Blogroll

Pages

Tuesday, April 17, 2012

අසම්මත වූ ආදරයක, ආදර කවිය අනූ......



ආදරය ගැන කතා ලෝකේ හැම තැනින්ම ඇහෙනවා, කෙනෙකුට ආදරේ වේදනාවක් විදිහටත් තවත් කෙනෙකුට ආදරේ සතුටක් විදිහටත් දැනෙනවා. ආදරය ගැන ලියවෙන ගොඩක් දේවල් ආදරේ වේදනාව ගැන ලියවෙන්නේ, ඒ වේදනාව ගැන ලියන තමන්ගේ ආදර කතාව ලෝකේ තියෙන වේදනාත්මකම කතාව කියල හිතන්නේ, ආදරේ හින්දා ලෝකේ වැඩියෙන්ම දුක්‌ විඳින කෙනා තමන් කියල හිතන්නේ. ඒ මතකය අමතක වෙන්න, ඒ මතකයේ ගැගීම අමතක වෙන්න මැරෙන්න වෙයි කියල හිතන්නේ ආදරේ හින්ද දුක්‌ විඳින අය.

ආදරේ ගැන මම අහපු සංවේදීම කතාව...

මේක අහම්බෙන ෆේස් බුක් එකේදී උන දෙයක්. ගෘප් චැට් එකක මම චැට් කරකර ඉන්නකොට මගේ අදහස් වලට ගොඩක් දෙනෙක් අකමැති උනා. අදහස් වලට කිව්වට කියපු වචන වලට. හ්ම්ම්... එයාල කිව්වේ මෙතන ගෑනු ළමයි ඉන්න හින්දා ඕවා කියන්න එපා කියල, කොහොම හරි මාව ඒ ගෘප් ඒකෙන් අයින් කරනවා කිව්වා. ඕනේ මඟුලක් කියල මමත් සද්ද නැතුව හිටියා. ඒත් එක ගෑනු ළමයෙක්‌ මට කතා කරා. ඒක ටිකක් අමුතු දෙයක් වගේ පෙනුනත් මම හිතුවේ කෙල්ලෙක්ගෙනමකින් ඉන්න කොල්ලෙක්ගේ ෆේක් එකක් කියල. මම එයාට අනු කියන්නම්.

කොහොම හරි මාව ඒ ගෘප් ඒකෙන අයින් කරා.ඊට පස්සේ අනු මගේ යාලුවෙක් උනා, ටික කාලයක් යනකොට එයා ෆේක් නෙවෙයි කියල තේරුනා. කොහොම හරි ඊයේ මට නින්ද ගියේ නෑ. මොකද දවල් දවසම කන පැලෙන්න නිදාගත්තු හින්දා. නින්ද යන්නේ නැති හින්දා පාන්දර 1 ට විතර බුකිය පැත්තේ ආව. අනු ඉන්නවා. ඇත්තටම හිටියේ අනු විතරයි.

කම්මැලි හින්දා මම එයාගේ බ්ලොග් ඒක කියෙව්වා. හ්ම්ම් ආදර කතාවක් තවත්.ඒක ටිකක් අමුතුයි කියල තේරුණා හින්දා මම එයත් එක්ක ඒ ගැන කතා කරා. කුඩු වලට වගේම වෙන වෙන ජරා වැඩ වලට පුරුදු වෙලා ඉන්න කොල්ලෙකුට කෙල්ලෙක් දැන දැනම ආදරේ කරයිද? එහෙම කරන කෙල්ලෝ ඉන්න්නවනම් එක්කෝ නොතේරුම් කමට, නැත්නම් මෝඩ කමට.අනුත් එයාට ආදරේ කරා. ඒ නොතේරුම් කමට වත් මෝඩ කමට වත් නෙවයි. එකයි මෙතන තිබ්බ වෙනස් දේ. ඒ අද කාලේ කෙල්ලෙක් නොකරන දෙයක් කරන්න. කොල්ලෙක් ජීවිතයක් ඉල්ලුවාට පස්සේ හැම දෙයක්ම අමතක කරලා ඒ කොල්ලට ජීවිතයක් දෙන්න.


