Blogroll

Pages

Monday, September 10, 2012

සතුන් යනු ඇවිදින මස් ද?

මිනිසා සර්වභක්ෂකය, ඔය වාක්‍ය මම 3 වසරේ ඉඳං දන්නේ. මිනිස්සු මස් සහ ශාක ආහාරයට ගන්න හින්දා මේ විදිහට සර්වභාක්ෂකක් වෙනවා. එත් බොහෝ විද්වත්තු ගේ මතය අනුව මිනිසාගේ ආහාර මාර්ගය මස් අනුභවය සඳහා සැකසී නොමැති බවක් පෙන්වා දෙනවා. කෙසේ වුවද ආධ්‍යාත්මික වශයෙන් ඉහල මිනිස්සු මස් අනුභාවයෙන් වැළකී සිටිනවා. ආධ්‍යාත්මික මට්ටම කෙසේ වුවද සංවේදී හදවත් ඇති මිනිස්සු හා මස් වලට උපතින්ම අප්‍රිය හෝ පසුව අප්‍රිය වන මිනිසුන්ද මස් මාංශ වලින් ඈත් වීමට උත්සාහ කරනවා. 
ඇත්තටම අපිට මස් සහිත ආහාරයක්‌ හෝ මස් කුට්ටියක් දැක්කාම කටට කෙල උනනවා. මස් මාංශ කන කෙනෙක් මොකක් හරි උත්සවේකට ගිහාම බත් ඒකෙන බාගයක් මස් දාගන්නේ. සර්වභාක්සක සත්තු වන අපි ඒ තරම් මස් කෑමට ආශා කරනවා.

මස් කියන්නේ සතෙක්ගේ ජීවිතයක්. මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් ජීවත් වීමට අයිතියක් තියෙනවා. මිනිසුන් තමන්ට ඕනේ විදිහට තමන්ගේ වාසියට ධර්ම කරුණු වෙනස් කරගත්තත් මම හිතන්නේ නෑ කිසිම ආගමක සත්ව හිංසාව අනුමත කරනවා කියල. සතෙක් මරනකොට උට වේදනාවක් ඇති වෙනවා. එතකොට ඒ ඇති වෙන වේදනාව හා තරහට අනුව ඒ සතාගේ ශරීරයේ විෂ නියුරෝපෙප්ටයිඩ් හැදෙනවා. සතා මැරුණත් ඒ විෂ නියුරෝපෙප්ටයිඩ් මස් වල තියෙනවා. මිනිස්සු ඒ මස් කෑවාම ඒ විෂ රසායන සහිත මස් ශරීර ගත උනාම මිනිස්සුත් තිරිසන් වෙනවා. ඉක්මනින් තරහා යනවා. ලෙඩ හැදෙනවා. ඒවා සාමානයෙන් සිදු වෙන්නේ නෑ වගේ පෙනුනත් අපි පිළිගත්තත් නැත්ටත් ඒවා ශරීරය තුල සිදු වෙනවා.

 මස් කියන්නේ මරපු සත්තු, නැති නම් සත්තුන්ගේ මළකුණු. ඒවා හාල් මැස්සෙක් උනත් හරකෙක් උනත් එකයි. සමහරු බලෙන් මස් කෑම නවත්තාගෙන ඉන්නවා, එත් ඔවුන්ගේ යටි සිතින් මස් කෑමට ආසා වෙනවා. ඇත්තටම මස් කෑම නැවැත්විය යුත්තේ එය අවබෝධ කරගැනීමෙන් විය යුතුයි. දෙව්දත්තෙර බුදුන්ට සංගයා වහසේලාගේ විනය පිලිබඳ දුන් නීති වල මස් අනුභවය සම්බන්ධයෙනුත් කරුණක් ඉදිරිපත් කර තිබ්බ.
"සංගයා වහන්සේලා කිසිදු අයුරකින් මස් මාංශ අනුභව නොකළ යුතුයි"  එත් බුදුන් වහන්සේ එය පිළිගත්තේ නෑ. එකට හේතුව මිනිස්සු පෙර භාව වල තිබ්බ පුරුදු මේ භාවයේත් තියෙන්නට පුළුවන්. සමහර විට තිරිසන් ආත්මෙක උපත ලබලා තිබ්බා නම් ඒ තිරිසන් ගති මේ ආත්මෙත් තියෙන්නට පුළුවන්. එහෙයින් ඔවුන්ට එම පුරුදු සිව්රක්‌ දාගත් සැනින් ඇත හැරීම ඉතා දුෂ්කර දෙයක් විය හැකි බැවින් එම පුරුදු ටිකෙන් ටික අවබෝධයෙන් යුතුව ක්‍රමානුකූලව අත් හැරිය යුතු නිසා විය යුතුයි. එසේ නොකර එම නීතිය සංගයා වහන්සේලා වෙත බලෙන් පැටෙව්වා නම් උන් වහන්සේලා අසහනයකට පත් විය හැකි අතර මෙයින් සංගයා වහන්සේලා මස් මාංශ අනුභව කිරීම අනුමත කරන්නෙත් නෑ.
සියළු සතුන්ට මෛත්‍රී කරන විට එම මෛත්‍රී සිතින් සතුන්ගේ මස් අනුභවය සිදු කිරීම අවබෝධයෙන් යුතුව අත් හැරීම සිදුවෙනවා. මෙය සංගයා වහන්සේලාට පමණක් නොව සාමාන්‍ය මිනිසුන්ටද පොදු දෙයක් වනවා. අපි පොඩි කාලේ ඉඳං පුරුදු වෙලා තියෙන පුරුද්දක් ඒක වර අත් හරින්ට කොච්චර අමාරුද? එත් සමහර දේවල් අවබෝධ වූවාට පසු පහසුවෙන් අත් හරින්නට පුළුවන්, සමහර දේවල් පියවරෙන් පියවර ක්‍රමානුකූලව අත් හරින්ට පුළුවන්. එය ඒක වර අත් හැරීම තරම් අපහසු නොවනවා. කොහොම උනත් තනියම කරන්ට අමාරු සමහර දේවල් කණ්ඩායමක් එක්ක පහසුවෙන් කරන්ට පුළුවන් වෙනවා. 

