Blogroll

Pages

Tuesday, October 2, 2012

රාවණාටත් හොර කරපු හැටි

වර්ගපූර්නිකාවේ ගිලී සිටින අතරේදී මනෝකාය රාවණා යුගයට ගිය ඒ අසාමාන්‍ය අත්දැකීම රාචි විසින් රචනා කරන ලද අවසන් ලිපියට රාවණා යුගයේදී සිරගත වීමි ලින්කුවෙන් බලන්න

අද එතැන් සිට...........

ඔන්න අපි ජාන වෙනස් කරගන්ට කැමති කියලා රාවණා රජතුමාට ඊමෝලක් යැව්වා. ඊට පස්සේ වෙලාවයි දිනෙකුයි එක්ක ප්‍රතිමෝලක් ආවා.

තිබ්බ අවල තමා ජාන වෙනස් කරනකොට මොකක් හරි විකෘතියක් උනොත් එක පරම්පරා ගත වෙන එක.  අපි එකට පොඩි ප්ලෑන් එකක් ගැහු
වා. අපේ ජාන සාම්පල් මාරු කරන එක.  ඒත් මෙච්චර දියුණු ආරක්ෂක පද්දතියක් තියෙන තැනක ඔය වගේ හොර වැඩක් කරන්ට පුලුවන් වෙයිද කියන එක තමා ප්‍රස්නේ උනේ.

ඔහොම කම්පනා කොර කොර ඉන්න කොට දන්නෙම නැතුව ඔන්න දිනය හා වෙලාව ආවා. ඇනෝ නම් ආරක්ෂක ලේකම් ඇවිල්ලා අපිට කොර්චොක් එකට වගේ හිනාවෙලා ඇගිල්ල ගහල ගියා. මොකද පොර ඇගිල්ල ගහන්ට ඕනේ හිරේ දොර ඇරෙන්ටත්.

දෙන්නෙක් ඇවිල්ල අපිව විද්‍යාගාරේට දැක්කුවා.

 පළවෙනියටම අපිව විෂබීජ නාශකයකින් නාවලා ඇතුලට ගත්තා.  ඊට පස්සේ වීදුරු කුටීරයක්‌ ඇතුලට යැව්වේ අධෝරක්ත කිරණ වලින් අපිව ජීවානුහරණය කරන්ට. ඒවා රාවාණෝධෝරක්ත කිරණ කියල තමා හදුන්වන්නේ.

ඊට පස්සේ අපි දෙන්නගෙන් ලේ සාම්පල් දෙකක් අරන් පරීක්ෂණ නල දෙකකට දැම්මා. ඒවා Rc හා Tt කියල සලකුණු දෙකකුත් ගහලා නල රාක්කුවේ තැන්පත් කරා.

ඊට වහාම අනෙක් රාක්කුවේ රාවණාරූපී ජාන සහිත සාම්පලේ තියෙනවා. ඒවාගේ Rr කියල අලවලා තිබ්බා.
ඔන්න දැන් තමා වෙලාව වෙනස් කරනවා නම්, අපි දෙන්නම් රාවණා විරෝධියෝ ඉතින් අපේ සාම්පලේ දෙකට බෙදල රාවණාරූපී එක හලලා අපේ ඒවා දාන එක.

ආරක්ෂක කැමරා සියල්ල සීරුවෙන්, රාවණාගේ අතිශූර විද්‍යාඥයා සියල්ල පරිගණක ගත කිරීමට සූදානං

අපිත් ගේම අතෑරියේ නෑ, අපේ උපක්‍රමේ උනේ අපි විසින් නිර්මාණය කරපු පරිගණක වයිරස කේතයක් ආරක්ෂක කැමරා පද්ධතියේ ප්‍රධාන පරිගණකයට ඇතුල් කිරීමයි. එහෙම කරත් රාවණාගේ පරිගණක ආරක්ෂක ප්‍රති වයිසර මෘදුකාංග මගින් එක තත්පර 30ක් ඇතුලත යතා තත්වයට පත් වන බැවින් තත්පර 30ක් ඇතුලත මේ හැමදේම කළයුතුව තිබ්බා.

