Blogroll

Pages

Wednesday, August 31, 2011

නිමාවක ඇරඹුම...

හද පෙලන හැඟුමේ සොදුරු ස්වරය නුඹම විය
නිහැඩියාවක් හදවතේ මේතරම් කිසිදාක නොහැගුණි....
මේ ගමේ මෙතරම් පාළුවක් කිසිදාක නොදැනුනි
ගම තුළ මෙතරම් තනිකමක් කිසිදාක නොහැඟීණි

අතීතය වර්තමානය අනාගතය තුළ අතරමං වී
හදවතේ ගීතය ගොළුවෙලා වගේ
සොදුරු ස්වරයේ ගීය නුඹ විය
හදවතට එරෙහි වී වෙනව ගියමුත්...

හදවතින්ම සුබපතනවා ඔබට  මම
ආදර ගීතය අදින් නිමා නිමා වුව...
HAVE A HAPPY WEDDED LIFE!!!
MY DEAR FRIEND 


Wednesday, August 10, 2011

අපි නොදන්න යටි හිත 2

මේ පිළිබඳව මගේ කලින් පොස්ට් එකේ තිබ්බේ සොෆ්ව්වෙයා එකක් මගින්  ෆ්ලෑෂ් වෙන වචන සහිත පණිවිඩයක් යටි හිතට යවන ක්‍රමයක්‌ ගැන.

ඒ සොෆ්ට්වෙයා එක සල්ලි දීලා තමා ගන්න ඕනේ වෙලා තිබ්බේ. එත් එකෙ ක්‍රැක් ෆයිල් එකක් තිබ්බ හින්දා හොරට දාගන්න පුළුවන් උනා.

එත් සමහර අයට ක්‍රැක් එක ගැන සැකයක් තිබ්බා. එක ඩෙස්ක්ටොප් ෂෙයාරින් එකක් කියල. නැත්නම් වයිරස් එකක් කියල. ගොඩක් වෙලාවට ක්‍රැක් ෆයිල් එකක් වයිරස් එකක් විදිහට තම හදුනාගන්නේ.

සමහර අය මේ දේවල් විශ්වාස කරනවා සමහර අය නෑ. මොනවා උනත් මගේ වෙනසක් කරමු කියල පොස්ට් එක බැලුවම කාටවත් අවුලක් වෙන එකක් නෑ. හොදක් වෙන්න ඕනේ අයට හොදක් වෙයි.
මම දැන් කියන්න යන්නේ ක්‍රැක් නැති නොමිලේ ලැබෙන මෙවැනිම මෘදුකාංගයක් ගැන.
මේකේ තියෙන විශේෂත්යව තම අපිට වීඩියෝ, ඕඩියෝ, චායාරූප, සහ වචන යන ආකාර වලින් මෙය මොනිටරය මත ධාවනය වීම.
දාර්ශනිකයන් හා විද්‍යාඥයන් කියන විදිහට අපේ යටි හිතට පණිවිඩ දෙන්න ලේසිම සහ වඩාත්ම ප්‍රතිපල දායිම  ක්‍රමය තමා රූප මගින් අපේ අරමුණු සහ බලා පොරොත්තු ඉදිරිපත් කිරීම.
එම නිසා මෙයින් ඔයාල රූප මගින් හා වචන මගින් බලාපරොත්තු ඉරිරිපත් කරගෙන නිකන් තියෙන මොනිටරයෙන් මොනවා හරි සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්.
සබ්ලිමිනල් ෆ්ලෑෂ් සහ සබ්ලිමිනල් ඉමේජස්  ආකාර වලින්  
මටත් මේක මගේ මේ සම්බන්ධව පලවෙනි පොස්ට් එක දැම්මට පස්සේ තම හම්බඋනේ. හොදම හැකියා තියෙන පරිගණක වල තිරයේ කිසිවක් දක්නට නොලැබුනත් සමහර අඩු හැකිය සහිත පරිගණක වල යමක් ධාවනය වන බව පැහැදිලිව පෙනෙන්න පුළුවන්. දවසකට පැයක හරි මේක රන් කරත් අව්ලක් නෑ.
මේ ගැන හොද නරක ගැන කියල අදහස් දක්වපු යාළුවෝ හැමෝටම ස්තුති වන්ත වෙනවා. එමගින් නොමිලයේම ලබා දෙන අනර්ඝ මෘදුකාංගයක් හොයාගන්නට පුළුවන් උනා. මේ පිළිබඳව වැඩි විස්තර සඳහා පහල ලින්කුවේ ඇති වීඩියෝව බලන්න.
ඉතින් කැමති අය ඉන්නවනම් මෙන්න බඩු

මෙතනින් බාගන්න 


http://www.mydesktoptherapist.com/

Sunday, August 7, 2011

පාඩම් කරන අයට මයින්ඩ් මැප්

මයින්ඩ් මැප් මගින් පහසු මතකයක් සහ පහසුවෙන් විභාග සමත් වීමට....
මයිඩ් මැප් කියන්නේ ඉතා ප්‍රබල  සහ සරල තොරතුරැ සාරාංශ කිරීමේ ක්‍රමයක්.  මාතෘකා එකට සම්බන්ධ කිරීම්, වර්ණවත් අකුරු, ප්‍රස්තාර හා රූපරාමු මගින්  හා මුලික අකුරු මගින් ඔබේ මතකය ප්‍රබල කරගැනීමට උදව් වෙනවා.
සියලුම තොරතරු ඔබට එක් ස්ථානයකට ගෙන ඒමට පුළුවන් ඒ වෙගේම ඔබට හොද ඉගෙනුම් රටාවක් ගොඩනගා ගැනිඉමට පුළුවන්.
එක් කුඩා පින්තුරයකින් හෝ විශේෂ වචනයකින් ඔබට ඉතා වැදගත් සහ කරුණු ගණනාවක් එකවර මතක තියාගන්න පුළුවන්.
මෙය භාවිතා කිරීමෙන් මතකට වැඩි වන ක්‍රම 8 ක් ගැන පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා. 


