Blogroll

Pages

Thursday, October 27, 2011

minimum 40 WPM වේගයෙන් ටයිප් කරන්න.

ගේමක් නැතුව ටයිප් කරන්න....... 


පරිඝණක භාවිතා කරන හැමෝටම කී බෝබ් එකත් එක්ක අනිවාර්යයෙන්ම වැඩ කරන්න වෙනවා. කී බෝඩ් ඒක පහසුවෙන් හසුරවන්න පුළුවන් වෙන්න ඕනේ.
මේ සඳහා ටයිප් කරන වේගය ගොඩක් වැදගත් වෙනවා. විශේෂයෙන් බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ට.qwerty කී බෝඩ් එක විතරක් පුරුදු වෙන එක සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකටම දැන් ප්‍රමාණවත් වෙනවා. මොකද දැන් අපිට ඉංග්‍රීසියෙන් ටයිප් කරන දේවල් සිංහලට පරිවර්තනය වෙනවා. සිංග්ලිෂ් විදිහට.
ඉතින් අපි වේගයෙන් ටයිප් කරන්න පුරුදු උනොත් අපේ කාලය වගේම මහන්සියත් බොහෝ සේ ඉතුරු වෙනවා. වේගයෙන් ටයිප් කරන ඒක ඉතා පහසුයි. විශේෂයෙන් අපි යතුරු පුවරුව දිහා නොබලා ටයිප් කරන්න පුරුදු උනාම කළුවරේ උනත් ඕනේ දෙයක් ටයිප් කරන්න පුළුවන් නේ... ලොල්... :D


මගෙත් කලින් ටයිප් කිරීමේ වේගය ඉතාම පහල මට්ටමක තිබ්බේ. අකුරක් හොයාගන්න ගොඩක් වෙලා යනවා.


මම මේ වගේ ටයිප් කරන්න කියල දෙන මෘදුකාංගයක් භාවිතා කරලා වේගයෙන් ටයිප් කරන්න පුරුදු උනා.
දැන් මට සිංහල හා ඉංග්‍රීසි අඩුම විනාඩියකට වචන 40 ක් වත් ටයිප් කරන්න පුළුවන්.


මම ගොඩක් මෘදුකාංග මේ සඳහා අත්හදා බැලුවා. මට ඉතාම පහුවෙන් නිවැරදිව ඉගෙන ගන්න පුළුවන් කියල හිතුනේ මෙන්න මේකෙන්


ඉතින් ඔයාලටත් වේගයෙන් ටයිප් කරන්න ඉගෙන ගන්න ඕනේ නම් පහලින් තියෙන මෘදුකාංගය ලබා ගන්න.



Mavis Beacon Teaches Typing Platinum

 මෙතනින් බාගන්න



Sunday, October 23, 2011

බ්ලොග් එකක් ලියන්න......

මම ඔන්ලයින් හෙල්ප් එකේ පොස්ට් එකක් දැම්ම නිකන් ඉන්න වෙලාවට කරන්න තියෙන හොඳම දේ මොකද්ද කියලා. ඒකට ගොඩක් උත්තර ලැබුනා. 
එත් කොපි කඩේ කුරුං ගුරුං තමා කිව්වේ බ්ලොග් එකක් ලියපන් කියලා. මෙලෝ දෙයක් ලියන්න නැතුව හිටියේ එත්. මොකද මම කැමති නෑ කාගේවත් ඒවා කොපි කරලා දාගන්න. මට හිතුනා එක හොඳ අදහාසක් කියලා. එක හින්දා තමා මගේ බ්ලොග් ඒකට GOOD IDEA කියලා නම දැම්මේ............
කොහොම හරි මොන මොනවා හරි ලිව්වා. ඇත්තටම මම ලියපුවා වැඩක උනත් නැතත් බ්ලොග් එකක් නිකමට හරි ලියපු ඒකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එත් මම දාපු සමහර පොස්ට් ගොඩක් දෙනෙක් බලල තිබ්බා. ඒ ගැන නම් සතුටුයි. මොකද මම ගොඩක් වෙලාවට දාන්න උත්සාහ කරේ කාට හරි වැඩක වෙන දෙයක්. ඉදලා හිටලා ඔය වැඩකට නැති දෙයක් දැම්මට. 
මොනවා උනත් මගේ බ්ලොග් එකේ ෆලෝවස්ලා අඩුයි කියලා වත්. බලන ගැන අඩුයි කියලා වත් කිසිම අව්ලක් නෑ. මොකද මම මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තු නිසා. 
උදව් කරපු යාළුවො හැමෝටම ස්තුතියි. විශේෂය්නේ දිසද ගුරුගේ සහෝදරයාට....

Tuesday, October 18, 2011

මොහොතක් සිතන්න........

ජල බලයෙන් ලෙඩ රෝග සුව කිරිමෙ ප්‍රාතිහාර්ය

ජපානයේ "ලෙඩ රෝග පිලිබඳ සංගමය" නම් ආයතනය ජලය පානය කිරිමෙන් නිදන්ගත වු සහ සුව නොවු රෝග සුව කිරිම පිලිබඳ සාර්ථක අත්හදාබැලිමක් කර 100% ප්‍රතිඵල ලබගන්න පිලිවෙලක් ඉදිරිපත් කර ඇත.