 දරුවෙක් වැරදි දෙයක් කරනවට දෙමව්පියෝ කැමති වෙන්නේ නෑ.

අනු කරන මේ මෝඩයි කියල හිතෙන වැඩේට මොන අම්මෙක් අප්පෙක් වත් සහෝදරයෙක් වත් කැමති වෙන්නේ නෑ.

එත් අනු ගෙදරින් එයාව නොමරා මරද්දීත් ආදරයක් නොලැබුන කෙනෙකුට ජීවිතේ දෙන අදහස අත් ඇරියේ නෑ. මේක වැරද්දක්ද නැද්ද කියල නම් මම දන්නේ නෑ.

"ආදරේ පරිත්‍යාගයක්"

අනු එක්ක කතා කරනකොට එහෙමයි තේරුනේ. ඇත්තම අනු හිතපු දේ හරි ගියා, කොල්ලට ජීවිතයක් ලැබුණා. එයා නරක පුරුදු වලින් ඈත් උනා. හොඳ මනුස්සයෙක් උනා. ආදරේ බලය මේ ලෝකේ තියෙන ලොකුම බලයක්.

හැමදේම ආදරෙත් එක්ක වෙනස් උනා. කොල්ල රස්සාවක් කරා, අනු කරපු දේ අපතේ ගියේ නෑ කියල අනුට එදා හිතෙන්න ඇති.ඒත් කාලයත් එක්ක හැම දේම වෙනස් වෙනවා.

කොල්ල රස්සාවට ගියාට පස්සේ පරණ පුරුදු වලට ආයේ පුරුදු වෙන්න යන බව අනුට කිව්වට පස්සේ එයා ආයෙත් එයාගේ ආදරේ බලයෙන් එයාව ඒකෙන ඈත් කරා.

පොඩි කාලේදී දෙමව්පියන්ගේ ආදරේ නොලැබුනාම දරුවෝ අයාලේ යන්නේ, කොල්ලෙක්ට නම අම්මගේ ආදරේ තියෙනවා නම් ඕනෙම දුකක් විඳගෙන ජීවිතේ ජයගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා.

දෙමව්පියෝ දරුවන්ගේ සතුට වෙනුවෙන් ඕනෙම දෙයක් කැප කරන්න සූදානම්. එත් සමහර තමන්ගේ සතුට ගැන හිතන සමහර දෙමව්පියෝ දරුවෝ මේ ලෝකෙට බිහි කරලා කුණු කූඩෙට දාන කතාත් අපට නොඇසේනවාම නොවෙයි.

මේ කොල්ලටත් අම්ම කෙනෙක් හිටියා. එත් ඒ අම්ම හිටියේ රට. අඩුම ගානේ පුතා මොනවද කරන්නේ කියල වත් හොයල බලපු නැති අම්ම කෙනෙක් මොකද ඒ පුතා ඒ තරම් නරක දේවල් වලට ඇබ්බැහි වෙලා හිටපු හින්දා.

එත් මෙයා රස්සාවක් කරන හොඳ කොල්ලෙක් උනාට පස්සේ අම්මටත් පුතා ගැන ආදරයක් ඇති උනා. අම්ම ඇවිල්ල පුතාව එයා හිටපු රටට එක්කන් ගියා.

කොහොම හරි ඔහොම කාලයක් යනකොට මේ කොල්ලා අනුව රවට්ටන්න පටන් ගත්තා. කලින් හැමදේම කියල සමාව ගත්තා ආයේ ඒ වැරදි නොකරනවා කියල පොරොන්දු උනා. එත් ඒ කොල්ල අනුව රවට්ටන්න පටන් ගත්තා.

