Blogroll

Pages

Saturday, September 22, 2012

රාවණා යුගයේදී සිරගත වීමි

මෙහි පළවෙනි කොටස බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙන්න ලින්ක් එක   මනෝකාය රාවණා යුගයට  

අද එතැන් සිට...............

ජාන පිටපත පරිලෝකනය කරලා ඉවර බවට ලැබෙන සංඥාව නිකුත් උනා. ඒ සමගම රජතුමා විද්‍යාගාරය පැත්තට එනවා ටීවී කැමරා වලින් පෙනුනා. රාවණා තුමා විද්යාගාරේ ඇතුලට ඇවිල්ලා විද්‍යාඥයා එක්ක කතා කරනවා. එක පාරටම පොරට ගොඩක් තරහා ගියා වගේ මූණ අමුතු උනා. තව ටිකක් වෙලා යද්දී තරහෙන් පුපුරණ බවක් මූනේ පෙනුණා

මේකා රාවණා විරෝධියෙක්, මූ අල්ලා හිරේට දාපිය, කියලා රාවණා මාව පහු කරගෙන ගියා. 

අනේ රජතුමෝ මම එහෙම එකෙක් නෙවෙයි. මම හිරකරන්ට නම් එපා. මම මේ ලෝකේ කෙනෙක් නෙවෙයි. මම මෙහෙට වැටුනේ වැරදිලා. 

මගේ අදෝනාව රාවණා කහවනුකට වත් මායිම් කොරේ නෑ. 

මුර කාරයෝ දෙන්නෙක් මාව කුදලාගෙන ගියේ හිරේට දමන්නට



ඔන්න හිරකූඩු වල ලොක්කා හෙවත් ජේලර් වගේ කෙනක් ඈතින් එනවා දැක්කා. පොර ඇවිල්ලා හිර කූඩුව ඇරියේ, එකේ තිබ්බ ඇගිලි සලකුණු යන්ත්‍රයේ පොරගේ ඇහිල්ල තියලා. අවුරුදු  30 000 ට කලින් මේ වගේ හිර කූඩුවක් තිබ්බා කිව්වොත් කව්රුත් විශ්වාස කරන එකකුත් නෑ. හැබැයි මට ජේලර් දැකල පුරුදුයි වගේ. මම කල්පනා කර කර ඉන්නකොට මාව කූඩුවට දාල දොර වැහුවා. 

බැලින්නම් ඌ ජේලර් නවෙයි, ආරක්ෂක ලේකම් ලූ. පොර  මම දිහා බලල මූට නම් බඩු හරි කියල යන්ට ගියා. කිරි අප්පට බල්ලෝ පැනපි මේ ඇනෝ කාරයා නේ. මූ එහෙ පොර ටෝක්ස් දීගෙන ඉන්නේ මූ රාවණාගේ ආරක්ෂක ලේකම්  හින්දනේ. මට ඒ වෙලාවේ හිතුනේ මීයාත් මේ කොහේ හරි ඇති කියාලා

මම ඉතින් දුක සේ හිර කූඩුවට ගිහින් ලයිට් නිවලා කම්පනාවට වැටිලා ඉන්න ගමන්ම දන්නෙම නැතුව නින්ද ගිහින්.

උදේ එක පාරටම වහිනවා වගේ තේරුනා. මම විගහට ඇහැරිලා වටේ පිටේ බැලුවා. එත් එක්කම වැස්ස නැවතුනා. වැස්ස කිව්වට වැස්සක්ම නෙවෙයි. රාවණාගේ හිරේ ඉන්න මිනිස්සු ඇහැරවන්නේ එහෙමයි. ඊට පස්සේ ඔබට සුභ උදෑසනක් ගෑනු කෙනෙක් කියනවා ඇහුනා. 

අප්පට සිරි මේක හිර කූදුවක්ද කියල හිතුනේ ඒ වෙලාවේ. 

බිත්තියේ LCD ටීවී තිරයක් තියෙනවා. ඉස්සරහින් AC මැෂිමක් තියෙනවා. කන්නාඩි මේස, සෙන්ට් පවුඩර්, අටැච් බාත් රූම් පිස්සු හැදෙනවා අප්පා. 

මම නම් හිතන්නේ රාවණා තරම් හිරකරුවොන්ට හොඳට සලකපු මනුස්සයෙක් මේ තුන් ලෝකෙම නැතුව ඇති.




මෙසේ උඩ තිබ්බ රිමෝට් ඒකෙන ටීවී එක ඔන් කරා. ඔබට සුබ උදෑසනක්. ඔබේ උදෑසන ආහාරය තෝරාගන්න

බත් 
ඉදිආප්ප
පීට්සා
රොටී
ආප්ප 
තොසේ

සමඟ 

මස්
හොදි
බිත්තර
සම්බෝල් 


ඔන්න ඔය වගේ දිග ලිස්ට් එකක් ආවා

මම පුරුදු විදිහට බතුයි පොල් සම්බෝලුයි සෙලෙක්ට් කරා. ඒක ටච් ක්‍රමේට තමා තොරන්ට තිබ්බේ

ඔන්න ටික වෙලාවකින් පොලව යටින් මේසයක් ආවා, එකේ මගේ බ්රේක්ෆාස්ට් ඒක තිබ්බා. රෑට කාවෙත් නැති හින්දා බඩ පැලෙනකම් කෑවා.

කාලා වොෂ් එකක් දාගෙන ඉන්නකොට මට එකෙක් කෑගහන සද්දයක් ඇහුනා. උඹේ පුකට කරන්ට් ඒක අල්ලනවා කියලා.

ඌ මම හිටපු කූඩුව ඉස්සරහින් දක්කාගෙන යනවා දැක්ක. අයියෝ කහවනු, මේ think twice නේ, මූ මොකද මෙහෙ කරන්නේ. මම මෙහෙම හිත හිතා ඉන්නකොට 

හ්ම්ම් දැන් වැඩ කරන්ට ලෑස්ති වෙනවා කියල ආරක්ෂක ලේකම් හෙවත් ඇනෝ කාරයා විල්ලා ඇගිල්ල තියලා කූඩුව ඇරලා ගියා

ඊට පස්සේ හිර කාරයෝ ගොඩක් කොහෙටද දක්කන් යනවා, මමත් ඒ පස්සෙන්ම ගියා. ඒකත් එළිමහන් සිර කදවුරක් වගේ. එත් මොනවා හරි කර්මාන්තයක් වගේ තමා දැක්කේ.

කස්ටිය ඇදුම මාරු කරපු හින්දා, මමත් විගහට ගිහින් වැඩ කිට් එකක් දාගත්තා. 

මම එකෙක් ගෙන් අහුවා මේකේ මොකද කරන්නේ කියල. මේක මේ යගදා හදන කරුමාන්තයක්. එකෙකුට දවසකට යගදා ක් හදන්ට ඕනේ. 

කියල එතන වැඩ කරන එකෙක් කිව්වා.


මම නිකමට වගේ එකක් උස්සන්ට බැලුවා. අම්මෝ මොන ඉස්සිලිද මාර බරයි, මට නම් එකක් හොල්ලන්ට වත් බෑ, මේකෙන් 25ක් කොහේ හදන්ටද කියල හිතුනා.

කොහොම උනත් රොබෝලා වගේකුත් හිටියා ඒවා උස්සන්ට ඒ හින්දා වැඩේ එච්චර අමාරුවක් උනේ නෑ.

කලින් වැඩ කරලා ඉවර උනොත් අනික් එකෙකුට උදව් කරන්ට පුළුවන්, නැතිනම් කූඩුවට ගිහින් නිදාගන්ට පුළුවන්. එහෙ වැඩ එහෙමයි.


මම හවස 4 විතර වෙනකොට යගදා 15ක් විතර තමා හදල ඉවර වෙලා තිබ්බේ, එත් අනික් එවුන් කලින්ම හදල ඉවර වෙලා ගියා.

ඔය අතරේ think twice  මගේ පැත්තට ඇවිල්ලා මට මාර සප් එකක් දුන්නා පහ වෙනකොට වැඩේ ඉවර උනා.

මේ උඹ මොකද මෙහෙ කරන්නේ? මම එහෙම ඇහුවා

මම මෙහෙ තමා බං ඉන්නේ, උඹව මට නිකන් පුරුදුයි වගේ. උඹ කොහොමද මූට අහු උනේ. කියලා පොර ඇහුවත් මම කියන දේ තේරුම ගන්ට මූට බැරි වෙයි කියල හිතලා මම සද්ද නැතුව හිටියා

මේකෙන් පැනගන්ට විදිහක් නැද්ද බං?

පිස්සුද මේකෙන් පනිනවා තියා හිතන්ට වත් බෑ. පැන්නොත් ජීවිතේ අන්තිම පැනිල්ල තමා ඌ එහෙම කිව්ව්වා.

අනික බං මෙහෙ හොදයි බං, ගෙදර ඉන්නවට වඩා අර ගෑනි එක්ක ඉන්නවට වඩා මෙහෙ ඉන්න ඒක නිදහස්. 

ගොඩක් එවුන් මෙහෙන් යන්නේ නැත්තේ මෙහෙ සැප හොඳ හින්දා. සමහර එවුන් කාලයක් ඉදලා ඇති උනාම ජාන වෙනස් කරගෙන යනවා. සමහර එවුන් නම් මැරෙනකම්ම ඉන්නවා.

එහෙම කියලා බෑනේ බං, හැමදාම මෙහෙම ඉන්ට. මේකෙන් පැනගන්ට විදිහක් ඇත්තෙම නැද්ද

ඒක ක්‍රමයක් තියෙනවා

ඈ........ ඒ මොකද්ද?

ජාන වෙනස් කරගන්න එක





එහෙම කියලා ඌ යන්ට ගියා

කොහොම හරි ඔය විදිහට මම සතියක් විතර වැඩ කරා. දැන් යගදා හදන එක ගේමක් නෑ, හතර වෙනකොට වැඩේ ඉවර වෙනවා.

වැඩ ඉවර  උනාම හැමෝටම චිත්තර පටයක් බලන්ටත් පුළුවන් කැමති නම්. 

මමත් ඉතින් කලින් වැඩ ඉවර කරන්නේ පින්තූර පටිය මුල ඉදන්ම බලාගන්ට ඕනේ හින්දා.

පළවෙනියට රාවණාපින්තූර පටා ගාරයට යන්ට ඕනේ, ගිහින් පුක තියන අටුවකින් හෙවත් පුටුවෙන් වාඩි ගන්ට ඕනේ.
 පළවෙනි වතාවට යන එවුන්ට හැදින්වීමක් කරනවා. චිත්තරපට හදන නගරයක් තියෙනවා රාවණාපුරේ එකට කියන්නේ හෙලු පුරේ නැතිනම් හෙලුවුඩේ කියල. සුද්දෝ අද හොලීවුඩේ කියල නම දාගෙන ඉන්නේ මේ නම හොරකම් කරගෙන විය යුතුයි. ඉන්දියානුවන් බොලිවුඩ්, කොලිවුඩ් කියල මේ විදිහට නම දාගෙන ඉන්නේ හෙලුවූඩ යන නමෙන් කොපි කරගත්ත එකක් විය යුතුයි.





