙනස් කරනවා. මොලේ සියලු තොරතුරු neck top computer හෙවත් මොළ පරිගණකය කියන විශේෂ පරිගණකයකට තොරතුරු භාගත කරනවා, ඊට පස්සේ අතීත මතක අමතක කරවනවා. එත් හැමදේමත් නෙවෙයි.


ජාන පිටපත වෙනස් කිරීමට විශේෂ තාක්ෂණික ක්‍රමයක් තියෙනවා, ඒවා DNA extraction(වෙන්කිරීම),  duplication (රාවණා රූපී ලෙස වෙනස් කිරීම), replication,(වෙනස් කර ජාන දෙගුණ කිරීම),  multiplication (ඒවා තව දුරටත් ගුණනය කිරීම)

මෙය වර්තමාන ජාන ඉංජිනේරු විද්‍යාවේ මේ විදිහේ පියවර 4කින් සිදුකරනවා

1.DNA cleavage and isolation
2.Production and recombinant DNA
3.Cloning
4.Screening

වර්තමානයේ ජාන වෙනස් කිරීම, ජාන ඉංජිනේරු විද්‍යාව හෙවත් genetic engineering විදිහට මේ රාවණා විද්‍යාගාරයේ අවුරුදු ගණනාවකට පෙර සිදු වී ඇති අතර මොලයේ ස්නායු සන්නිවේදන ක්‍රමය වෙනස් කිරීම NLP (Neuro linguistic programming) හෙවත් ස්නායු වාග් තොරතුරු කැවීම ලෙස වර්තමාන පර්යේක්ෂකවරු සොයා ගැනීම තුල සැකයක් පවතින බවත් රාවණා යුගයේ තාක්ෂනය සුද්දන් විසින් සොරා ගෙන ඇති බවක් කීමට සමහරු පෙළඹී ඇත්තේ මේ නිසා විය හැකිය.

මේ වෙනස කරන්නේ කොහොමද? මේ වෙනස කරාට පස්සේ මේ දෙන්නට මොනවා වෙන්ට ඇද්ද?

ජාන වෙනස් කිරීම හා ස්නායු සන්නිවේදන ක්‍රමය වෙනස් කිරීම ගැන ඊළඟ පොස්ටුවෙන්, 

ප.ලි
මීවනයා විසින් මට එවාපු පිල්ලියක් වැරදීමකින් මම ගියපු බස් එකේ ඩ්‍රයිවර්ට වැදීමෙන් බස් රථය ප්‍රපාතයකට පෙරලී ගිය අතර මාගේ උකුල්පරිගණය සුන්නදූලි උන හින්දා ඊළඟ කොටස ලියන්ට ටිකක් කල් යයි ඈ.........





Saturday, September 15, 2012

මනෝකාය රාවණා යුගයට.......



මම  වර්ගපූර්නිකාවේ යටගියාව කියවමින් සිටියෙමි. කෙසේ හෝ මට නින්ද ගිහිල්ලා කියල තේරුනේ, ඔරලෝසුවේ වෙලාව 2 පමණ වූ නිසාවෙනි. මම හනිකට ගොස් ලයිට් නිවලා බුදියාගන්ට හැදුවත් ආයේ ඇද දිහා හැරිලා බැලුවේ මගේ උකුල් පරිගණකට ඇද උඩ බව මතක් උන හින්දා. 

පුදුමෙනුත් පුදුමයකි, මම ඇදේ නිදාගෙන ඉන්නවා, හොඳටම නින්ද ගිහින්. එතකොට මම?????
කළුවර වැස්සේ ගහන අකුණක් වගේ මට මතක් උනේ මගේ ඇස්ටල් බොඩි එක හෙවත් මගේ මනෝ කය ශරීරයෙන් එලියට ඇවිල්ලා කියල. මල හුට්ටප්පරයයි. ජනප්‍රවාදයේ තියෙන හැටියට මෙහෙම ගොඩක් වෙලා හිටියොත් බූතයෝ, පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ ශරීර කූඩුවට රිංගගන්නවලු. බය වැඩි කමටත් එක්කම ඊතලේ වගේ ඇවිල්ලා මම ඇදේ තිබ්බ මගේ ශරීර කූඩුවට පැන්නා.

ඒත් මම කොහෙට වැටුනද කියල හිතාගන්ට ටිකක් අමාරු උනේ ඒක පාරටම ඔක්කොම කළුවර උන හින්දා. මම දුඹුරු පාටට හුරු දිග බෝක්කුවක් වගේ වලයාකාර ගුහාවක් ඇතුලට ඇදිලා යනවා  කියල තේරුනේ ඊට ටික වෙලාවකට පස්සේ. මම වේගයෙන් කැරකි කැරකී ඒ ගුහාව දිගේ ඇතුලට වේගයෙන් ඇදිලා යනවා. මම ඉතිං හයියෙන් කෑ ගැහුවා. කෑ ගහන ගමන් මාව ඇදිලා ගිහින් අදුරු බව නැති කරමින් ආලෝකමත් උන පරිසරයකට වැටෙනවා දැනුනා. මම ඇස් ඇරලා බැලුව වට පිටාව. 