එයා වෙන කෙනෙක් එක්ක යාලු වෙලාලු. මොකද ඒ කොල්ලගෙන් ලැබුනේ ආදරේ විතරයි. මොන දේ ඉවසුවත් ඒ ආදරෙවත් අඩුමතරමේ වෙන කෙනෙක් එක්ක බෙදාගන්නවා දකින්න එයා ආස උනේ නෑ. කොහොම හරි අනු ඒ දේ දැනගත්තට පසේඒක නවත්තනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ. කිසිම කෙනෙක් මේ වගේ දෙකට සමාව දෙන්නේ නෑ. ඉතින් ඒ ආදර කතාව එතනින් ඉවර උනා.

මේක තවත් එක ආදර කතාවක් විතරයි. එත් මට දවසක් පුරාවටම හදවතට දැනුන දෙයක් තිබ්බා. ඒ මගේ ජීවිතේදී කෙල්ලෙක් කියපු සංවේදීම, වැඩියෙන්ම දුක හිතෙන වචන ටික ඇහුවේ එදා රෑ හින්දා. ගොඩාක් තරම් ආදර කතා කියවල තිබ්බත්, අහල තිබ්බත්මේ වචන ටික ඇහුවට ඒක මතක්‌ උන හැම වෙලාවේම පුදුම දුකක් දැනුනා. එයාලගේ ආදර කතාව සතුටින් ඉවර උනා නම් එකේ කිසිම දුකක් නෑ.

ඒත්........ ඒ මේ වචන ටික හදවතින්ම කිව්වේ, හිතල මතල නෙවෙයි, ප්ලෑන් කරලා නෙවෙයි හදවතින්ම. .....

"මට අදටත් එයා මගේ ආදරේ කරපු කොල්ල නෙවෙයි. මම හැදුව දරුවෙක්. මම ඉපද්දුවේ නෑ එයාව ඒත් එයා ඉල්ලුව ජීවිතේ එදා මම එයාට දුන්නා"

කෙනෙක් වෙනුවෙන් කරන කැප කිරීමක් ගොඩක් වටිනවා. සමහර මිනිස්සුන්ට තව කෙනකුට මොනවා හරි හොඳ දෙයක් කරාම දැනෙන සතුට වෙන කිසිම දෙකින් දැනෙන්නේ නෑ. ඒත් ඒ දේවල් වලින් දුකක් ඇති වෙනවානම් එහෙම දේවල් කෙනෙක් කරන්නේ නෑ. කිසිම කෙනෙක් දැන දැනම අමාරුවේ වැටෙන්න කැමති නෑ. ඒත් ජීවිතේට අවදානමක් අරන් දෙයක් කරන්න ඉදිරිපත් වන්නේ කලාතුරකින්. විශේෂයෙන්ම කෙල්ලෙක්. නොතේරුම් කමට වත් මෝඩ කමටවත් නොව මනුෂත්වය වෙනුවෙන් ඒ කරපු කැප කිරීම ගොඩාක් අගය කරනවා. ඒත් මේකේ අවසානය ආදරේනම ඉවර උනා නම් අද ඔයා කොච්චර සතුටු වෙයිද?
මම මේ වෙනකම් මෙහෙම කෙල්ලෝ අද කාලේ ඉන්නවා කියල විශ්වාස කරේ නෑ. ඒත් එහෙම එක කෙල්ලෙක් හරි අදුර ගන්න ලැබීම ගැන ගොඩාක් සතුටු වෙනවා.

මනුෂ්‍යත්වයට ජය වේවා!!!

2 comments:

  1. thawa kenekge dukak oyata me widiyata danuna eka godak watinawa.
    මනුෂ්‍යත්වයට ජය වේවා!!!

    ReplyDelete
  2. mageth as walata kadulu awa machan,..paw...ehema karanna hoda naa kaatawath...

    ReplyDelete