හෙලුවූඩේ ජනප්‍රිය නළු නිලියෝ ගොඩාක් ඉන්නවා. කාරුක්‌ සාන්, කල්මන් සාන්, කමීර් ආන්, දන්ජේ සත්, සීති ප්‍රින්ටා, චෝයන්කා පිප්‍රා  වගේ අයත් ටුම් ක්‍රෝස්, කෙකලස් නීජ්, ජෝන්ජලීනා ඇලී, වගේ ගොඩක් නළු නිලියෝ ඉන්නවා. ඒ අය ගැන මුලින්ම හදුනවලා දෙනවා. 

මම පළවෙනියටම බැලුවේ කාරුක්‌ සාන් නාටක කරපු රා ඕනේ බයිස්කෝප් එක. එකේ මූලික අරමුණ වෙලා තිබ්බේ රා පෙරන්නන් දිරිමත් කිරීම, ඒ වෙනකොට ලෝකේ විශාලම රා නිෂ්පාදනාගාරය තිබිලා තියෙන්නේ රාවණාට. දේශීය නිෂ්පාදන ඉහල දැමීම හා සුද්දන්ට රා පෙවීම රාවණා රජුගේ අදහස වෙලා තියෙන්නේ.

ඔය අතරේ ජාන වෙනස් කරගෙන හරි මෙහෙන් පැනගන්ට ඕනේ කියල මට හිතුනේ මම මෙහෙ එකෙක් නෙවෙයි නේ. මගේ ජාන වෙනස් කරාට මේක මගේ ඇත්තම බොඩිය නෙවෙයි හින්දා. එත් think twiceyata මේ ගැන සතියක් විතර පැහැදිලි කරලා, පොර යාන්තමට වගේ වැඩේට කැමති වෙලා හිටියේ.

කොහොම  හරි පොරත් එක්ක ජාන වෙනස් කරගන්න වැඩේට අන්තිමට සෙට් උනා.

ජාන සැලැස්ම වෙනස් කරනවා කියන එක තමා රාවණාගේ හිරෙන් නිදහස් වෙන්ට තියෙන එකම ක්‍රමේ. එතකොට ඒ මනුස්සයා රාවණා පාක්ෂිකයෙක් වෙනවා. රාවණා විරෝධී ජාන ඉස්සරහට යන්නේ නෑ. එත් ජාන විකෘති වෙන්නට පුළුවන් කියල අනතුරු ඇඟවීමක් කරනවා.

ජාන පිටපත වෙනස් කරන එකට අමතරව තව මොලේ ස්නායු සන්නිවේදනයත් වෙනස් කරනවා. මොලේ සියලු තොරතුරු neck top computer හෙවත් මොළ පරිගණකය කියන විශේෂ පරිගණකයකට තොරතුරු භාගත කරනවා, ඊට පස්සේ අතීත මතක අමතක කරවනවා. එත් හැමදේමත් නෙවෙයි.


ජාන පිටපත වෙනස් කිරීමට විශේෂ තාක්ෂණික ක්‍රමයක් තියෙනවා, ඒවා DNA extraction(වෙන්කිරීම),  duplication (රාවණා රූපී ලෙස වෙනස් කිරීම), replication,(වෙනස් කර ජාන දෙගුණ කිරීම),  multiplication (ඒවා තව දුරටත් ගුණනය කිරීම)

මෙය වර්තමාන ජාන ඉංජිනේරු විද්‍යාවේ මේ විදිහේ පියවර 4කින් සිදුකරනවා

1.DNA cleavage and isolation
2.Production and recombinant DNA
3.Cloning
4.Screening

වර්තමානයේ ජාන වෙනස් කිරීම, ජාන ඉංජිනේරු විද්‍යාව හෙවත් genetic engineering විදිහට මේ රාවණා විද්‍යාගාරයේ අවුරුදු ගණනාවකට පෙර සිදු වී ඇති අතර මොලයේ ස්නායු සන්නිවේදන ක්‍රමය වෙනස් කිරීම NLP (Neuro linguistic programming) හෙවත් ස්නායු වාග් තොරතුරු කැවීම ලෙස වර්තමාන පර්යේක්ෂකවරු සොයා ගැනීම තුල සැකයක් පවතින බවත් රාවණා යුගයේ තාක්ෂනය සුද්දන් විසින් සොරා ගෙන ඇති බවක් කීමට සමහරු පෙළඹී ඇත්තේ මේ නිසා විය හැකිය.

මේ වෙනස කරන්නේ කොහොමද? මේ වෙනස කරාට පස්සේ මේ දෙන්නට මොනවා වෙන්ට ඇද්ද?

ජාන වෙනස් කිරීම හා ස්නායු සන්නිවේදන ක්‍රමය වෙනස් කිරීම ගැන ඊළඟ පොස්ටුවෙන්, 

ප.ලි
මීවනයා විසින් මට එවාපු පිල්ලියක් වැරදීමකින් මම ගියපු බස් එකේ ඩ්‍රයිවර්ට වැදීමෙන් බස් රථය ප්‍රපාතයකට පෙරලී ගිය අතර මාගේ උකුල්පරිගණය සුන්නදූලි උන හින්දා ඊළඟ කොටස ලියන්ට ටිකක් කල් යයි ඈ.........





Saturday, September 15, 2012

මනෝකාය රාවණා යුගයට.......



මම  වර්ගපූර්නිකාවේ යටගියාව කියවමින් සිටියෙමි. කෙසේ හෝ මට නින්ද ගිහිල්ලා කියල තේරුනේ, ඔරලෝසුවේ වෙලාව 2 පමණ වූ නිසාවෙනි. මම හනිකට ගොස් ලයිට් නිවලා බුදියාගන්ට හැදුවත් ආයේ ඇද දිහා හැරිලා බැලුවේ මගේ උකුල් පරිගණකට ඇද උඩ බව මතක් උන හින්දා. 

පුදුමෙනුත් පුදුමයකි, මම ඇදේ නිදාගෙන ඉන්නවා, හොඳටම නින්ද ගිහින්. එතකොට මම?????
කළුවර වැස්සේ ගහන අකුණක් වගේ මට මතක් උනේ මගේ ඇස්ටල් බොඩි එක හෙවත් මගේ මනෝ කය ශරීරයෙන් එලියට ඇවිල්ලා කියල. මල හුට්ටප්පරයයි. ජනප්‍රවාදයේ තියෙන හැටියට මෙහෙම ගොඩක් වෙලා හිටියොත් බූතයෝ, පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ ශරීර කූඩුවට රිංගගන්නවලු. බය වැඩි කමටත් එක්කම ඊතලේ වගේ ඇවිල්ලා මම ඇදේ තිබ්බ මගේ ශරීර කූඩුවට පැන්නා.

ඒත් මම කොහෙට වැටුනද කියල හිතාගන්ට ටිකක් අමාරු උනේ ඒක පාරටම ඔක්කොම කළුවර උන හින්දා. මම දුඹුරු පාටට හුරු දිග බෝක්කුවක් වගේ වලයාකාර ගුහාවක් ඇතුලට ඇදිලා යනවා  කියල තේරුනේ ඊට ටික වෙලාවකට පස්සේ. මම වේගයෙන් කැරකි කැරකී ඒ ගුහාව දිගේ ඇතුලට වේගයෙන් ඇදිලා යනවා. මම ඉතිං හයියෙන් කෑ ගැහුවා. කෑ ගහන ගමන් මාව ඇදිලා ගිහින් අදුරු බව නැති කරමින් ආලෝකමත් උන පරිසරයකට වැටෙනවා දැනුනා. මම ඇස් ඇරලා බැලුව වට පිටාව. 

ඇස් අදහාගන්ටත් අමාරුයි. පුදුම ලස්සන පරිසරයක්. ටිකක් ඈතින් ලස්සන දිය ඇල්ලක් තියෙනවා. එතන කස්තුරි මුවෝ දෙන්නෙක්‌ වතුර බොනවා, නිල් පාට අහසේ සුදු පාට පුළුන් වලාකුළු ඒ පරිසරය තවත් ලස්සන කරනවා.  හරිත පැහැ තණතිල්ල පෑගෙනකොට පුදුමාකාර සනීපයක් දැනෙනවා, ඒ තණතිල්ල මතින් ඇවිදිමින් මම දිය ඇල්ල ලඟට කිට්ටු කරා. ඈතින් නිල්ම නිල් පාටින් ලස්සන ගංගාවක් තියෙනවා, දිය ඇල්ල ලඟට යනකොට ඇගට පුදුමාකාර සැහැල්ලුවක් දැනුනා. මම නිකන් පාවෙනවා පාවෙනවා වගේ. මම දිය ඇල්ලෙන් වතුර ටිකක් බොන්ට අත් දෙක ළං කරලා වතුර දෝතක් ගත්තා, එතකොටම තුරඟුන්ගේ හඬක්‌ ඈතින් ඇහෙන්නට උනා. ඉක්මනට වතුර ටිකක් බීලා, මම ඒ දිහාවට ගියා.

තණතිල්ල සිසාරමින් තුරඟුන් පිටින් අසුරයන් සේනාවක් වේගයෙන් මං දිහාට එනවා. මම හිතුවේ මම ඉවරයි තමා කියල. ඒත් උනේ වෙනම දෙයක්. දිය ඇල්ලේ මැද තියෙන ලොකු ගල් පොත්තක් හින්දා දිය ඇල්ල දෙකඩ වෙනවා වගේ මගේ ලගින ඇසුර සේනාව දෙකඩ වෙලා ගිහින් මාව පහු කරගෙන ගියා. හරියට උන් එකෙක් වත් මාව දැක්කේ නෑ වගේ ගියේ. මම ඒ උන් නොපෙනෙනකම් බලාගෙන ඉදලා ඉස්සරහට ගියා. ටික දුරක් යනකොට  

උඩු රැවුල වවාගත්තු රත්තරන් වලින් විලි වසාගෙන ඉන්න තේජස් වූ මනුස්සයෙක් එනවා.

මම හිතුවේ පොරටත් මාව පෙන්නේ නැතිව යයි කියල

ජදු සා ජානේ ලගා...... පාගල් බනානේ ලගා...... විසිල් එකකුත් ගහගෙන ගියා.

අස්සයා පිටින් ආපු එකා මං ළඟ නැවතුනා කියාපි. 

එම්බල නරය තෝ කොහේ යන්නේද? කියල ඇහුවා මගෙන්

මම කිව්වා ඉතිං මම මේ... මම මේ.... ආආආආඅ ......

මොකද යකෝ කෙකර ගාන්නේ, කියාපිය.

අංකල් මේ කොහෙද?

අංකල් එම්බල පිසාචය,  අංකල් යනු අං දෙකක් ඇති කාලකන්නියෙකි. මට එසේ පැවසීමට තා මොන කුම්බලාවෙක්ද?