විද්‍යාඥයා විශේෂ දොරකින් එලියට ගිහින් ඇගිලි සලකුණ තිබ්බහම තමා විද්‍යාගාරයේ විශේෂ ජෙනරෙටරේ ක්‍රියාත්මක වෙන්නේ. මෑන්ස් ටත් ඒකකරන්ට තත්පර 30 ක විතර කාලයක් ගත වෙනවා.

පොඩි හරි වැරද්දක් උනොත් ඉතින් සුං, ඒ අවදානමත් ගන්ට අපි බය උනේ නෑ.

පළවෙනියටම කරේ  මොලයෙන් නිකුත්වෙන සියුම්සංඛ්‍යාත ඩෙල්ටා තරංග මගින් ප්‍රධාන පරිගණකයට ඇතුලත් වී වයිරසය ඇතුලත් කිරීම මම කරන අතරේ ට්වයිසයා ජාන සහිත සාම්පල දෙක තත්පර 30 ඇතුලට මාරු කිරීමට ලැහැත්ති වෙලා හිටියා.


මොලයෙන් නිකුත් වෙන විවිධ සංඛ්‍යාත දරන චිත්ත තරංග 


ඩෙල්ටා තරංග මට්ටමට පත්වීමට සියුම් භාවනාවක් ප්‍රගුණ කරලා තියෙන්ට ඕනේ. මට ඒක හොදට පුරුදු හින්දා මම ඒ වැඩේට අත ගැහුවේ විනාඩියක් ඇතුලට මට ඩෙල්ටා  මට්ටමට පත් වෙන්ට පුළුවන් හින්දා.



රාවණා යුගයේදී චිත්තතරංග වලින් පාලනය කරන කොම්පීටර් තිබ්බා කියලා සුද්දෝ දැනටමත් හොයාගෙන, උණුත් ලගදීම මේක කොපි කරගෙන චිත්ත තරංග වලින් වැඩ කරන කොම්පීටරයක් හදයි. ඒ සම්බන්ද වීමට කිව්වේ සිංඥෝකයිස් කියල, ඒ මුලින්ම ඒක හොයාගත්තේ සිංඥෝ කියන රාවණානුරූපී   විද්‍යාඥයෙක් හින්දා, සුද්දෝ ඕකට Synchronized කියල දාගෙන ඉන්නේ අපේ සිංඥෝ ට කරන ගෞව්රවයක් විදිහට ලූ.

කොහොම හරි ඔය විදිහට ආරක්ෂක කැමරා සම්බන්ද වෙන ප්‍රධාන පරිගණකයට ඇතුල් වෙලා වයිරසය කේතය ඇතුල් කරා. ටකස් පපස් කයි ප්‍රතිවයිරස ආරක්ෂක මෘදුකාංගයෙන් මෙම වයිරසය ඉවත් කරන අතරේ ට්වයිසයා සාම්පල දෙක මාරු කරා.

වැඩේ හරි. දැන් අපිට රාවණා ජාන ඇතුල් වෙන්නේ නෑ. අපේ ජානම ආයේ පිටපත් වෙන්නේ.

ඔහොම ඉන්න අතරේ විද්‍යාඥයා සාම්පල දෙක පරිගණක ගත කරන්ට ලැස්ති උනා. පොර ඒක පාරටම අප්සෙට් මූඩ් එකක් ගැහුවා වගේ දැක්කා.

අපි ඉවරයි මට ඉබේම කිය උනා,

කට වහගෙන හිටපිය ගම කන්නේ නැතිව ටිවයිසයා මට ඇනලා කිව්වා.

කොහොම හරි අව්ලක් වෙලා තිබ්බේ නෑ, පොරගේ පරිගණක රීස්ටාට් වෙලා.