1. අවධානය වැඩිවීම
2. ශිෂ්‍ය දින දර්ශනය මගින් බාහිර මතකයයන් වර්ධයනය කරනවා.
3. අර්ථවත් බව වැඩිකරනවා
4. පින්තුර මගින් වඩා පැහැදිලිව මතක හිටිනවා
5. අවම ඉඩ ප්‍රමාණයක් බාවිතා වෙනවා
6. සක්‍රිය ලෙස ක්‍රියා කරනවා
7. ප්‍රශ්න කිරීම පහසු වෙනවා
8. පහුණු වීමට ඇති කාලය වැඩි වෙනවා

මයින් මැප් මගින් මෙම කරුණු ඔස්සේ ඔබේ මතකට දියුණු වෙනවා
නෝවා මයින් ටූල් මගින් ඔබට මයින් මැප් සාදා ගැනීමට පුළුවන්.
මේ පිළිවදව ඔබට ගැටළුවක් පවතී නම
rachithah@gmail.com හෝ
https://www.facebook.com/

පණිවිඩයක් එවන්න. ඉගෙන ගන්න නංගිලා මල්ලිලා හැමෝටම ජය වේවා.......

මෙතනින් බාගන්න




Friday, August 5, 2011

වෙනසක් කරමු?

ආධ්‍යාත්මයට චිකන් සුප් වෙතිනි...


අපේ මිතුරෙක් ඉර බසින යාමයකදී බීච් එක දෙසට යමින් සිටියා. ඔහු තරමක් දුර ඇවිද යන විට ඈත සිටින තවත් මිනිසෙකු දුටුවා. ඔහු තව ටිකක් ලං වන විට දේශීය මිනිසෙක් බිමට පහත් වී යමක් රැගෙන නැවැත වතුරට විසි කරන බව දුටුවා. නැවත නැවතත් ඔහු ඒ දෙය වේගයෙන් මුහුදට විසිකරන බව දුටුවා
අපේ මිතුරා තව ටිකක් ලං උනා. ඔහු දැක්කා එම මිනිසා තාරකා මාළුවන් අල්ලාගෙන නැවත වතුරේ ගිල්වා රැගෙන  නැවත වතුරටම විසි කරන බව.
අපේ යාලුවට මේක ලොකු ප්‍රශ්නයක් උනා. ඔහු එම මිනිසා ලගට කිට්ටු වී මෙහෙම කිව්වා. "සුභ සන්ද්‍යාවක් යාළුවා. මම බැලුවේ මේ ඔය මොකද්ද කරන්නේ කියලා. "
"මම මේ තාරකා මාළුවෝ මුහුදට විසි කරනවා.  ඔයාට පේනවනේ දැන් මුහුදේ රළ ගොඩක් අඩුයි. මේ තාරකා මාළුවෝ වෙරළට ගසාගෙන එනවා. මම මම මෙයාලව මුහුදට විසි කරේ නැත්නම් එයාල ඔක්සිජන් නැතුව මැරෙනවා"
"මට තේරුණා" මගේ යාළුවා උත්තර දුන්නා. එත් මුදුදේ තාරකා මාළුවෝ ලක්ෂ ගණක් ඉන්නවා. ඔයාට පුලුවන්ද මේ ඔක්කොම මුහුදට දාන්න. එක ටිකක් ගොඩක්ම අමාරු දෙයක්. අනික ඔයා දන්නවනේ මේ අවට තව මේ වගේ තැන් ගොඩක් තියෙනවා. ඉතින් ඔයා කරන්න යන වෙනස ඔයාට කරන්න බැරි බව තේරෙනවා නේද?
දේශීය මිනිසා සිනා සෙමින්, බිමට නැමිලා තව තාරක මාලුවෙක් අල්ලගත්තා. ඊට පස්සේ ඒ මනුස්සයා තාරකා මලුවැව මුහුදට විසි කරා. ඊට පස්සේ ඔහු මෙහෙම කිව්වා. "ඒ තාරක මළුවාට වෙනසක් ඇති කරා!"

ක්‍රෝම් වලට සිංහල

ගූගල් ක්‍රෝම් වල සිංහලෙන් වැඩ කරන්න පුළුවන්. මේක සිංග්ලිෂ් වගේ උනාට සින්හලිෂ් වලට වැඩ ටිකක් වැඩියෙන් තියනවා. ඒ කියන්නේ සිංහලෙ වචන ඉබේ සම්පූර්ණ වෙන ලිස්ට් එකක් එනවා.
මේකෙන් ක්‍රෝම් වල විතරක් නෙවෙයි, ගිණි නරියාගේ, නෝට් පෑඩ් එකේ, වර්ඩ් වල වගේ වෙනත් ඒවා සදහාත් භාවිතා කරන්න පුළුවන්
language tool bar  ඒකෙන EN එක SI ලෙස වෙනස් කරන්න ඕනේ.
Ctrl+G  යතුරු මගින් භාෂා දෙක අතර මාරු වෙන්න පුළුවන්

මෙතනින් බාගන්න
http://www.4shared.com/file/pWmBfXJg/googlesinhaleseinputsetup.html?