සමස්තයක් විදිහට රටක ජාතියක් මස් මාංශ අනුභාවයෙන් සම්පූර්ණයෙන්ම ඈත් කිරීමට නොහැකි වෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත් කිරීම අපහසු වෙනවා. එසේ වුවහොත් ධීවර කර්මාන්තයෙන් ජීවත් වන මිනිසුන් ඉතා බරපතල ගැටලුවකට මුහුණ දෙනවා. රටක ධීවර කර්මානයෙන් ජීවත් වන මිනිස්සු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ විදිහටම සත්වපාලනයද එසේමයි. සත්ව පාලනයෙක් ජීවත් වන මිනිස්සු බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. කිරි නිෂ්පාදනය කරන විශාල ගව ගොවිපලක එම සතුන්ගෙන් කිරි අරන් ඉවර උනාම උන් කොහෙටද යවන්නේ? පිං හරක් විදිහට යැව්වොත් එම ගොවිපලවල් ආශ්‍රිතව පිං හරක් කොච්චර ඉදීද ඔය දේවල් වලට සාමාන්‍ය මිනිස්සුන්, පූජකවරු ඕනේ තරම් උත්තර දෙයි. ඒත් ඒ දේවල් ප්‍රායෝගිකව කරන්ට ගිහාම ඒ උත්තර එකක් වත් ප්‍රායෝගික නොවන බව පේනවා. මේ සමතුලිතතාවය නැති කරොත් එතන ලොකු ප්‍රශනයක් ඇති වෙනවා. ගවගාතනය ගෝ නතර කිරීමට නම් ගොඩක් ප්‍රශ්න වලට කලින් උත්තර හොයාගෙන ඉන්ට වෙනවා. එක රැයින් ඕවා නවත්තන්ට පුළුවන් කියල හිතාගෙන හිටියත් එක ගොඩක් සංකීර්ණ දෙයක්. 

එත් අහිංසක සත්තු යොදාගෙන කරන මෝඩ ඇදහිලි බිලි පූජා වගේ දේවල් නම් අනිවාර්යයෙන්ම නැවැත්විය යුතුයි.

මරණයට නියම වෙලා ඉන්න සතෙකුට අභය දානය දීම තමා මිනිසුන් හැටියට අපට කල කරන්ට පුළුවන්. ඒත් ඔය අභයදානය දීල ඉන්න පිං හරක් මුස්ලිම් අවුරුදු දවස් වලට අතුරුදහන් වෙනවා. නෝම්බි අල්ලන්නේ නැති අම්පාරේ කෝවිල ළඟ ඉන්න පිං හරක් ටික මුස්ලිම් අවුරුදුත් එක්ක නෑගම් යනවනේ. එකයි කිව්වේ රටක සත්ව හිංසනය නැති කිරීම ගොඩක් සංකීර්ණ දෙයක්. 
 