මල හතිලව්වුවයි......

නෑ අයියේ මේ....

ඈ අයියේ...... මට හිතයි තොගේ බොටුව ගලවලා ඉස් ගෙඩියෙන් ෆුට් බෝල ගහන්ට, හැහැ..අයියේ.

අඩා බලාපිය මං දිහා, තොට ඔලු කීයක්‌ පේනවද?

එකයි....... එකයි.......

තූං විතරක්, හොඳට බලාපිය... මේ කන්නාඩි දෙක දාගෙන බලාපිය. (ඒ කන්නාඩි දෙක හරියට 3D ෆිල්ම් බලන කන්නාඩි දෙකක් වගේ)

ජොපමාල අම්මේ..... ඔළුම 10ක්‌ නේ, (මේ රා වක්කරපු නරෙන්ද්‍රයා නේ)

පස්වාන් දහසකට බුදු වන්ට දෙවියන් වහන්ස, මම දැන් දන්නවා මම ඉන්නේ කොහෙද කියල.


ආ උඹ මේ වැයික්කියට අලුත් වගේ, නැගපිය අසු පිටට.

(මේකා මගුලක් කතා කරනවා, මම කොහමද මෙච්චර උස එකෙක්ගේ පිටට නගින්නේ)

හෑ..........මෙන්න බොලේ ඇවිදින පඩි පෙළක්. මම පඩිය උඩට නැග්ගා. අස්වයාගේ පිට උඩට ගියා. පඩිපෙළ ඒක පාරටම නැති උනා.

ඔන්න දැන් මමයි රාවනයි අස්වයා පිටේ යනවා, ටක්කු... ටක්කු.... ටක්කු..

සර්....... ආ නෑ.... නෑ...... මේ රජතුමණි ඔබතුමන්ගේ දඬු මොනරා කෝ?

ඉන්නවා බොල ඌ ඊයේ මාත් එක්ක හඳට ගියා, දැන් නිදි.

(රත්තරන් දුවේ මගේ රත්තරන් දුවේ) රාවණා ගේ ජංගම තෙලබනුව නාද වෙයි.

ආ මයේ කෙල්ලේ කියාපිය. හත්වලාමයි, මේ මගුලේ බැටරි බැස්සා නේ

රාවණා නුග ගහක්‌ ලඟට ගොස් නුග කොළ දෙකක් කඩා බැටරිය චාජ් කරන්නට විය. මගේ කටේ කෙල හිදෙන කන් ෆුල් චාජ් වනතුරු මන්තර ජප කරන්නට සිද්දවිය.

ඕං ශ්‍රී රාවණා ශක්ති සද්ධිං විඣිමාහ හරිං හරිං ශ්‍රී ය

මම දැන් උඹව ගෙනියාන්නේ පරීෂනාගාරේට. උඹව හොදට පරීක්ෂා කරන්ට ඕනේ. උඹ පරගැති ඔත්තු කාරයෙක්ද කියල දන්නේ නෑ

නෑ නෑ රජතුමණි. මම බුදියාගෙන ඉන්නකොට මෙහෙට වැටුනේ. 

හාහ් හාහ් හා................... හාහ් හාහ් හා...................  හාහ් හාහ් හා...................  පිස්සු නැත්තනම් සෝක්, කට වහගෙන හිටු. මාලිගාවට යනකම්.

මාලිගාවට කිට්ටු කරයි.

අප්පට සිරි මේක මොන මාලිගාවක්ද, පිස්සු හැදෙනවනේ. මේක වටේ ඉන්න සිකුරිටි ලා කැටිය.... මයේ දෙයියෝ............

මාලිගාවේ දොර ලඟට යනකොට ඒක ඉබේම අරුනා, ඇතුලට ගියාන් පස්සේ ආයේ වැහුනා.

මම අස්සයා පිටින් බැස්සා...

හෑ............ හනුමා කයිද රොස් පාන්, රාවණා රිමෝට් ඒකෙන් අස්වයා ඔෆ් කරා. අස්වයා නැති උනා. මේක ඉන්ස්ටන්ට් ඉලෙක්ට්‍රොනික් අස්වයෙක් නේ, ඒ උනාට ඇත්තම එකෙක් වගේ. මාර තාක්සනේ ඈ.........

ඒ වෙනකොට ටිකක් රෑ වෙලා, ඒත් ලයිට් දාල නෑ. රාවණා ඇහුවා ළඟ එකෙක් ගෙන මොකද යකෝ ලයිට් දාල නැත්තේ. 

රජතුමණි පවර් ෆෙලියර් එකක්.

ඈ යකෝ බෝලාලට මම කියන්ට් ඕනෙද එකත්...... අර පූසෝ ටික මතුරලා ගනින් විගහට. 

ඒක නම් ඉතිං මගේ වෙලාව, මොකද පූසෝ මතුරන්ට වෙන්නේ කන්යාවන්ට නේ. හොක් හොක් හොක් මම හිතින් හිනා උනෙමි.

රාවණා මාව වීදුරු කුටීරයක්‌ අතුලට දැම්මා, රාවණාත් ආවා හැබැයි. ඔන්න ඒක පාරටම ලිෆ්ට් එකේ ගියා වගේ රූම් එකක් දොරක් ලඟට වැටුනා. ඒත් මොනවා උනාද කියල තේරුනේ නෑ. 

බිලාල මන්තරෙන් ජපා කරපු පූසොන්ගේ ආලෝකයෙන් මාලිගාව ඒකාලෝක වෙලා තිබ්බේ. හරියට පාට පාට බල්බ් දාල සරසපු තොරණක් වගේ,  පූසෝ මදිවට බල්ලොත් ඒක ඒක තැන වල ඉන්නවා ලයිට් දාගෙන,
එතන රාවණාගේ විද්‍යාගාරෙලු, ජෙනරෙටරේ පණ ගන්වනකම් එතන ටිකක් වෙලා ඉන්ට සිද්ද උනා. 

ටික වෙලාවකට පසු ස්වයංක්‍රීය දොර ඉබේම අරුනා. ජෙනරෙටරේ වැඩ, විද්‍යාගාරේ ඇතුලට ගියා.

වාව්. මාර විද්‍යාගාරයක්‌ නේ. පිස්සු හැදෙනවා. 

හරි උඹේ ජාන පැටිකිරිය ස්කෑන් කරන්ට ඕනේ, පලයන් අර කුටීරේට.

ඔන්න ජාන පිටපත ගන්නකම් නම් ටිකක් වෙලා තපින්ට වෙයි. මේ අතරේ මට කැමරා ටීවී වලින් පේනවා මම දන්නා එකෙක් හිර කරලා කියල. ඒත් මට හරියටම පැහැදිලිව පෙන්නේ නෑ. කව්ද මේ? ඊට පස්සේ මොකද උනේ?





Friday, September 14, 2012

දරුවන්ට මස් දෙන්නට පෙර???

මේ ගැන පලවෙනි පොස්ට් එක සතුන් යනු ඇවිදින මස් ද?

මගේ අන්තිම ට්‍රේනිං එක වූ සත්ව පාලනය පිළිබඳව හැදෑරීමට මම ගියේ ලංකාවේ තියෙන ප්‍රසිද්ධම සත්ව පාලන ගොවිපලකට.  ඒ වෙනකොට එකේ ට්‍රේනිං දෙන එක නවත්තලා තිබ්බේ. ඒත් එකේ හිටපු නිලධාරියෝන්ට නොවදිනා වැදුම් කරලා ට්‍රේනිං එක හදාගත්තේ, හොඳම දේ තියෙන්නේ එතන හින්දා. ඒ අවුරුදු 8කට පස්සේ ඒ ගොවිපලේ පුහුණුවට ගිය පලවෙනි සෙට් එක විදිහට. මමයි තව යාලුවෝ දෙන්නෙකුයි තමා ට්‍රේනිං එකට සෙට් උනේ.

පලවෙනි දවසේ ගියාට පස්සේ එකේ මැනේජර් සර් අපි තුන්දෙනාට වැඩ බෙදලා දුන්නා. ආ.... අපිට තව උපදෙසකුත් දුන්නා. ඔයාල මේකේ ට්‍රේනස්ලා උනාට මේකේ ඔෆිසර් ලා වගේ, මේකේ වැඩ කරන ලේබර්ස් ලාගේ ගෙවල් වලට රිංගන්ට බෑ. තමන්ගේ ස්ටේටස් තියාගෙන ඉන්ට ඕනේ. මමයි, තව එකෙකුයි එක තැනට වැටුනේ. අනික් එකා වෙන තැනක. කොහොම හරි අපි දෙවැනි දවසේ ඉදන් ගොවිපලට ගිහින් වැඩ ටික පටන් ගත්තා. 

 අපිට වඩා අවුරුදු දෙක තුනක් වයස එකෙක් තමා එකේ ට්‍රේනී ඇසිස්ටන්ට් මැනේජර් විදිහට හිටියේ. එකා කැම්පස් ගිය එකෙක් උනත් මාර බක පඩියෙක්. අපි හිතාගෙන හිටියේ මූ නම අමු අලයෙක් කියලා. පස්සේ දැනගත්තා මූ එහෙම අලයෙකුත් නෙවෙයි කියල. හැම චාටර් ඩයල් එකක්ම අලයෝ නොවන අතර, හැම අලයෙක්ම චාටර් ඩයල් නොවේ කියල කියමනකුත් හදාගෙන අපේ වැඩ අපි කරගෙන ගියේ පොරත් එක්ක ෆට්ට ගේම් එකක් දීගෙන. දවසක් මගේ යාළුවාට කියල තිබ්බා, එයාට ගහගන්ට ඕනේ නම්, හවස් වෙලා කැමති තැනකට එන්ට කියපං කියල. මට පිස්සුය ඕකත් එක්ක ගහගන්ට. අනික බං මං අරූ වගේ හරකෙකේ ය ඇගපත තියෙන කියල  මම කියනකොට ඔව් බං ඔන්න ඔහේ අපි ආපු වැඩේ කරගෙන යමන් කියලා යාළුවා කිව්වා. 

එතනින් පස්සේ ෆාම් ඒකෙන එනකම්ම පොරත් එක්ක කෙස් ම තමා. අන්තිම දවසේ මගේ ප්‍රොජෙක්ට් රිපෝට් එකට පොරගේ නම දැම්මේ නෑ කියල මැනේජරයාගෙන් පලු යන්ට බැනුම් ඇහුවා. මමත් ඉතිං ගොනා වගේ ඔව් සර් ඔව් සර් කියල ඔලුව වන වන අහගෙන හිටියා. මොකද මගේ ට්‍රේනිං ගයිඩ් බුක් එක අස්සන් කරන්ට දුන්නේ අර ගෝත පාලුවාට හින්දා.  මම උට කරා වගේ ඌත් මට රිපෝට් එක අජූත කරලා කොමෙන්ට්ස් දාල දුන්නා. ඒත් මම එකේ කොපි ගොඩක් ඔෆිසස් ලට දුන්නා, උන්ට නම් ෆුල් සැට... කොහොම උනත් අරූ අජූත කරපු මගේ රිපොට් එක ආයේ හදලා ෆාම් එකේ ඩොකාට කියල සයින් කරගත්තා. 