ඔන්න රාවණාරූපී ජාන පිටපත් කරන වෙලාවත් ආවා.


ඇත්තමට අද කාලේ ඉන්න විද්‍යාඥයෝ වගේ නෙවෙයි. ඒ මිනිස්සු මාර හොදයි අප්පා. අපි දිහාට ඇවිල්ලා අපිට එයාව අදුන්වන්ලා දුන්නා





මම මහාචාර්ය මනමේන්ද්‍ර, රාවණානුරූපී අනාගතයකට පිය තැබීමට සූදානං වන ඔබට සුබ පැතුම්.

මේක වෙන්නේ කොහොමද කියල මම ඔබට විස්තර කරන්නවා. ඊට පස්සේ අවසාන වතාවට ඔබට හිතා බැලීමට අවස්ථාව දෙනවා, ඔබ අකමැති නම් මෙය නොකර ඉන්නට පුළුවන්.

එම තීරණය ගැනීමට පෙර ඔබට උපකාරක අවස්ථා 3ක් ලැබෙනවා.

1. read the radian ඒ කියන්නේ රාවණාරූපී වූවන්ගේ අදහස් කියවීම

2. fifty fifty ඒ කියන්නේ ඔබ දෙදෙනාගෙන් කැමති කෙනෙක් පළමුව රාවණානුරූපී වූවාට පසු ඔහුගෙන් ඇසීම

3. call a radian ඒ කියන්නේ රාවනානුරූපී උන අයගේ ලැයිස්තුවෙන් කැමති කෙනෙකුට තෙලබනු ඇමතුමක් දී ඇසීම.

මෙහි ඇති විශේෂත්වට එක් අයෙකුට එකවරම මේ උපකාරක අවස්ථා තුනම භාවිත කිරීමට හැකි වීමයි.

හරි මම ඔබට පොඩි හැදින්ව්ව්මක් කරන්නම් දැන්


DNA කියන්නේ ඩිඔක්සි රයිබෝ නියුක්ලික් ඇසිඩ් කියන ඒක. රතු රුධිරානු හැර ශරීරයේ අනෙක් හැම සෛලයක්ම නිර්මාණය වීමේදී මේ ඩීඑන්ඒ මූලික වෙනවා.

මේක හරියට සර්පිලාකාර පඩිපෙලක් වගේ, මේකට ද්විත්ව හෙලික්ස  ව්‍යුහයක් කියලත් කියනවා.
මේක හැදිලා තියෙන්නේ මූලික කොටස් තුනකින්

1. සීනි = deoxyribose
2. පොලිපෙප්ටයිඩ=Phosphate
3. භෂ්ම = ඇඩිනීන් Adenine , ගුවනීන්  Guanine , තයමීන් Thymine ,     සයිටෝසීන් Cytosine

මේ ඉනිමගේ දෙපැත්ත සීනි හා පොස්පේට් එකතු වෙලා පොලිනියුක්ලියෝටයිඩ දාමයක් වගේ තියෙනවා, ඉනි මගේ පඩි භෂ්ම වලින් හැදිලා තියෙන්නේ.

අපි ඒ පඩි A,G,T,C කියල හිතමු. ඒක පඩියක් හැදෙන්ට මේ කොටස් දෙකක් ඕනේ, එහෙම කියල ඒවාට ඕනේ විදිහට සෙට් වෙන්ටත් බෑ ඒවා එකට ගලපෙන්ට ඕනේ.

A කියන ඒක ගැලපෙන්නේ T කියන එකත එක්ක
G කියන ඒක ගැලපෙන්නේ C කියන එකත් එක්ක.

sugar-
phosphate-
sugar-
phosphate-
sugar-
phosphate-
sugar-
phosphate-
...
G
A
C
T
...
|
|
|
|
|
C
T
G
A
...
sugar-
phosphate-
sugar-
phosphate-
sugar-
phosphate-
sugar-
phosphate-
...


ඒවා දුර්වල හයිඩ්‍රජන් බන්ධන වලින් එකට බැදෙනවා.