රටක රාජ්‍ය නායකයකු සතුව සත්ව හිංසාව පිටු දැකීමට හා මධ්‍යසාර භාවිතය අවම කිරීම වගේ දේවල් වලට උත්තර තිබ්බත්, එයට විරුද්ධ වන සල්ලිකාර  පාර්ශව හා චන්ද පිලිබඳව කෑදර කමින් පසුවන මිනිසුන් අමාත්‍ය මණ්ඩලයක් සිටින හින්දා මේ වගේ දේවල් දිහා කිසිම ආණ්ඩුවක් නිකමට වත් හැරිලා බලන්නේ නෑ. සාමාන්‍ය මිනිස්සු විදිහට අපිට මේ දේවල් වලට කල හැකි බලපෑම ගොඩක් අඩුයි. මොකද ඒ පිටුපස විශාල සැලසුමක් තිබිය යුතු හින්දා. 

මස් නොකන මිනිස්සු මස් කන මිනිස්සුන්ට බනිනවා, මස් කන එක නරක පුරුද්දක් කියල දෙන්ට උත්සාහ කරනවා.  ඒ මිනිස්සු දිහා පිළිකුලෙන් බලනවා. තරහෙන් බලනවා, මළකුණු කන එවුන් කියල හිතින් බනිනවා. මස් කන මිනිස්සු දෙවියන් සියළු සතුන් මවා ඇත්තේ මිනිසුන්ගේ ආහාරය පිණිසයි කියල තර්කයක් ගේනවා. නැත්නම් මස් කියන්නේ මැරුණ සත්තු. මස් කන ඒකෙන ප්‍රාණ ගාතයක් වෙන්නේ නෑ කියනවා. ඒ හින්දා මස් කෑවට පව් සිද්ද වෙන්න නෑ කියනවා. ඔය තර්ක හා අදහස් ඊයේ අද හෙට මෙන්ම අනාගතයේදීද පවතීවි. 

"කොහොම උනත් අවසාන නිගමනය උසස් ශිෂ්ටාචාරයක් තියෙන මිනිස්සු සතුන් මරා ආහාරයට ගැනීම තිරිසන් ගතියක් වන අතර එය පරිනාමයේ නොදියුණු ලක්ෂණ පෙන්නුම් කරනවා. මිනිසා වැනි උසස් මනසක් ඇති පරිනාමයේ උච්චතම අවස්ථාවේ සිටින ජීවින් සතුන් මරා ආහාරයට ගැනීමේ තිරිසන් පුරුද්ද අත් හරිය යුතුයි." 

සිත සහ ශරීරය සමාන්තරව පරිනාමය සිදු නොවී තිබෙන්නට ඇති. ශරීරය ඉතා ඉක්මනින් පරිනාමයේ ඉහලට ආවත්, හිත දඩයම යුගයේ සිට පරිනාමය හෙමින් සිදුවෙනවා විය හැකි. එහෙම නැති නම් සංසාරගත පුරුදු අත් හැරීම අපහසු වෙලා හෝ ඒවා අත් හරින්නට උත්සාහ නොකරනවා ඇති. නොදියුණු ශිෂ්ටාචාර වල මිනිසුන්ගේ ජාන අප තුල පවතිනවා විය හැකී. ඔය මොක උනත් අපි මස් මාළු කනවා, හාල් මැස්සෝ කනවා, උම්බලකඩ කනවා, එහෙම මස් කන අයට මම පොඩි දෙයක් කියන්ට හදන්නේ. ඒ මස් කනකොට, විශේෂයෙන් පොඩි දරුවන්ට මස් දෙනකොට මේ ගැන හිතල බැලිය යුතුමයි. 
මම මස් පිණිස සතුන් ඇති කරන ලංකාවේ ජනප්‍රියම ගොවිපලක පුහුණුව ලබන කාලයේ ලබපු අත්දැකීමක් හින්දා මෙහෙම කියන්නේ. මේක කියන්නේ මස් කන එක නතර කරවන්ට නෙවෙයි.
 මහ එවුන් කොහොම කෑවත් පොඩි එවුන් ගැන මීට වඩා හිතන්ට ඕනේ හින්දා.
ෆාම් ෆ්‍රෙෂ් කියල ලේබල් එක ගහල තියෙන ඒ සත්තු මස් වෙන හැටි ගැන. ඇත්තටම ඒවා ලේබලේ තියෙන හැටියට නැවුම් මස් නම් කෑවට අව්ලක් නෑ. ඒත් ඇත්තම ඒවා නැවුම් මස් නෙවෙයි. තිරිසන් ගානට වැටිලා ඉන්න සල්ලිකාර මිනිස්සු සල්ලි හම්බකරගන්ට මිනිස්සුන්ට මස් කන මිනිස්සු තිරිසනුන් ගානට දාල කරන එක තිරිසන් වැඩකට මමත් හවුල් කරුවෙක් උනා. ඒ මගේ ට්‍රේනිං එක වෙනුවෙන්. ඒ ෆාම් එකේ ඉන්න සත්තු ටික මම දැක්කේ ජීවත් වෙන්ට ආසාවෙන් ඉන්න ඇවිදින මස් විදිහට. ඒ කතාව ඊළඟ පොස්ට් ඒකෙනන් දාන්නම්. 