ඇත්තටම එකේ දේවල් ඉගෙනගන්ට තිබ්බේ ඔෆිසස් ලාගෙන් නෙවෙයි ලේබස් ලාගෙන්, ඉතිං උන් එක්ක ෆිට් නොවී කොහොමද මැනේජරයා කිව්වට. අපි ලේබ්බෝ සෙට් එකත එක්ක ලොවෙත් නැති විදිහට ෆිට් උනා. උන් තමා අප්පා මිනිස්සු. සුපවයිසර්ලට හොරෙන් අපිට හැමදාම කිරි දෙනවා. මොනා හරි ගෙවල් වල හැදුවොත් ඒවත් ගෙනත් දෙනවා. එළවලු ගෙනත් දෙනවා. අපිත් ඉතිං හොරෙන් හොරෙන් උන්ගේ ගෙවල් වලට යන්ටත් පුරුදු උනා. හැබැයි එක දවසක් වත් මැනේජරයාට නම් මාට්ටු උනේ නෑ. අද උනත් ෆාම් එකට ගියොත් එකේ අදුරන්නේ නැති එකෙක් නෑ. 

එකේ හාවෝ එළුවෝ හරක් වගේ සත්තු හිටියා. හාවෝ නම් තනිකර මසට ඇති කරේ. එළුවෝයි හරකුයි කිරි ගන්ට. ෆාම් එකේ හරක් මරන්නේ නෑ. කිරි අරන් ඉවර උනාම හරක් මස් කඩේට දක්කනවා. ඒත් එළුවෝයි හාවෝයි නම් මරනවා. 


හාවෝ මරන්නේ දෙමල එකෙක්. සතියකට හාවෝ 50ක් විතර මරනවා. එළුවෝ දෙන්නෙක් විතර මරණවා. සත්තු මරණ දවසට අපි ෆුල් බිසී. සත්තු ටික මරණ කාමරේට හෙවත් ස්ලෝටරි රූම් එකට අරන් යනවා. ඊට පස්සේ සුපවයිසර් කාරයා අපිට වැඩේ භාර දීලා පොර මාරු වෙනවා. මරුන සත්තු අපි තමා පැකට් කරන්නේ. හැබැයි අපිට එකට බල කරේ නෑ කව්රුත්ම සුපවයිසර් අපේ බොක්කේ ෆිට් එක. පොරට කරන හෙල්ප් එකක් විදිහට තමා එක කරේ. අනික අපිට ඉගෙනගන්ට ඕනේ හින්දා.  

හාවෝ ටික හා කූඩුවත් එක්කම තමා රූම් එකට අරන් යන්නේ. ඊට පස්සේ හාවාගේ කන් දෙකෙන් අල්ලලා පොඩි ලී පොල්ලකින් ඔලුවට දෙකක් ගහනවා. ඔහොම එකවර හාවෝ 15ක් 20ක් විතර ගහල ගහල එක ගොඩට දානවා. ඊට පස්සේ උන් දගලලා දගලලා මැරෙනවා. ඊට පස්සේ උන්ගේ කකුලක් කොක්කේ එල්ලලා හැම ගහනවා. හරියට කෙහෙල් ගෙඩියක් හැම ගහනවා වගේ. ඒත් සමහර මරුනේ නැති හාවොත් එහෙම එල්ලනවා එතකොට උන් පන පිටින් හම ගහනවා. අපි එකට නම් දෙමළට හොඳටම බැන්නා. ඕකව මරලා හැමගහපන් කියල.  කොහොම උනත් අපි බලාගෙන හිටියේ  නැත්නම් ඌ මරෙන්නේ නෑ. නිකම්ම හමගහනවා. ඔය අතරේ වෙන දුක හිතෙන කෙස් එක තමා, සත්තු මරනකොට උන්ගේ බඩේ පැටව් ඉන්න එක. ඒත් සත්වපාලනය ඉගෙනගන්ට නම් සංවේදී බව අඩු කරගන්ට ඕනේ. මොකද අපිට අයිතියක් නෑ ඒවාට බලපෑම් කරන්ට. අපි හිටියත් නැතත් උන් මැරෙනවා. ඒත් සත්තු මරණ එකාට නම් කියන්නේ හදවත එක කෑවාම පව් සිද්ද වෙන්නේ නෑලු. අපි ඉතිං උට හදවත් ටිකක් දෙනවා උගේ කරදරෙන් බේරෙන්ට.

එළුවෝ මරන්නේත් ඔය විදිහටම තමා. එළුවෝ 3ක් විතර එක වර අරන් එනවා. කටයි  කකුලුයි  හොඳට ගැට ගහල තමා අරන් එන්නේ. ඊට පස්සේ මොට උන පිහියකින් බෙල්ල කපනවා.  එළුවා මර බයේ දගලන දැගලිල්ල නම් එපා වෙනවා. බෙල්ල කපනකොට ලේ විදිනවා ඈතට. බෙල්ල කපලා එළුවා කකුලෙන් කොක්කේ එල්ලනවා, ලේ ටික බහිනකම් ඉන්නවා ටිකක් වෙලා. එතකොට කකුල් ගැටගහල තියෙන අනික් එළුවෝ ඇස් දෙක ලොකු කරගෙන බෙල්ල නැති එළුවා දිහා බලාගෙන ඉන්නේ, අනේ මට නම් මේ දේ කරන්ට එපා කියනවා වගේ, උට එහෙම කියල කෑ ගහන්ට බෑ ඒ උනාට මොකද කට බැදලා තියෙන හින්දා
.
උගේ යාලු එළුවා මස් වෙලා පැකට් වලට යනකම් ඌ බලාගෙන ඉන්නේ, උගේ වාරය එනකම්. 




එළුවන්ගේ මස් එක එක විදිහට තමා පැකට් කරන්නේ, ගෑනු සත්තුන්ගේ මස් goat curry meat, පිරිමි සත්තුන්ගේ මස් goat meat, සත්තුන්ගේ කකුල් goat legs, අක්මාව goat liver, රූමනය babath, එළුවාගේ වටිනාම හා ගණන් වැඩිම කොටස තමා ඇට දෙක හෙවත් වෘෂණ ඒවා goat sweet boles කියල තමා පැකට් කරන්නේ. එළු මස් කිලෝ එකක් රුපියල් 650ක් වෙනකොට ස්වීට් බෝල්ස් කිලෝ එකක් රුපියල් 800ක් වෙනවා ඒ කාලේ නම්. ඔලුව වෙනම පැකට් කරනවා. ඕක තමා පැකට් කිරීමේ කලාව.

ඔය අතරේ දවසක් එළුවෙකුට හොඳටම අමාරු උනා. පහුවදා එනකොටත් උට හොඳටම අමාරුයි. ලෙඩ වෙලා එහෙම සතෙක් බෙරගන්ටම බැරි තැන ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. මට එකේ නම නම් හරියටම මතක නෑ දැන්. එක ගොඩක් විෂ බෙහෙතක්. එක ගැහුවාම දවස 14ක් යනකම් ශරීරයේ සක්‍රියව පවතිනවා. එක ගැහුවන් පස්සේ දවස 14ක් යනකන් ඒ සතාගේ මස් කන්ට හොඳ නෑ. කොහොම හරි ඒ සතාටත් දවස් දෙකක්ම එක දිගට ඔය ඉජෙක්ෂන් එක ගහලා. අපි හවස යන්ට හදනකොට ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් අප්සෙට් එකේ ඉන්නවා. අපිත් ඒ දිහාවට කිට්ටු කරලා බැලුවා. පොර  අපිට කතා කරා.

අර සතා මැරිලානේ.

අයියෝ සර් එහෙමද?  එහෙනම් ඩොක්ටර් එයි නේද පොස්ට් මෝටම් එකට. 

නෑ නෑ ඩොක්ටර්ට කිව්වේ නෑ. අනික පොස්ට් මෝටම් කරා කියල වැඩක් නෑනේ. නිකන් සතා කපලා විසි කරනවනේ.

එහෙනම් සර් අපි මොකද කරන්නේ?

එක තමා බැලුවේ, අර මිනිහත් අද වැඩට ඇවිල්ල නෑනේ. හිටියනම් මූ මොනවා හරි කරයි. හැබැයි හෙට වෙනකම් තිබ්බොත් නම් කුණු වෙනවා අපරාදේ නිකන් විසිකරන්නේ, ලොකු ගානක් නේ.

සර් දැන් ඉතිං අපි මොකද කරන්නේ? 

එක තමා මාත් බැලුවේ, ෂිහ්...

හැබැයි සර් අර මිනිහා හිටියත් ඉතිං සතා මැරුවට පස්සේ අපි තමා ඉතුරු හරිය  කරන්නේ. දැන් ඉතිං මූ මැරිලානේ නේද සර්. 

මම එහෙම කිව්වේ ලොක්කාගේ හිතේ තියෙන්නෙත් ඒකම හින්දා.

ආ.. එහෙමද? ඔයාලට පුලුවන්ද වැඩේ එහෙනම්... ලොක්කට මල් හතයි

ඔව් සර් ඕවා මොනවද?

ඒත් ඉතිං දැන් හවස් වෙලානේ ඔයාලට වෙලා යයි නේද?

අව්ලක් නෑ සර්, අපි ඉතිං මේ ළඟනේ  ඉන්නේ

හරි එහෙනම් එළුවා එළු ගාලේ ඉන්නවා, ඔයාල වැඩේ කරන්න එහෙනම් (එළුවාගේ මළකුණ තමා එළු ගාලේ තියෙන්නේ ඈ...)

අපි ආයේ ගොම කිට් එක ගහගෙන වැඩේට බැස්සා.

වෙනදා එළුවාගේ බෙල්ල කපල හම ගහල දෙන්නේ දෙමළා, අපි කරන්නේ, එළුවාගේ මස් කිලෝ එකේ පැකට් කරන එක.

එළුවා අරන් ගියා එළු ගාලට, බෙල්ල කැපුවා,

 මචන් අපි මගේ හම ඉරන්නේ නැතුව ගමු, එතකොට පදං කරලා ආයේ එළුවාව හදන්ට පුළුවන් වෙයි.

 කියල යාළුවා කිව්වා. 

ඔව් මචෝ එහෙම කරමු එහෙනම් කියල අපි එළුවා හොඳට හම ගහගත්තා හම ඉරෙන්නේ නැති විදිහට. 

හම හෝදලා වෙනම පැත්තක තියාගත්තා. 

ඊට පස්සේ ලොවෙත් නැති විදිහට එළුවා පැකට් කරා. අපි රෑ 8.30 විතර වෙනකම් එළුවව පැකට් කරා. වැඩේ ඔක්කොම ඉවර වෙලා මස් ටික ෆ්‍රිජ් එකට දැම්මා. ගේම ක්ලෝස්. 