ඇස් අදහාගන්ටත් අමාරුයි. පුදුම ලස්සන පරිසරයක්. ටිකක් ඈතින් ලස්සන දිය ඇල්ලක් තියෙනවා. එතන කස්තුරි මුවෝ දෙන්නෙක්‌ වතුර බොනවා, නිල් පාට අහසේ සුදු පාට පුළුන් වලාකුළු ඒ පරිසරය තවත් ලස්සන කරනවා.  හරිත පැහැ තණතිල්ල පෑගෙනකොට පුදුමාකාර සනීපයක් දැනෙනවා, ඒ තණතිල්ල මතින් ඇවිදිමින් මම දිය ඇල්ල ලඟට කිට්ටු කරා. ඈතින් නිල්ම නිල් පාටින් ලස්සන ගංගාවක් තියෙනවා, දිය ඇල්ල ලඟට යනකොට ඇගට පුදුමාකාර සැහැල්ලුවක් දැනුනා. මම නිකන් පාවෙනවා පාවෙනවා වගේ. මම දිය ඇල්ලෙන් වතුර ටිකක් බොන්ට අත් දෙක ළං කරලා වතුර දෝතක් ගත්තා, එතකොටම තුරඟුන්ගේ හඬක්‌ ඈතින් ඇහෙන්නට උනා. ඉක්මනට වතුර ටිකක් බීලා, මම ඒ දිහාවට ගියා.

තණතිල්ල සිසාරමින් තුරඟුන් පිටින් අසුරයන් සේනාවක් වේගයෙන් මං දිහාට එනවා. මම හිතුවේ මම ඉවරයි තමා කියල. ඒත් උනේ වෙනම දෙයක්. දිය ඇල්ලේ මැද තියෙන ලොකු ගල් පොත්තක් හින්දා දිය ඇල්ල දෙකඩ වෙනවා වගේ මගේ ලගින ඇසුර සේනාව දෙකඩ වෙලා ගිහින් මාව පහු කරගෙන ගියා. හරියට උන් එකෙක් වත් මාව දැක්කේ නෑ වගේ ගියේ. මම ඒ උන් නොපෙනෙනකම් බලාගෙන ඉදලා ඉස්සරහට ගියා. ටික දුරක් යනකොට  

උඩු රැවුල වවාගත්තු රත්තරන් වලින් විලි වසාගෙන ඉන්න තේජස් වූ මනුස්සයෙක් එනවා.

මම හිතුවේ පොරටත් මාව පෙන්නේ නැතිව යයි කියල

ජදු සා ජානේ ලගා...... පාගල් බනානේ ලගා...... විසිල් එකකුත් ගහගෙන ගියා.

අස්සයා පිටින් ආපු එකා මං ළඟ නැවතුනා කියාපි. 

එම්බල නරය තෝ කොහේ යන්නේද? කියල ඇහුවා මගෙන්

මම කිව්වා ඉතිං මම මේ... මම මේ.... ආආආආඅ ......

මොකද යකෝ කෙකර ගාන්නේ, කියාපිය.

අංකල් මේ කොහෙද?

අංකල් එම්බල පිසාචය,  අංකල් යනු අං දෙකක් ඇති කාලකන්නියෙකි. මට එසේ පැවසීමට තා මොන කුම්බලාවෙක්ද?

මල හතිලව්වුවයි......

නෑ අයියේ මේ....

ඈ අයියේ...... මට හිතයි තොගේ බොටුව ගලවලා ඉස් ගෙඩියෙන් ෆුට් බෝල ගහන්ට, හැහැ..අයියේ.

අඩා බලාපිය මං දිහා, තොට ඔලු කීයක්‌ පේනවද?

එකයි....... එකයි.......

තූං විතරක්, හොඳට බලාපිය... මේ කන්නාඩි දෙක දාගෙන බලාපිය. (ඒ කන්නාඩි දෙක හරියට 3D ෆිල්ම් බලන කන්නාඩි දෙකක් වගේ)

ජොපමාල අම්මේ..... ඔළුම 10ක්‌ නේ, (මේ රා වක්කරපු නරෙන්ද්‍රයා නේ)

පස්වාන් දහසකට බුදු වන්ට දෙවියන් වහන්ස, මම දැන් දන්නවා මම ඉන්නේ කොහෙද කියල.


ආ උඹ මේ වැයික්කියට අලුත් වගේ, නැගපිය අසු පිටට.

(මේකා මගුලක් කතා කරනවා, මම කොහමද මෙච්චර උස එකෙක්ගේ පිටට නගින්නේ)

හෑ..........මෙන්න බොලේ ඇවිදින පඩි පෙළක්. මම පඩිය උඩට නැග්ගා. අස්වයාගේ පිට උඩට ගියා. පඩිපෙළ ඒක පාරටම නැති උනා.

ඔන්න දැන් මමයි රාවනයි අස්වයා පිටේ යනවා, ටක්කු... ටක්කු.... ටක්කු..

සර්....... ආ නෑ.... නෑ...... මේ රජතුමණි ඔබතුමන්ගේ දඬු මොනරා කෝ?