අපි දැන් කරන්ට යන්නේ ඔයාලගේ මේ වගේ DNA ටික වෙන්කරගෙන
මේ පඩි පෙළවල් දෙකට මැදින් කඩලා රාවණාරූපී DNA වල පඩිපෙළවල් දෙකට මැදින් කඩලා ඒ පඩිපෙළවල් බාහේ ඔයාලගේ පඩිපෙළවල් බාගෙට එකතු කරන ඒක, එතකොට ඔයාලගේ පඩි පෙළවල් වල පඩි රාවණානුරූපී පඩි සමඟ ගලපාගෙන සම්බන්ද වෙනවා

එතකොට ඔයාලගේ ඒක පඩිපෙළක් පඩිපෙළවල් 2ක් වෙනවා. 

ඊට පස්සේ ඔයාලගේ මුළු ඇගේම තියෙන සෛයිල මේ විදිහට වෙනස් කරනවා















එතකොට ඔයාල රාවණානුරූපී ජාන දරන රාවණාපාක්ෂිකයෝ වෙනවා

ඒත් මේ ක්‍රියාවලියේදී මොනවා හරි වැරද්දක් උනොත් ජාන විකෘති වෙන්ට පුළුවන්,  මෙය සිදු විය හැක්කේ භෂ්ම වල  වෙනස් වීමෙන් හෝ භෂ්ම මැකී යාමේදී ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල වල අනුපිලිවෙල වෙනස් වීමෙන්

මෙත් එක්ක ඔයාලට නොමිලේ දෙයක් ලැබෙනවා, ඒ ඔබ ඔබට කැමති නැත්නම් ඒ කියන්නේ ඔබ ගැන සතුටු වෙන්නේ නැත්නම්, ඔබට කැමති කෙනෙක්ගේ හිතක් ඔබට ක්ලෝනීකරණය කරන්නට පුළුවන්. ඒක හෙලුවුඩේ නළුවෙක් හරි, ගායකයෙක් හරි ඔබ කැමති ඕනෙම කෙනෙක් විය හැකි. ඔබට ඔහුගේ හිත එක්ක සමරූපීකරණය කරන්නට පුළුවන්.

ඔබට මේවගේ පූර්වාදර්ශනයක් බලන්ටත් පුළුවන්. පළවෙනියට ඔබේ තොරතුරු neck top computer හෙවත් මොළ පරිගණකයට භාගත කරනවා. එහිදී ඔබ අකමැති දේවල් තියෙනවා නම් ඔබට එහි කාල රේකාව හෙවත් time line එකට ගොස් මකා දමන්නට හෝ එය ඔබ කැමති විදිහට වෙනස් කරන්නට පුළුවන් . ඊට පස්සේ ඔබේ හිසට image fixer හෙවත් ප්‍රතිරූපකය කියන උපකරණේ සවි කරනවා, එතකොට ඔබ කැමති කෙනා ගැන ඔබ ඔහු ගැන හිතන ආකාරයට ඔබේ හිත හා සිතුවිලි කොලොනීකරණය වෙනවා.

ඕනේ ඉලව්වක් අපිට මෙතනින් පිට වෙන්ටනේ ඕනේ. ඒ හින්දා අපි එක හෙලාම මේකට කැමති උනා

ස්ථිරයිද?

ඔව ස්ථිරයි.

කොම්පුටර් ලොක් ද ආස්න්වර්...

ඊළඟට අපිට හම්බවෙන ෆ්‍රී පැකේජ එක, මොළ පරිගණකය හරහා ප්‍රතිරූපය වෙනස් කරන එක.

ඔන්න ඔහේ ඕනේ මගුලක් බං, නිකං හම්බවෙන එකනේ, ඔන්න ඔහේ ගමු බං මෙච්චර හරියක් කොරාගත්තු එකේ

මුන් දෙන්නා කාගේ ප්‍රතිරූපය කොලොන් කරගනිද? කාරුක්‌ සාන්, කමීර් ආන්, ගුන්දුල බණවර්ධන, රාටාභය ගොජපක්ෂ. අන්කන් ඩානොල්ඩ්, සාමාර කුංගකකාර, චා ආර්ය ජාමනපලානේ මීයා රත්න බ්ලා බ්ලා බ්ලා..........