අපි එළු හම අරන් ගිහින් පදම් කරන්ට මාර ගේමක් දුන්නා. ඒත් මුළු ගේම ගඳ ගහනවා. අපිට පිනට නවතින්ට දීලා තිබ්බ අයියලාටත් ඒක මල කරදරයක්(ගඳ ඉවසිය නොහැකිව)  උනා කියල අන්තිම දවසේ කිව්වත්  ඒ වෙනකම් අපිට කිව්වේ නෑ. ඒ මිනිස්සුන්ට අපි අදත් ණය ගැතී. උන් එක්ක ඉතිං නොබී කොහොමද? කොහොම උනත් වැඩේ සක්සස් උනේ නෑ.අන්තිමට එළු හම වල දැම්මා මාසෙකට විතර පස්සේ

අපේ පණ්ඩිත කමට එදා එක කරාට ඒක හොඳ දෙයක් නෙවෙයි. ඇත්තම ඒ එළුවා ලෙඩ හැදිලා මැරුණේ. අනික අධි විෂ සහිත එන්නත් නියමිත මාත්‍රාවට වඩා වැඩියෙන්  දීලා තමා ඌ මැරුණේ. 

එළුවෝ විතරක් නෙවෙයි, හාවොත් එහෙම මැරෙනවා. අධි සාන්ද්‍ර එන්නත් ලබාදෙනවා. ඒ මස් දවස් 14 යනකන් කන්ට හොඳ නෑ. ඒත් එහෙම ලෙඩ හැදිලා බෙහෙත් ගහලා මැරෙන හාවොත් එහෙම මස් වෙනවා. උන් පැකට් වලට යන්නේ farm fresh meat විදිහට.

අනික් සත්ව ගොවිපලවල් වල තත්වය නම් මම දන්නේ නෑ, ඒත් මේක ලංකාවේ අංක එකේ ගොවිපලක්. මේ විදිහට ෆාම් වල ඉන්න සත්තු පැකට් වෙන්නේ ඔහොමයි. ඒත් අති බහුතරය නීරෝගී සත්තු. ටික දෙනෙක් ඔහොම ඔය විදිහටත් මස් වෙනවා. ඒත් අපි සල්ලි දීලා ගන්න මස් හොඳද නරකද කියල තීරණය කරන්නේ කොහොමද?


පොඩි දරුවන්ට මස් දෙනකොට දෙපාරක් හිතා බලන්ට. මම  කියන්නේ එච්චරයි.

Monday, September 10, 2012

සතුන් යනු ඇවිදින මස් ද?

මිනිසා සර්වභක්ෂකය, ඔය වාක්‍ය මම 3 වසරේ ඉඳං දන්නේ. මිනිස්සු මස් සහ ශාක ආහාරයට ගන්න හින්දා මේ විදිහට සර්වභාක්ෂකක් වෙනවා. එත් බොහෝ විද්වත්තු ගේ මතය අනුව මිනිසාගේ ආහාර මාර්ගය මස් අනුභවය සඳහා සැකසී නොමැති බවක් පෙන්වා දෙනවා. කෙසේ වුවද ආධ්‍යාත්මික වශයෙන් ඉහල මිනිස්සු මස් අනුභාවයෙන් වැළකී සිටිනවා. ආධ්‍යාත්මික මට්ටම කෙසේ වුවද සංවේදී හදවත් ඇති මිනිස්සු හා මස් වලට උපතින්ම අප්‍රිය හෝ පසුව අප්‍රිය වන මිනිසුන්ද මස් මාංශ වලින් ඈත් වීමට උත්සාහ කරනවා. 
ඇත්තටම අපිට මස් සහිත ආහාරයක්‌ හෝ මස් කුට්ටියක් දැක්කාම කටට කෙල උනනවා. මස් මාංශ කන කෙනෙක් මොකක් හරි උත්සවේකට ගිහාම බත් ඒකෙන බාගයක් මස් දාගන්නේ. සර්වභාක්සක සත්තු වන අපි ඒ තරම් මස් කෑමට ආශා කරනවා.

මස් කියන්නේ සතෙක්ගේ ජීවිතයක්. මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් ජීවත් වීමට අයිතියක් තියෙනවා. මිනිසුන් තමන්ට ඕනේ විදිහට තමන්ගේ වාසියට ධර්ම කරුණු වෙනස් කරගත්තත් මම හිතන්නේ නෑ කිසිම ආගමක සත්ව හිංසාව අනුමත කරනවා කියල. සතෙක් මරනකොට උට වේදනාවක් ඇති වෙනවා. එතකොට ඒ ඇති වෙන වේදනාව හා තරහට අනුව ඒ සතාගේ ශරීරයේ විෂ නියුරෝපෙප්ටයිඩ් හැදෙනවා. සතා මැරුණත් ඒ විෂ නියුරෝපෙප්ටයිඩ් මස් වල තියෙනවා. මිනිස්සු ඒ මස් කෑවාම ඒ විෂ රසායන සහිත මස් ශරීර ගත උනාම මිනිස්සුත් තිරිසන් වෙනවා. ඉක්මනින් තරහා යනවා. ලෙඩ හැදෙනවා. ඒවා සාමානයෙන් සිදු වෙන්නේ නෑ වගේ පෙනුනත් අපි පිළිගත්තත් නැත්ටත් ඒවා ශරීරය තුල සිදු වෙනවා.

 මස් කියන්නේ මරපු සත්තු, නැති නම් සත්තුන්ගේ මළකුණු. ඒවා හාල් මැස්සෙක් උනත් හරකෙක් උනත් එකයි. සමහරු බලෙන් මස් කෑම නවත්තාගෙන ඉන්නවා, එත් ඔවුන්ගේ යටි සිතින් මස් කෑමට ආසා වෙනවා. ඇත්තටම මස් කෑම නැවැත්විය යුත්තේ එය අවබෝධ කරගැනීමෙන් විය යුතුයි. දෙව්දත්තෙර බුදුන්ට සංගයා වහසේලාගේ විනය පිලිබඳ දුන් නීති වල මස් අනුභවය සම්බන්ධයෙනුත් කරුණක් ඉදිරිපත් කර තිබ්බ.
"සංගයා වහන්සේලා කිසිදු අයුරකින් මස් මාංශ අනුභව නොකළ යුතුයි"  එත් බුදුන් වහන්සේ එය පිළිගත්තේ නෑ. එකට හේතුව මිනිස්සු පෙර භාව වල තිබ්බ පුරුදු මේ භාවයේත් තියෙන්නට පුළුවන්. සමහර විට තිරිසන් ආත්මෙක උපත ලබලා තිබ්බා නම් ඒ තිරිසන් ගති මේ ආත්මෙත් තියෙන්නට පුළුවන්. එහෙයින් ඔවුන්ට එම පුරුදු සිව්රක්‌ දාගත් සැනින් ඇත හැරීම ඉතා දුෂ්කර දෙයක් විය හැකි බැවින් එම පුරුදු ටිකෙන් ටික අවබෝධයෙන් යුතුව ක්‍රමානුකූලව අත් හැරිය යුතු නිසා විය යුතුයි. එසේ නොකර එම නීතිය සංගයා වහන්සේලා වෙත බලෙන් පැටෙව්වා නම් උන් වහන්සේලා අසහනයකට පත් විය හැකි අතර මෙයින් සංගයා වහන්සේලා මස් මාංශ අනුභව කිරීම අනුමත කරන්නෙත් නෑ.
සියළු සතුන්ට මෛත්‍රී කරන විට එම මෛත්‍රී සිතින් සතුන්ගේ මස් අනුභවය සිදු කිරීම අවබෝධයෙන් යුතුව අත් හැරීම සිදුවෙනවා. මෙය සංගයා වහන්සේලාට පමණක් නොව සාමාන්‍ය මිනිසුන්ටද පොදු දෙයක් වනවා. අපි පොඩි කාලේ ඉඳං පුරුදු වෙලා තියෙන පුරුද්දක් ඒක වර අත් හරින්ට කොච්චර අමාරුද? එත් සමහර දේවල් අවබෝධ වූවාට පසු පහසුවෙන් අත් හරින්නට පුළුවන්, සමහර දේවල් පියවරෙන් පියවර ක්‍රමානුකූලව අත් හරින්ට පුළුවන්. එය ඒක වර අත් හැරීම තරම් අපහසු නොවනවා. කොහොම උනත් තනියම කරන්ට අමාරු සමහර දේවල් කණ්ඩායමක් එක්ක පහසුවෙන් කරන්ට පුළුවන් වෙනවා. 

සමස්තයක් විදිහට රටක ජාතියක් මස් මාංශ අනුභාවයෙන් සම්පූර්ණයෙන්ම ඈත් කිරීමට නොහැකි වෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත් කිරීම අපහසු වෙනවා. එසේ වුවහොත් ධීවර කර්මාන්තයෙන් ජීවත් වන මිනිසුන් ඉතා බරපතල ගැටලුවකට මුහුණ දෙනවා. රටක ධීවර කර්මානයෙන් ජීවත් වන මිනිස්සු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ විදිහටම සත්වපාලනයද එසේමයි. සත්ව පාලනයෙක් ජීවත් වන මිනිස්සු බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. කිරි නිෂ්පාදනය කරන විශාල ගව ගොවිපලක එම සතුන්ගෙන් කිරි අරන් ඉවර උනාම උන් කොහෙටද යවන්නේ? පිං හරක් විදිහට යැව්වොත් එම ගොවිපලවල් ආශ්‍රිතව පිං හරක් කොච්චර ඉදීද ඔය දේවල් වලට සාමාන්‍ය මිනිස්සුන්, පූජකවරු ඕනේ තරම් උත්තර දෙයි. ඒත් ඒ දේවල් ප්‍රායෝගිකව කරන්ට ගිහාම ඒ උත්තර එකක් වත් ප්‍රායෝගික නොවන බව පේනවා. මේ සමතුලිතතාවය නැති කරොත් එතන ලොකු ප්‍රශනයක් ඇති වෙනවා. ගවගාතනය ගෝ නතර කිරීමට නම් ගොඩක් ප්‍රශ්න වලට කලින් උත්තර හොයාගෙන ඉන්ට වෙනවා. එක රැයින් ඕවා නවත්තන්ට පුළුවන් කියල හිතාගෙන හිටියත් එක ගොඩක් සංකීර්ණ දෙයක්. 

එත් අහිංසක සත්තු යොදාගෙන කරන මෝඩ ඇදහිලි බිලි පූජා වගේ දේවල් නම් අනිවාර්යයෙන්ම නැවැත්විය යුතුයි.

මරණයට නියම වෙලා ඉන්න සතෙකුට අභය දානය දීම තමා මිනිසුන් හැටියට අපට කල කරන්ට පුළුවන්. ඒත් ඔය අභයදානය දීල ඉන්න පිං හරක් මුස්ලිම් අවුරුදු දවස් වලට අතුරුදහන් වෙනවා. නෝම්බි අල්ලන්නේ නැති අම්පාරේ කෝවිල ළඟ ඉන්න පිං හරක් ටික මුස්ලිම් අවුරුදුත් එක්ක නෑගම් යනවනේ. එකයි කිව්වේ රටක සත්ව හිංසනය නැති කිරීම ගොඩක් සංකීර්ණ දෙයක්. 
 