අනුව සුවකළ හැකි වු රෝග මෙසේය.
1.     අධික රුධිර පීඩනය, නීරක්තිය (ලේ අඩුකම, ලේ වල රක්තානු අඩු බව ) වත රක්තය, අංශභාගය, අධික හෘද ස්පන්දනය, අපස්මාරය, අති ස්ථුලතාවය(තරබාරු බව )
2.     කැස්ස උගුරේ අසදන, ඇදුම, ක්ෂයරෝගය, මොලයේ උණ, අක්මාව හා මුත්රාශ රෝග.
3.     අධි අම්ලතාවය, උදර වාතය, ලේ අතීසාරය, මලබද්ධය, දීයවැඩියාව, අර්ශස්.
4.     සියලුම ඇස් රෝග, අක්රමවත් මාස ශුද්ධිය, මුත්රා මාර්ගයේ පිළිකා.
5.     ඇසේ, කනේ හො දත්වල රෝග.

ප්‍රතිතිකාර ක්‍රමය
උදෑසන පිබීදෙන්න. දත් මැදිමට පෙර මිලී ලිටර් 160 බැගින් උනුකර නිවගත් මද උණුවතුර වීදුරු 4 ක් (බෝතල් 1ක්) බොන්න. ඉන්පසු වීනඩි 45ක් යනතුරු දියර හො ඝන කිසිම ආහාරයක් නොගත යුතුය. ඉන්පසු සමන්යය ආහාර ගත හැකිය. කෑම වේල් 3කට පසු පැය 2ක් යන තුරු කිසිම කෑමක් බීමක් නොගත යුතුයි. රෝගී හො මහළු අයට එකවර වීදුරු 4ක් බීමට අපහසුනම් ටිකෙන් ටික නියමිත ප්‍රමාණය දක්වා එය දියුණු කළ හැකිය.
මෙම ප්රතිකාරයෙන් රෝගීන් සුවපත් වන බවත්, නිරෝගී අයගේ තත්වය ආරක්ෂා වන බවත්, සහතික කොට කිව හැකිය.

පරීක්ෂණ වලින් ඔප්පු වී ඇති ආකාරයට රෝග සුව විමට ගත වන කලය මෙසේය.
) රුධිර පීඩනය - දින 30යි        ) උදර වාතය - දින 10 යි
) දියවැඩියාව - දින 30යි           ) මලබද්ධය - දින 10 යි
) පිළිකාව - මාස 06 යි             ) ක්ෂය රෝගය - මාස 03 යි

වාත රෝග (ආතරයිටීස් ) රොගයෙන් පෙළෙන අය දිනකට 3 වරක් බැගින් සතියක් මෙය කළ යුතුයි. ඉන්පසු කළයුත්තේ දිනකට වරකි. මෙයින් කිසිම අතුරු ආබධයක් ඈති නොවේ. මුල් දින කිහිපය තුල වැඩි වාර ගණනක් මුත්රා කිරීමට සිදුවේ.
අළුයම අවදිවු විට කෙළගසා කට නොසොදා උනුකර මදක් රස්නයට නිවාගත් වතුර බෝතලයක් (මිලි ලීටර් 640 ක්) බඳුනකට දමා දෙ අතට ගෙන වාඩි වන්න. පාවහන් ඉවත් කරන්න. දෙඇස් පියගන්න.දැන් ජලයට බල පිහිටවන්න.


බුද්ධ රත්නයේ අනන්ත ගුන බලයෙන්
ධම්ම රත්නයේ අනන්ත ගුන බලයෙන්
සංඝ රත්නයේ අනන්ත ගුන බලයෙන්
සියළුම බොසත්වරුන්ගේ රත්නයේ අනන්ත ගුන බලයෙන්
දෙමව්පියන්ගේ රත්නයේ අනන්ත ගුන බලයෙන්
ශ්‍රී මහා බොධින් වහන්සේගේ පිහිටෙන්
ශ්‍රී දළඳා වහන්සේගේ පිහිටෙන්
සියළුම දෙවියන්ගේ පිහිටෙන්
මා කරගත් සියලු කූසල් වල බලයෙන් මෙය මට
බෙහෙතක් වේවාබෙහෙතක් වේවාබෙහෙතක් වේවා
මේයින් මා නිදුක්වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා! දීර්ඝායු වේවා!
මාගේ ශරීරයේ ඇති සියලුම රෝග මේ බෙහෙතෙන්ම සුවපත් වෙවා!

දැන් වතුර බිමට පටන්ගන්න. විනාඩි 10ක් හෝ ගෙන බඳුන හිස්කරාට වරදක් නැත. වතුර බොන අතර තමනට ඇති සියළුම රෝග මෙනෙහි කර ඒවා සුව වේවායි සිතන්න. වතුර බි පැයක් ගත වන තුරු  කිසිම බීමක් හෝ කැමක් නොගන්න. පැයකට පසු උදය තේ බොන්න.