ආ තව දෙයක් මෙහෙම රාවනාපාක්ෂිකයෝ වෙන එවුන වර තුනක් දෙනවා

1. මාසයක් තුල සිදුකරන රාවණාගේ නිල සංචාර වල දූත පිරිසට සහාභාගී වීම
2. රාවණාගේ අන්තඃපුරයේ සතියක් ගත කිරීමට අග බිසව හැර
3. නල ජලය, තෙකලා විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිත අභ්‍යවකාසයේ සුපිරි නිවසක්

මුන් මේ වර තුනෙන් මොකක් තොරගනීද?

13 comments:

  1. වර්ගපුර්නිකාව තව දුරටත් .............. @ බඩ අල්ලන

    ReplyDelete
  2. aniwa 2 tamai tora ganne!!!!!!!

    ReplyDelete
  3. යකෝ මේ රාචිය තමයි වර්ගපූර්ණිකාව ලියන්නෙ. මේ බ්ලොග් දෙකම එකම කාලෙ වහල එකම දිනයේ නැවත ලිපි දානව. පුලුවන්නම් මේක පල කරපන් රාචි. කොහොම වුනත් උඹ මාට්‍ටු වෙලා ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඒක අහඹු සිදුවීමක් විය හැකී, සැකය වැරදී......

      Delete
  4. දෙවැනි වරය ගත්තොත් යකිනියන් එක්ක බුදිය ගන්නයි වෙන්නෙ. තුන් වැනි වරයට ලැබෙන්නේ අභ්‍යවකාශයේ ඇති, වැස්ස සහ අකුණු හොඳින් ලැබෙන ගල් ගුහාවක්, රාවණ රජතුමාට තිබූ සියලුම සුපිරි නිවාස ගල් ගුහානේ. එනිසා මමනම් කැමති පළමුවැනි වරයටයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, ඒ විදිහට බලනකොට වටිනාකම වැඩි පලවෙනි එක තමා

      Delete
  5. මට නම් මේවා දරුණු වැඩිද මන්ද..:)

    ReplyDelete
    Replies
    1. මේවා ඇත්ත, බයෝ කරපු කෙනෙක් ගෙන් ටිකක් අහල බලන්ට කෝ. බයෝ හොයාගත්තේ මුලින්ම රාවනාලු

      Delete
    2. [[මට නම් මේවා දරුණු වැඩිද මන්ද]]

      දැක්කනේ, ඔබ බය වෙලා. ඔබ වගේ එදා හිටපු හෙළයොත් මෙම විද්‍යාවට බය වුණ නිසා තමයි "බයෝ" යනුවෙන් මෙම විද්‍යාවට රාවණා රජතුමා නම තැබුවේ.

      එසේම රාවණ සමයේදී විද්‍යාව හැඳින්වූයේ "ස්‍ය" නමින්. "නස්‍ය කිරීම" හෙවත් විද්‍යාත්මක නොවන ක්‍රමයකට (න+ස්‍ය) යමක් භාවිතා කිරීම ඊට එක් උදාහරණයක්.

      පසුව පර සුද්දන් එය "ස යන්සය" ලෙස වැරදියට හෙළ පුස්කොළපොත් වලින් කියවා සයන්ස හෙවත් සයන්ස් ලෙස වර නැගුවා.

      Delete
  6. දෙවැනි වරේ නම් ටොප් නේ බන්. මම හිටියනම් ගණන්වා. යකෝ දැන් මීය තමන්ගේ බ්ලොග් එක ලියන්නේ නැතිව අනුන්ගේ ඒවාට කොමෙන්ට් දානවා නේද?

    ReplyDelete