රටක රාජ්‍ය නායකයකු සතුව සත්ව හිංසාව පිටු දැකීමට හා මධ්‍යසාර භාවිතය අවම කිරීම වගේ දේවල් වලට උත්තර තිබ්බත්, එයට විරුද්ධ වන සල්ලිකාර  පාර්ශව හා චන්ද පිලිබඳව කෑදර කමින් පසුවන මිනිසුන් අමාත්‍ය මණ්ඩලයක් සිටින හින්දා මේ වගේ දේවල් දිහා කිසිම ආණ්ඩුවක් නිකමට වත් හැරිලා බලන්නේ නෑ. සාමාන්‍ය මිනිස්සු විදිහට අපිට මේ දේවල් වලට කල හැකි බලපෑම ගොඩක් අඩුයි. මොකද ඒ පිටුපස විශාල සැලසුමක් තිබිය යුතු හින්දා. 

මස් නොකන මිනිස්සු මස් කන මිනිස්සුන්ට බනිනවා, මස් කන එක නරක පුරුද්දක් කියල දෙන්ට උත්සාහ කරනවා.  ඒ මිනිස්සු දිහා පිළිකුලෙන් බලනවා. තරහෙන් බලනවා, මළකුණු කන එවුන් කියල හිතින් බනිනවා. මස් කන මිනිස්සු දෙවියන් සියළු සතුන් මවා ඇත්තේ මිනිසුන්ගේ ආහාරය පිණිසයි කියල තර්කයක් ගේනවා. නැත්නම් මස් කියන්නේ මැරුණ සත්තු. මස් කන ඒකෙන ප්‍රාණ ගාතයක් වෙන්නේ නෑ කියනවා. ඒ හින්දා මස් කෑවට පව් සිද්ද වෙන්න නෑ කියනවා. ඔය තර්ක හා අදහස් ඊයේ අද හෙට මෙන්ම අනාගතයේදීද පවතීවි. 

"කොහොම උනත් අවසාන නිගමනය උසස් ශිෂ්ටාචාරයක් තියෙන මිනිස්සු සතුන් මරා ආහාරයට ගැනීම තිරිසන් ගතියක් වන අතර එය පරිනාමයේ නොදියුණු ලක්ෂණ පෙන්නුම් කරනවා. මිනිසා වැනි උසස් මනසක් ඇති පරිනාමයේ උච්චතම අවස්ථාවේ සිටින ජීවින් සතුන් මරා ආහාරයට ගැනීමේ තිරිසන් පුරුද්ද අත් හරිය යුතුයි." 

සිත සහ ශරීරය සමාන්තරව පරිනාමය සිදු නොවී තිබෙන්නට ඇති. ශරීරය ඉතා ඉක්මනින් පරිනාමයේ ඉහලට ආවත්, හිත දඩයම යුගයේ සිට පරිනාමය හෙමින් සිදුවෙනවා විය හැකි. එහෙම නැති නම් සංසාරගත පුරුදු අත් හැරීම අපහසු වෙලා හෝ ඒවා අත් හරින්නට උත්සාහ නොකරනවා ඇති. නොදියුණු ශිෂ්ටාචාර වල මිනිසුන්ගේ ජාන අප තුල පවතිනවා විය හැකී. ඔය මොක උනත් අපි මස් මාළු කනවා, හාල් මැස්සෝ කනවා, උම්බලකඩ කනවා, එහෙම මස් කන අයට මම පොඩි දෙයක් කියන්ට හදන්නේ. ඒ මස් කනකොට, විශේෂයෙන් පොඩි දරුවන්ට මස් දෙනකොට මේ ගැන හිතල බැලිය යුතුමයි. 
මම මස් පිණිස සතුන් ඇති කරන ලංකාවේ ජනප්‍රියම ගොවිපලක පුහුණුව ලබන කාලයේ ලබපු අත්දැකීමක් හින්දා මෙහෙම කියන්නේ. මේක කියන්නේ මස් කන එක නතර කරවන්ට නෙවෙයි.
 මහ එවුන් කොහොම කෑවත් පොඩි එවුන් ගැන මීට වඩා හිතන්ට ඕනේ හින්දා.
ෆාම් ෆ්‍රෙෂ් කියල ලේබල් එක ගහල තියෙන ඒ සත්තු මස් වෙන හැටි ගැන. ඇත්තටම ඒවා ලේබලේ තියෙන හැටියට නැවුම් මස් නම් කෑවට අව්ලක් නෑ. ඒත් ඇත්තම ඒවා නැවුම් මස් නෙවෙයි. තිරිසන් ගානට වැටිලා ඉන්න සල්ලිකාර මිනිස්සු සල්ලි හම්බකරගන්ට මිනිස්සුන්ට මස් කන මිනිස්සු තිරිසනුන් ගානට දාල කරන එක තිරිසන් වැඩකට මමත් හවුල් කරුවෙක් උනා. ඒ මගේ ට්‍රේනිං එක වෙනුවෙන්. ඒ ෆාම් එකේ ඉන්න සත්තු ටික මම දැක්කේ ජීවත් වෙන්ට ආසාවෙන් ඉන්න ඇවිදින මස් විදිහට. ඒ කතාව ඊළඟ පොස්ට් ඒකෙනන් දාන්නම්. 



Tuesday, June 12, 2012

අපේ ගමේ පරණ කෝට්

මිනිස්සු වයසට යනකොට පොඩි ළමයි වෙනවා කියල කියමන ඇත්තක් කියල සීයලා ආච්චිලා ඉන්න ඕනේ පොඩි එකෙක් පවා දන්නා දෙයක්. ඉතිං අපි පොඩි ළමයි එක්ක විහිළු කරනවා වගේ ගොඩක් වෙලාවට ඒ වැඩිහිටියන් එක්ක විහිළු කරලා ෆන් එකක් ගන්න ආසයි නේ. පොඩි ළමයි නම් තරහා ගිහාම අඩනවා ඒ වගේ වෙලාවට, ඒත් වැඩිහිටියෝ නම් ඒ වෙලාවට ජාතිය අමතනවනේ

කාලෙකට කලින් අපේ ගමේ හිටපු වැඩිහිටියෝ නෑ, අලුත් වැඩිහිටියෝ ඇතිවෙලා, ඒ අය අද නැත වෙන අය අද ඇත කාලය මැවූ වෙනසක අරුමේ.......

ඉස්සර අපේ ගමේ බේබද්දෝ ගොඩක් හිටියා, හවස් වැටෙනකොට කසිප්පු බීල කෑගහන,  මුළු ගමටම චැලේන්ජ් කරන තමන්ගේ මිනිහව එක්කන් යන්න ගෑනු පාරට බහිනවා, නැත්නම් ගෑනු දරුවා පාරට එන්නේ බීලා වීරයෙක් වෙලා ඉන්න තමන්ගේ තාත්තව ගෙදර එක්කන් යන්ට.

ඒත් දැන් එහෙම මිනිස්සු නෑ, වැදගත් විදිහට ගෙවල් වල ඉදන් බොන එවුන් ඉන්නේ, උන් බීලා ගමටම ඇහෙන්න කෑ ගහන්නේ නෑ. මම හිතන්නේ ගෑනි කියන එකක් අහගෙන ඉදලා නිදාගන්නවා ඇති. 

ඒ කාලේ අපේ ගමේ ජනප්‍රියම චරිතේ උනේ, කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන පාන්දර ජාමේ ගමේ තේ කඩේට ගොඩ වදින කළු කෝට් එකක් ඇදගත්ත මහල්ලෙක්. මීයෝ කාල වගේ තැනින් තැන හිල් වෙලා තිබ්බ කෝට් එකේ ඔහුට ඕනේ හැමදේම තිබ්බා. පනාව, බුලත් විට මල්ල, සල්ලි මඩිස්සලේ වගේම තව දේවල් එකේ දාගෙන හිටියා.
මේ හින්දා මුළු ගමම ඔහුව දැනගෙන හිටියේ පරණ කෝට් කියන නමින්, මම අදත් ඔහුගේ ඇත්ත නම දන්නේ නෑ. පරණ කෝට් යන නම ඒ තරම්ම ප්‍රසිද්දයි.

ඉතිං ඒ කාලේ අපේ ලොකුම විනෝදෙ තමා ඒ මනුස්සයාව අවුස්සන එක. කොල්ලෝ ටිකක් එකතු උනාම හැංගිලා ඉදන් පරණ කෝට් පරණ කෝට් කියල කෑ ගහනවා, ඔන්න ඔය වෙලාවට තමා මිනිහට මල පනින්නේ, තේ කඩේ බැංකුවක් මත වාඩිවෙලා පත්තරේ බලන මනුස්සයා හරමිටත් අරන් එලියට බහින්නේ ඔය වෙලාවට තමා, ළඟ පාතක කොල්ලෙක් එහෙම හිටියොත් හැරමිටි පාරක් කන එක නම් ෂුවර්, එහෙම නැති නම් ගලක් අරන් බැරි බැරි ගහන්නේ, උන්ගේ ජාතකේ මතක් කරලා දෙන ගමන්.

නැත්නම් කොල්ලෝ ටික එකතු වෙලා ෆ්‍රෙඩි සිල්වා  අපේ පරණ කෝට් ට හදාපු සින්දුව කියනවා, 
"පිත්තල බොත්තම් කැඩිච්ච මුලාදෑනි දුන්න කෝට්... පැරණ කෝට්....පරණ කෝට්......."
උඹලගේ අම්මලාට ............ යකෝ තොපිට ඕක විතරද කියන්න තියෙන්නේ කියල කොල්ලෝ පස්සේ පන්නනවා.

කොල්ලන්ට ඕක තරම් ෆන් එකක් ලොවෙත් නෑ. ගමේ කොල්ලෝ කුරුට්ටෝ පරණ කෝට් එනකම් මග බලාගෙන ඉන්නවා සමහර දවස් වල

කොහොම උනත්,  සක්කරයා කිව්වත් මිනිහා කෝට් එක ගලනවනවා නම් බොරු. කෝට් එක ගලවන්  ඉන්න පරණ කෝට් දැකලම නැති තරම්, කොහොම හරි දවසක් අපිට මිනිහාගේ කෝට් එක ගලවන්ට  ඕනේ උනා, මිනිහා කඩේට ආපු වෙලාවක කොල්ලෝ ටික කඩේට ගිහින් ආ සීයේ කියල මනුස්සයාට ගරු සරු ඇතිව කතා කරලා පැත්තකින් වාඩි උනා, වෙනදා කොලොප්පම් කරන කොල්ලෝ අද වෙනස් වෙලා මොකද කියල වගේ හිතන ගමන් මිනිහා පත්තරේ බලාගෙ හිටියා, ඔන්න ඔය අතරේ කොල්ලෙක් වතුර එකක් ගත්තා බොන්ට, බොන්ට කිව්වට බෝන්ටම නෙවෙයි. ඔන්න ඔය වෙලාවේ වෙන එකෙක් අරුගේ කොප්ප්ටේ ගැහුවා, පරණ කොටගෙ කෝට් එක දිහාවට වතුර විසි වෙන්න, වැඩේ හරි ගියා කෝට් එක තෙමුනා. අනේ සමාවෙන්න සීයේ මෙන්න මුන්ගේ වැඩ හින්දා තමා මේ ඔක්කොම කියලා කොල්ලෝ ටික එතනින් ගියා.