මෙසේ දින 10ක් කරන විට ශරීරයේ බර ගතිය අඩු වුවා සේ දැනේ. එතැන් සියළු රෝග සුව විමට පටන් ගනී. යළි එම රෝග හෝ කිසියම් රෝගයක් නොවැළඳි ශරීරය ඇතුලත ඇති සියළුම ඉන්ද්‍රියන් අලුත් වැඩියා වේවි. එමගින් වයස්ගත වීම ප්‍රමාද වේවි.ක්‍රමයෙන් තරුන බවට පත් වේවි.සම පැහැපත් වේවි. බෝහෝ කලයක් ජිවත් විමට වාසනවන්ත අයෙක් වෙවි.

ඩබ්ලිව් ඒ. පී. වසන්ත මහත
ඉන්දාරාමය, තන්තිරිමුල්ල පනදුර.
038 22 34 675




හපුඅච්චිගේ සොමා පෙරේරා විසින් දෙමව්පියන්ට නිවන් සුව පිනිස ධර්ම දානය ලෙස බෙද දේ.    

........................................................................................................
මෙහි ඇති සත්‍ය හෝ අසත්‍ය බව මා නොදනිමි, නමුත් අපි යම් දෙයක් කියන විට එම සංඛ්‍යාතය විශ්වටය එකතු වෙනවා. ඒ වගේම අපේ හඬින් එය ජලයට කිව්වොත්. එම සංඛ්‍යාතයෙන් එම ශක්තීන් ජලයටද එකතු වනවා. පිරිත් පැන් වල යම් කිසි බලයක් සත්‍ය වශයෙන්ම පවතිනවා, එසේ සිදු වන්නේ එම ශක්ති තරංග ජලයට එකතු වී එවා අප පානය කර පසු එම ශක්තිය නැවත අපේ ශරීරයට අවශෝෂණය වීමෙන්. ජලයට ශක්තිය උරා ගැනීමේ විශිෂ්ඨ බලයක් පවතින බව විදයාඥයන් සොයාගෙන තියෙනවා. විශ්වයට සංඛ්‍යාතයක් තියෙනවා. අපට පෙනෙන දැනෙන සංඛ්‍යාතයක් තියෙනවා. ඊට වඩා වැඩි හෝ අඩු සංඛ්‍යාත අපට නොපෙනෙනවා, නොදනේන්නවා, නොඇසෙනවා. නමුත් විශ්වයේ එම සංඛ්‍යාත පවතිනවා.  නමුත් විශ්වයේ මෙම සංඛ්‍යාත පවතිනවා. උසස් මනස තල වල සිටින මිනිසුන්ට මෙම සංඛ්‍යාත සමඟ අනුනාදය වීමට හැකි වෙනවා. එයින් ඔවුන්ගේ බලය හා ශක්තිය විශ්වයේ සංඛ්‍යාතයට සමරුපී වීමෙන් ඔවුන්ට සාමාන්‍ය මිනිසුන්ට වඩා යම් යම් දේවල් දැනෙනවා. පිරිත් වලින් එහි ස්වරයෙන් එහි වචන වලින් මෙම උසස් සංඛ්‍යාත තල සමඟ අනුනාදය වීමට පටන් ගන්නවා. පිරිත් වතුර වල මෙම ශක්තිය ගැබ්ව පවතිනවා.  නමුත් කාලයත් සමඟ එම බලය අඩු වෙනවා, නැවත විශ්වයේ පවතින සාමාන්‍ය සංඛ්‍යාතයෙන් එහි අණු හා පරමාණු කම්පනය වීමට පටන් ගන්නවා.  මෙසේ එක් වරක් පිරිත් පැන් පානය කිරීමෙන් අපේ ශරීරයට යම් කිසි ජවයක් ලැබෙනවා, නමුත් එය නැවත සාමාන්‍ය සංඛ්‍යාතයට හැරෙනවා. එවිට එම ජීවය අඩු වෙනවා. නමුත් හැමදාම මෙහෙම කරොත්, අපි අපේ ධනාත්මක සිතුවිලි හා ජීව ශක්තිය ජලයට එකතු කරලා නැවත එය පානය කරොත් අනිවාර්යෙන්ම ශරීරයට යම් කිසි ජීවයක් ලැබීම නම් අනිවාර්යයෙන්ම සිදු වෙනවා. මෙයට ප්ලැස්බෝ බලපෑම (placebo effect) කියලා කියනවා. ඒ ශරීරයේ තියෙන සුපිරි රෝග සුව කිරීමේ ශක්තියයි..... 


IDM එක්ක ඉක්මනින් බාගන්න......

Internet Download Manager (IDM) මගින් ඕන දෙයක් ඉතා පහසුවෙන් බාගන්න පුළුවන් මෘදු කාංගයක්. එත් ඒක දවස් 30 කින් පස්සේ සල්ලි දීලා ගන්න ඕනේ වෙනවා.
පහලින් තියෙන key gen ඒක මගින් IDM එකේ ඕනේ version එකක් ජීවිත කාලෙටම සක්‍රිය කරගන්න පුළුවන්.
මෙතනින් බාගන්න