ඉන්නවා බොල ඌ ඊයේ මාත් එක්ක හඳට ගියා, දැන් නිදි.

(රත්තරන් දුවේ මගේ රත්තරන් දුවේ) රාවණා ගේ ජංගම තෙලබනුව නාද වෙයි.

ආ මයේ කෙල්ලේ කියාපිය. හත්වලාමයි, මේ මගුලේ බැටරි බැස්සා නේ

රාවණා නුග ගහක්‌ ලඟට ගොස් නුග කොළ දෙකක් කඩා බැටරිය චාජ් කරන්නට විය. මගේ කටේ කෙල හිදෙන කන් ෆුල් චාජ් වනතුරු මන්තර ජප කරන්නට සිද්දවිය.

ඕං ශ්‍රී රාවණා ශක්ති සද්ධිං විඣිමාහ හරිං හරිං ශ්‍රී ය

මම දැන් උඹව ගෙනියාන්නේ පරීෂනාගාරේට. උඹව හොදට පරීක්ෂා කරන්ට ඕනේ. උඹ පරගැති ඔත්තු කාරයෙක්ද කියල දන්නේ නෑ

නෑ නෑ රජතුමණි. මම බුදියාගෙන ඉන්නකොට මෙහෙට වැටුනේ. 

හාහ් හාහ් හා................... හාහ් හාහ් හා...................  හාහ් හාහ් හා...................  පිස්සු නැත්තනම් සෝක්, කට වහගෙන හිටු. මාලිගාවට යනකම්.

මාලිගාවට කිට්ටු කරයි.

අප්පට සිරි මේක මොන මාලිගාවක්ද, පිස්සු හැදෙනවනේ. මේක වටේ ඉන්න සිකුරිටි ලා කැටිය.... මයේ දෙයියෝ............

මාලිගාවේ දොර ලඟට යනකොට ඒක ඉබේම අරුනා, ඇතුලට ගියාන් පස්සේ ආයේ වැහුනා.

මම අස්සයා පිටින් බැස්සා...

හෑ............ හනුමා කයිද රොස් පාන්, රාවණා රිමෝට් ඒකෙන් අස්වයා ඔෆ් කරා. අස්වයා නැති උනා. මේක ඉන්ස්ටන්ට් ඉලෙක්ට්‍රොනික් අස්වයෙක් නේ, ඒ උනාට ඇත්තම එකෙක් වගේ. මාර තාක්සනේ ඈ.........

ඒ වෙනකොට ටිකක් රෑ වෙලා, ඒත් ලයිට් දාල නෑ. රාවණා ඇහුවා ළඟ එකෙක් ගෙන මොකද යකෝ ලයිට් දාල නැත්තේ. 

රජතුමණි පවර් ෆෙලියර් එකක්.

ඈ යකෝ බෝලාලට මම කියන්ට් ඕනෙද එකත්...... අර පූසෝ ටික මතුරලා ගනින් විගහට. 

ඒක නම් ඉතිං මගේ වෙලාව, මොකද පූසෝ මතුරන්ට වෙන්නේ කන්යාවන්ට නේ. හොක් හොක් හොක් මම හිතින් හිනා උනෙමි.

රාවණා මාව වීදුරු කුටීරයක්‌ අතුලට දැම්මා, රාවණාත් ආවා හැබැයි. ඔන්න ඒක පාරටම ලිෆ්ට් එකේ ගියා වගේ රූම් එකක් දොරක් ලඟට වැටුනා. ඒත් මොනවා උනාද කියල තේරුනේ නෑ. 

බිලාල මන්තරෙන් ජපා කරපු පූසොන්ගේ ආලෝකයෙන් මාලිගාව ඒකාලෝක වෙලා තිබ්බේ. හරියට පාට පාට බල්බ් දාල සරසපු තොරණක් වගේ,  පූසෝ මදිවට බල්ලොත් ඒක ඒක තැන වල ඉන්නවා ලයිට් දාගෙන,
එතන රාවණාගේ විද්‍යාගාරෙලු, ජෙනරෙටරේ පණ ගන්වනකම් එතන ටිකක් වෙලා ඉන්ට සිද්ද උනා. 

ටික වෙලාවකට පසු ස්වයංක්‍රීය දොර ඉබේම අරුනා. ජෙනරෙටරේ වැඩ, විද්‍යාගාරේ ඇතුලට ගියා.

වාව්. මාර විද්‍යාගාරයක්‌ නේ. පිස්සු හැදෙනවා. 

හරි උඹේ ජාන පැටිකිරිය ස්කෑන් කරන්ට ඕනේ, පලයන් අර කුටීරේට.

ඔන්න ජාන පිටපත ගන්නකම් නම් ටිකක් වෙලා තපින්ට වෙයි. මේ අතරේ මට කැමරා ටීවී වලින් පේනවා මම දන්නා එකෙක් හිර කරලා කියල. ඒත් මට හරියටම පැහැදිලිව පෙන්නේ නෑ. කව්ද මේ? ඊට පස්සේ මොකද උනේ?