ඔන්න මිනිහට කෝට් එක ගලවන්ට උන වෙලාව, මිනිහා කෝට් එක ගලවලා වේලෙන්න දැම්මා. ඔන්න ඔය වෙලාවේ මිනිහා ටිකක් එහාට මෙහාට වෙනකම් ඉදල කෝට් එක ඉස්සුවා.


කාලයක් තිබ්බ ආසාවක් සැබෑ උනා වගේ කෝට් එකේ මොනවද තියෙන්නේ බලන්ට  පටන් ගත්තේ රස කෑමක් කන්න පොර කන එවුන් ටිකක් වගේ, සත දහයේ කාසි ටිකක්, පරණ පනාවක්, බුලත් විට මල්ල, සල්ලි පොට්ටනින්යිය, පොඩි පොකට් එකකුත් තිබ්බ, එකේ රුපියල් විස්සක්ම තිබ්බා.


කොහොම හරි කාටවත් ඒ දේවල් ගන්න ඕනෙකමක් තිබ්බේ නෑ, ඊළඟට මොකද වෙන්නේ කියල බලන්න ඕනේ වෙලා තිබ්බේ,


කෝට් එක නැති වෙලා කියල මිනිහා දැනගෙන තිබ්බා, හැමතැනම හොයනවා, කොල්ලෝ ටික මිනිහට පෙන්නේ නැති තැනකට වෙලා බලාගෙන හිටියා, පිස්සෙක් වගේ හැමතැනම කෝට් එක හොයනවා.


මම එතනට කිට්ටු කරා ටික වෙලාවකට පස්සේ, මිනිහා හොඳටම අඩනවා පොඩි එකෙක් වගේ. මම ඇහුවා මොකද සීයා කියල, කව්රු හරි මගේ කෝට් එක අරන්, ගත්තු එවුන්ට නම් හොදක් වෙන්න එපා. උන්ගේ කිරි අප්පුච්චිලාගේ වයසේ මනුස්සයන්ට මෙහෙම කරන එවුන්ට හොඳක් නම් වෙන්න එපා කියල මිනිහා දෙස් දෙවොල් තියන්න පටන් ගත්තා.


කරපු වැඩේ හොඳ නෑ කියල තේරුනා, මම අනික එවුන්ට කිව්වා, අන්න අරූ අඩනවා ඕක දැන් දෙමු කියලා. කොහොම හරි මිනිහට පෙන්නේ නැති වෙන්න ළඟ තිබ්බ ගහකින් කෝට් එක එල්ලලා කොල්ලෝ ටික ගෙවල් වලට විසි උනා.


පරණ කෝට් කෝට් එක ගලවලා ඉන්නවා දැකපු එකම දවස එදා, මිනිහට එක දැනුනේ හරියට ඇදුම් අදින්නේ නැතිව විලි ලැජ්ජාවේ ඉන්න මිනිහෙක් වගේ, පැය ගානක් යනකම් මිනිහා එලියට බැස්සේ නෑ, හැංගිලා වගේ තමා හිටියේ.
එදා පොඩි කාලේ ලොකු මිනිස්සුත් එක්ක විහිළු කරලා ගත්තු ඒ ආතල් ගැන දැන් නම් කිසිම සතුටක් නෑ.


පරණ කෝට් මැරිලා කියන ආරංචිය දැනගත්තාම ගමේ ලොකු පොඩි හැමෝම එක වගේ දුක් උනා. මැරිලා ඉන්න පරනකොට් ගේ මිනිය දැක්කට පස්සේ ඊටත් වඩා දුක හිතුනා, මගේ ජනප්‍රියම චරිතේ ඔය විදිහට අපෙන් සමු ගත්තා. ටික කාලයක් යනකම් ගමට, කොල්ලෝ කුරුට්ටන්ට ලොකු පාළුවක් දැනුනත් ඒ දේවල් දැන් අමතක වෙලා, දැන් ඒ සෙල්ලක්කාර කොල්ලෝ ඔක්කොම ගමේ වැඩිහිටි තරුණයෝ වෙලා.


අපි ගමේ දුවල පැනල, වතු වලට පැනල ඒවා පාළු කරලා, කොල්ලොත් එක්ක ගහගෙන, මිනිස්සුන්ට පද හදල වැඩිහියන්ගෙන් බැනුම් අහල, ගුටි කාල ගත කරපු ඒ ජීවිතේ දැන් කාලේ ඉන්න එවුන් ගත කරන්නේ නෑ. කොම්පියුටර් ඒකෙන ගේම් ගහන පොඩි කොල්ලෝ ටිකක් විතරයි ඉන්නේ දැන්. ඒ දේවල්  හොඳද නැද්ද දන්නේ නෑ, ඒ උනාට ඒ සුන්දර ළමා කාලේ දේවල් මතකෙට නැගෙනකොට අමුතු සුන්දර බවක් දැනෙනවා

Tuesday, April 17, 2012

අසම්මත වූ ආදරයක, ආදර කවිය අනූ......



ආදරය ගැන කතා ලෝකේ හැම තැනින්ම ඇහෙනවා, කෙනෙකුට ආදරේ වේදනාවක් විදිහටත් තවත් කෙනෙකුට ආදරේ සතුටක් විදිහටත් දැනෙනවා. ආදරය ගැන ලියවෙන ගොඩක් දේවල් ආදරේ වේදනාව ගැන ලියවෙන්නේ, ඒ වේදනාව ගැන ලියන තමන්ගේ ආදර කතාව ලෝකේ තියෙන වේදනාත්මකම කතාව කියල හිතන්නේ, ආදරේ හින්දා ලෝකේ වැඩියෙන්ම දුක්‌ විඳින කෙනා තමන් කියල හිතන්නේ. ඒ මතකය අමතක වෙන්න, ඒ මතකයේ ගැගීම අමතක වෙන්න මැරෙන්න වෙයි කියල හිතන්නේ ආදරේ හින්ද දුක්‌ විඳින අය.

ආදරේ ගැන මම අහපු සංවේදීම කතාව...

මේක අහම්බෙන ෆේස් බුක් එකේදී උන දෙයක්. ගෘප් චැට් එකක මම චැට් කරකර ඉන්නකොට මගේ අදහස් වලට ගොඩක් දෙනෙක් අකමැති උනා. අදහස් වලට කිව්වට කියපු වචන වලට. හ්ම්ම්... එයාල කිව්වේ මෙතන ගෑනු ළමයි ඉන්න හින්දා ඕවා කියන්න එපා කියල, කොහොම හරි මාව ඒ ගෘප් ඒකෙන් අයින් කරනවා කිව්වා. ඕනේ මඟුලක් කියල මමත් සද්ද නැතුව හිටියා. ඒත් එක ගෑනු ළමයෙක්‌ මට කතා කරා. ඒක ටිකක් අමුතු දෙයක් වගේ පෙනුනත් මම හිතුවේ කෙල්ලෙක්ගෙනමකින් ඉන්න කොල්ලෙක්ගේ ෆේක් එකක් කියල. මම එයාට අනු කියන්නම්.

කොහොම හරි මාව ඒ ගෘප් ඒකෙන අයින් කරා.ඊට පස්සේ අනු මගේ යාලුවෙක් උනා, ටික කාලයක් යනකොට එයා ෆේක් නෙවෙයි කියල තේරුනා. කොහොම හරි ඊයේ මට නින්ද ගියේ නෑ. මොකද දවල් දවසම කන පැලෙන්න නිදාගත්තු හින්දා. නින්ද යන්නේ නැති හින්දා පාන්දර 1 ට විතර බුකිය පැත්තේ ආව. අනු ඉන්නවා. ඇත්තටම හිටියේ අනු විතරයි.

කම්මැලි හින්දා මම එයාගේ බ්ලොග් ඒක කියෙව්වා. හ්ම්ම් ආදර කතාවක් තවත්.ඒක ටිකක් අමුතුයි කියල තේරුණා හින්දා මම එයත් එක්ක ඒ ගැන කතා කරා. කුඩු වලට වගේම වෙන වෙන ජරා වැඩ වලට පුරුදු වෙලා ඉන්න කොල්ලෙකුට කෙල්ලෙක් දැන දැනම ආදරේ කරයිද? එහෙම කරන කෙල්ලෝ ඉන්න්නවනම් එක්කෝ නොතේරුම් කමට, නැත්නම් මෝඩ කමට.අනුත් එයාට ආදරේ කරා. ඒ නොතේරුම් කමට වත් මෝඩ කමට වත් නෙවයි. එකයි මෙතන තිබ්බ වෙනස් දේ. ඒ අද කාලේ කෙල්ලෙක් නොකරන දෙයක් කරන්න. කොල්ලෙක් ජීවිතයක් ඉල්ලුවාට පස්සේ හැම දෙයක්ම අමතක කරලා ඒ කොල්ලට ජීවිතයක් දෙන්න.


 දරුවෙක් වැරදි දෙයක් කරනවට දෙමව්පියෝ කැමති වෙන්නේ නෑ.

අනු කරන මේ මෝඩයි කියල හිතෙන වැඩේට මොන අම්මෙක් අප්පෙක් වත් සහෝදරයෙක් වත් කැමති වෙන්නේ නෑ.

එත් අනු ගෙදරින් එයාව නොමරා මරද්දීත් ආදරයක් නොලැබුන කෙනෙකුට ජීවිතේ දෙන අදහස අත් ඇරියේ නෑ. මේක වැරද්දක්ද නැද්ද කියල නම් මම දන්නේ නෑ.

"ආදරේ පරිත්‍යාගයක්"

අනු එක්ක කතා කරනකොට එහෙමයි තේරුනේ. ඇත්තම අනු හිතපු දේ හරි ගියා, කොල්ලට ජීවිතයක් ලැබුණා. එයා නරක පුරුදු වලින් ඈත් උනා. හොඳ මනුස්සයෙක් උනා. ආදරේ බලය මේ ලෝකේ තියෙන ලොකුම බලයක්.

හැමදේම ආදරෙත් එක්ක වෙනස් උනා. කොල්ල රස්සාවක් කරා, අනු කරපු දේ අපතේ ගියේ නෑ කියල අනුට එදා හිතෙන්න ඇති.ඒත් කාලයත් එක්ක හැම දේම වෙනස් වෙනවා.

