Blogroll

Pages

Sunday, September 4, 2011

වෙනස් වෙන්න කැමතිද?



මොකද්ද මේ NLP?


NLP කියන්නේ Neuro Linguistic Programming කියන ඒක. මේක පළවෙනියටම හොයාගත්තේ රිචඩ් බෑන්ඩ්ලර් හා ජෝන් ග්‍රයින්ඩර් යන විද්‍යාඥයන් විසින්. 
ප්ලාස්ටික් සැත්කම් කිරීමෙන් පසුවත් එම පුද්ගලයින් තමාට පෙනෙන අයුරින් මුහුණේ කිසිදු වෙනසක් නොවූ බව ඔවුන් පවසන බව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය මැක්ස්වෙල් මෝල්ට් වෛද්‍යවරයා පවසා තිබුනා.


ඒ අනුව සයිකෝ සයිබෙනටික් නම් තාක්ෂනය බිහි උනා. මෙය එකළ මානව මනස වෙනස් කල හැකි ප්‍රබල ක්‍රමවේදයක් උනා.


ඉන් පසු ජෝන් ග්‍රයින්ඩර් හා රිචඩ් බෑන්ඩ්ලර් යන අය NLP තාක්ෂයය හදුන්වා දුන්න. මෙය මානව ඉංජිනේරු විද්‍යාවේ (Human Engineering) ප්‍රබල සංදිස්ථානයක් උනා.


මෙමගින් මිනිසුන්ගේ හැසිරීම් රටාවට සෘජු බලපෑමක් කල හැකි බව ඔවුන් පර්යේෂණාත්මකව හා ප්‍රායෝගිකව පෙන්වා දුන්නා.


NLP හි මූලික තේරුම මේ අයුරින් වෙනවා


Neuro - හිත, අපි හිතන විදිහ, අපේ හැඟීම් හා චිත්ත රූප
Linguistic - භාෂාව, වාචික, වාචික නොවන, ලියන හා ලිවීමට නොහැකි
Programming - යම් කිසි භාෂාවකින් සිතට බලපෑමක් කල හැකි තාක්ෂණික උපක්‍රමය


සෘණ සිතුවිලි අයින් කරමුද?
අනවශ්‍ය දේවල් වලට ප්‍රතිචාර දැක්වීම හා අනවශ්‍ය සිතුවිලි අපිට පහසුවෙන් ඉවත් කරන්න පුළුවන්, ස්විෂ් ක්‍රමය හරහා අනවශ සිතුවිලි හා අනවශය ප්‍රතිචාර පහසුවෙන් අවශ්‍ය සිතුවිලි හා ප්‍රතිචාර දැක්වීම් සදහා යොදා ගන්න පුළුවන්, මක්නිසාද ස්විෂ් ක්‍රමය මගින් සිතුවිලි සම්පූර්නයනේ වෙනස් කරනවා. එය වෙන කොහේටවත් නොව මොලයටම පණිවිඩ ගෙනියනවා

ඔබේ ජීවිතයට NLP

අපේ සිතුවිලි, විනය හා හැසිරීම සඳහා මෙය ඉතා වටිනා ක්‍රමයක් වෙනවා ඔබ ස්විෂ් ක්‍රමය භාවිතා කරන හැම වාරයක් පාසාම ඔබේ අනවශ දේවල් පිලිබඳ සිතුවිලි ක්ෂණිකව ඉතා වටිනා සිතුවිලි බවට‍ පත් කරන්න හැකි වෙනවා ස්විෂ් ක්‍රමය මගින් ඔබේ හැකියාවන් දියුණු කර එය ඒවා උපායශීලිව භාවිතා කරන්න හැකි වෙනවා
ඔබ ඉතා අපහසුතාවකට පත් වන අවස්තාවකදී ඔබ දක්වන ප්‍රතිචාර පාලනය කිරීමට හැකි වෙනවා ඒ වගේම ඔබට අවශ්‍ය හැසිරීම් රටාව ගොඩනගා ගැනීමට හැකි වෙනවා.....

මතු සම්බන්ධයි............

2 comments:

  1. අකුරු ටිකක් ලොකු කරානම් හොදයි කියලා හිතෙනවා.

    ReplyDelete
  2. හරි... තැන්කු වේවා. පොස්ට් ඒක කොහොමද?

    ReplyDelete