කොල්ල රස්සාවට ගියාට පස්සේ පරණ පුරුදු වලට ආයේ පුරුදු වෙන්න යන බව අනුට කිව්වට පස්සේ එයා ආයෙත් එයාගේ ආදරේ බලයෙන් එයාව ඒකෙන ඈත් කරා.

පොඩි කාලේදී දෙමව්පියන්ගේ ආදරේ නොලැබුනාම දරුවෝ අයාලේ යන්නේ, කොල්ලෙක්ට නම අම්මගේ ආදරේ තියෙනවා නම් ඕනෙම දුකක් විඳගෙන ජීවිතේ ජයගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා.

දෙමව්පියෝ දරුවන්ගේ සතුට වෙනුවෙන් ඕනෙම දෙයක් කැප කරන්න සූදානම්. එත් සමහර තමන්ගේ සතුට ගැන හිතන සමහර දෙමව්පියෝ දරුවෝ මේ ලෝකෙට බිහි කරලා කුණු කූඩෙට දාන කතාත් අපට නොඇසේනවාම නොවෙයි.

මේ කොල්ලටත් අම්ම කෙනෙක් හිටියා. එත් ඒ අම්ම හිටියේ රට. අඩුම ගානේ පුතා මොනවද කරන්නේ කියල වත් හොයල බලපු නැති අම්ම කෙනෙක් මොකද ඒ පුතා ඒ තරම් නරක දේවල් වලට ඇබ්බැහි වෙලා හිටපු හින්දා.

එත් මෙයා රස්සාවක් කරන හොඳ කොල්ලෙක් උනාට පස්සේ අම්මටත් පුතා ගැන ආදරයක් ඇති උනා. අම්ම ඇවිල්ල පුතාව එයා හිටපු රටට එක්කන් ගියා.

කොහොම හරි ඔහොම කාලයක් යනකොට මේ කොල්ලා අනුව රවට්ටන්න පටන් ගත්තා. කලින් හැමදේම කියල සමාව ගත්තා ආයේ ඒ වැරදි නොකරනවා කියල පොරොන්දු උනා. එත් ඒ කොල්ල අනුව රවට්ටන්න පටන් ගත්තා.

එයා වෙන කෙනෙක් එක්ක යාලු වෙලාලු. මොකද ඒ කොල්ලගෙන් ලැබුනේ ආදරේ විතරයි. මොන දේ ඉවසුවත් ඒ ආදරෙවත් අඩුමතරමේ වෙන කෙනෙක් එක්ක බෙදාගන්නවා දකින්න එයා ආස උනේ නෑ. කොහොම හරි අනු ඒ දේ දැනගත්තට පසේඒක නවත්තනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ. කිසිම කෙනෙක් මේ වගේ දෙකට සමාව දෙන්නේ නෑ. ඉතින් ඒ ආදර කතාව එතනින් ඉවර උනා.

මේක තවත් එක ආදර කතාවක් විතරයි. එත් මට දවසක් පුරාවටම හදවතට දැනුන දෙයක් තිබ්බා. ඒ මගේ ජීවිතේදී කෙල්ලෙක් කියපු සංවේදීම, වැඩියෙන්ම දුක හිතෙන වචන ටික ඇහුවේ එදා රෑ හින්දා. ගොඩාක් තරම් ආදර කතා කියවල තිබ්බත්, අහල තිබ්බත්මේ වචන ටික ඇහුවට ඒක මතක්‌ උන හැම වෙලාවේම පුදුම දුකක් දැනුනා. එයාලගේ ආදර කතාව සතුටින් ඉවර උනා නම් එකේ කිසිම දුකක් නෑ.

ඒත්........ ඒ මේ වචන ටික හදවතින්ම කිව්වේ, හිතල මතල නෙවෙයි, ප්ලෑන් කරලා නෙවෙයි හදවතින්ම. .....

"මට අදටත් එයා මගේ ආදරේ කරපු කොල්ල නෙවෙයි. මම හැදුව දරුවෙක්. මම ඉපද්දුවේ නෑ එයාව ඒත් එයා ඉල්ලුව ජීවිතේ එදා මම එයාට දුන්නා"

කෙනෙක් වෙනුවෙන් කරන කැප කිරීමක් ගොඩක් වටිනවා. සමහර මිනිස්සුන්ට තව කෙනකුට මොනවා හරි හොඳ දෙයක් කරාම දැනෙන සතුට වෙන කිසිම දෙකින් දැනෙන්නේ නෑ. ඒත් ඒ දේවල් වලින් දුකක් ඇති වෙනවානම් එහෙම දේවල් කෙනෙක් කරන්නේ නෑ. කිසිම කෙනෙක් දැන දැනම අමාරුවේ වැටෙන්න කැමති නෑ. ඒත් ජීවිතේට අවදානමක් අරන් දෙයක් කරන්න ඉදිරිපත් වන්නේ කලාතුරකින්. විශේෂයෙන්ම කෙල්ලෙක්. නොතේරුම් කමට වත් මෝඩ කමටවත් නොව මනුෂත්වය වෙනුවෙන් ඒ කරපු කැප කිරීම ගොඩාක් අගය කරනවා. ඒත් මේකේ අවසානය ආදරේනම ඉවර උනා නම් අද ඔයා කොච්චර සතුටු වෙයිද?
මම මේ වෙනකම් මෙහෙම කෙල්ලෝ අද කාලේ ඉන්නවා කියල විශ්වාස කරේ නෑ. ඒත් එහෙම එක කෙල්ලෙක් හරි අදුර ගන්න ලැබීම ගැන ගොඩාක් සතුටු වෙනවා.

මනුෂ්‍යත්වයට ජය වේවා!!!

Monday, February 6, 2012

විශ්මිත පැරලිමිනල් රේකොඩින්

අමුතු තාලේ රේකොඩින් 


සාමාන්‍යයෙන් අපි දන්නේ පොදු හඬ පටිගත කිරීමේ ක්‍රමයන්, රිමික්ස් හරි සවුන්ඩ් එඩිටිං හරි, සවුන්ඩ් හරි හරි ක්‍රමයක්, ඒවාගෙන් සංගීතයට නැවුම් බවක් මිහිරක් හෝ එපා වෙන ගතියක් ලබා දෙන්න පුළුවන්. ඒවා අපිට හොඳට දැනෙනවා. හොඳට තේරෙනවා.


නමුත් පැරලිමිනල් රේකොඩින් කියන්නේ අමුතුම ආකාරයේ ක්‍රමයක්. එය නිර්මානය කරලා තියෙන්නේ සංගීතය හරහා මිනිස්සුන්ට යහපතක් කරන්නට. තාක්ෂණයේ දියුණුව මිනිස්සාගේ දියුණුවට යොදා ගැනීම මෙහි නිර්මාතෘ වරුන්ගේ අරමුණ වී තිබුනා. කාලයක් තිස්සේ කරන ලද පරීක්ෂණ වලින් පසුව මෙහි ඇති තොරතුරැ වල සත්‍ය විද්‍යාත්මකව සනාත කල පසුව මෙය ම්නිසුන් වෙත මුදා හැරියා.

මේක ක්‍රියා කරන්නේ මෙහෙමයි
.
මෙම රේකොඩින් ක්‍රමය මඟින් ඔබේ සිත උත්තේජනය කරනවා. මෙය ඇසීමට අනිවාර්යයෙන්ම ස්ටීරියෝ හෙඩ් ෆෝන් එකක් අවශ්‍ය වෙනවා. මෙමගින් මොලයේ එක් එක් අර්ධගෝල සඳහා වෙන වෙනම එකවර පණිවිඩ සපයනවා. නමුත් එය අපට නොතේරෙනවා, මොලය පහසුවෙන් තේරුම් ගන්නවා. මෙහි ඇති විශේෂත්වය එයයි. අපේ මොලය විශ්මිත නිර්මාණයක්, එහි ක්‍රියාවලිය අපට පැහැදිලිව නොතේරෙනවා. නමුත් අපට නොතේරෙන පමණින් එය අසත්‍ය ද නොවෙනවා.

සබ්ලිමිනල් ආකාරයේදී නොව මෙමගින් හඬ අපට ඇසෙනවා.මෙය ඇත්ත වශයෙන්ම, ප්‍රතිපල දායි අයුරින් විනෝදජනක ආකාරයකින් අපට ඇසෙනවා. ඔබට මෙය ඇසෙන විට කුමක් අහගෙන ඉන්නද කියල ඔබ එහි හඬ මධ්‍යස්තයේ සිටිනවා, වගේ දැනෙයි, මොහොතින් මොහොට ඔබේ අවධානය වෙනස් වනවා සේ දැනෙයි.  ඒ මොකද කියනවා නම් ඔබට හඬවල් දෙකකින් වෙන වෙනම නමුත් එකවර ඇසෙනවා. මෙය ඔබට පැහැදිලිව නොතේරුණත් ඔබේ යටි සිතට තේරෙනවා. යටි සිත එය වෙන වෙනම වෙන්කරගන්නවා.
පැරලිමිනල් ක්‍රමයේ ප්‍රතිපලදායිම සොයා ගැනීම මෙයයි.


ලෝකයේ දැනට එක් එක් අරමුණු සඳහා සකසන ලද පැරලිමිනල් හඬ පට බොහෝ සේ පවතිනවා. ඇත්ත වශයෙන්ම අප ඒවා මිලදී ගත යුතු වෙනවා. නමුත් බොහෝ දෙනා නොමිලේ දෙන අඩවි වලින් ඒවා ලබා ගැනීමට පුරුදුව සිටිනවා. මෙය ඒවා නිෂ්පාදනය කරන්නන්ට මහත් අසාධාරනයක් සිදු කරනවා. නමුත් මෙම අත්දැකීම ඔබට ලබා ගන්න සිතෙනවාම ඇති. එය ප්‍රයෝජනවත් වෙයිද නැද්ද කියල විශ්වාසයකුත් නැතුව ඇති. ඒ හින්දා නිකන් බොරුවට සල්ලි වියදම් කරා කියලත් හිතෙයි.
ඔයාලට මොනවා හිතුනත් කමන්නෑ. මේ අත්දැකීම විඳගෙන බලන්න. මම ෆ්‍රී ගන්න පුළුවන් ලින්ක් එකක් දෙන්නම්


මෙතනින්  බාගන්න 


නැතිනම් පැරලිමිනල් කියල ගූගල් එකේ සර්ච් කරන්න, එතකොට ගොඩක් ඒවා එනවා. ටෝරන්ස්ට් එහෙමත් තියෙනවා. හැබැයි ඔක්කොම ඉංග්‍රීසියෙන් තියෙන්නේ, සරල ඉංග්‍රීසියෙන් හැමෝටම තේරෙයි. මේක අමුතුම ආකාරයේ වෙනසක් වෙයි, හරි යනවද නැද්ද කියල හිතන්න එපා, නිකන් ට්‍රයි කරලා බලන්න, මෙහෙම දේවලුත් තියෙනවා කියල දැනගෙන හිටියත් ඇතිනේ.