5 comments:

  1. පරිනාමයේ ඉහලට යාම වෙනත් වචන වලින් කීවොත් තිරිසනාගෙන් ඈත්වී යාමයි.. තවත් සතෙකු මරාගෙන කෑම තිරිසනාගේ ගතියයි.. පරිනාමයත් සමග එය ක්‍රමයෙන් ඉවත්වීගෙන ගියත් ආර්ථික දියුණුව පස්සෙන් ආ වානිජකරණයත් එක්ක දැන් අපි ආපහු ගමන් කරනවා තිරිසන් වර්ගයා දෙසට ආපසු .. ( ඕනෑම මනුස්සයෙකුට තියෙනවා තිරිසන් ගති සහ මනුස්ස ගති. (මන උස්ස ) මනුස්ස ගතිය තමයි යථා දැකීම නොහොත් දියුණු විධිහට සිතීම. තිරිසන් ගතිය තමයි හැඟුම් වලට වහල් වීම. සිතේ දෙපැත්ත මෙහෙමයි.. යථා දැකීම මගින් හැඟුම් පරාජයකර ඉවත් කිරීම තමයි නිවන.. නිවන තමයි මනුස්ස පරිනාමයේ උච්චතම අවස්තාව.. ) ඔබ සහමුලින්ම හරි.. අවබෝධයෙන් මිස බලෙන් මස් මාංශ අත්හැරීමෙන් පලක් නැහැ.. ආපසු වෙනස්වෙන නිසා.. සාම සතෙකුටම වධ නොවිඳ තමා ගෙනා ආයුෂ ඉවර කිරීමට ඇති සාධාරණ අයිතිය පිළිගන්න කෙනෙකුට එක කලහැකියි.. හැබැයි මම නම් ආගම උදෙසා මරණ එකෙයි මස් උදෙසා මරණ එකෙයි වෙනසක් දකින්නේ නැහැ.. දෙකම දක්වන්නේ පරිනාමයෙන් බාල තිරිසන් ගති නිසා. මැරීමට එරෙහිවීම හොඳයි.. එත් ඊටත් වඩා හොඳයි මස් මාංශ අතහැරීමට අවබෝධය ලබාදීම.. මේ මිහිතලය පවතිනතාක් කල් මැරිල්ල සහ මස් කෑම යන එක නවත්තන්න බැහැ. ඒත් ඉහල තලයකට පරිනාම වීම ඉදිරියට ගෙනගිය හැකියි..

    ReplyDelete
    Replies
    1. ඔව් මස් පිණිස මැරුවත් ආගම උදෙසා මැරුවත් වෙනසක් නෑ තමා, එත් මම කිව්වේ මස් පිණිස මහා පරිමාණයෙන් කරන ව්‍යාපාර දේවල් මිනිස්සු කරන්නේ ජීවත් වීමට, ඒක නැති කරන්ට අමාරුයි, එතන යම් කිසි සමතුලිත වීමක් තියෙනවා. ඒ මස් පිණිස ඇති කරන සතුන් සමාජයෙන් හංගලා මරන්නේ, එත් බිලි පූජාවල් වලදී පොඩි එවුන්ගේ පවා ඇස් පනා පිට සතුන්ට කන්ට නොදී තිරිසන් විදිහට වද දීලා මරල දානවා. ඉතින් උනුත් ඒක හරි දෙයක් විදිහට දකිනවා, මොකද ඒ දේවල් සමාජය අනුමත කරනවා වගේ දෙයක් වෙන හින්දා.

      සමහර දේවල් ප්‍රසිද්දියේ කරාම සමාජයට හොඳක් වෙනවා, සමහර දේවල් වලින් නරකක් වෙනවා. මහා පරිමාණ සත්ව පාලන හෝ ධීවර ක්‍රියා නැවත්වීමට නොහැකි උනත් සමාජයක් විදිහට ඒ බිලි පූජාවල් නැවතවීමට මිනිසුන් ගත් උත්සාහය අගය කල යුතුයි නේද?

      Delete
  2. දෙයක් හිතන්න තියෙන හොඳ පෝස්ට් එකක්..

    ReplyDelete
    Replies
    1. ඔව් හිරුවෝ, දැනගත යුතු දෙයක් නොව හිතල අවබෝධ කරගත යුතු දෙයක්.

      Delete
  3. මේකනන් එකෙන්ම හුගක් ප්‍රයෝජනවත් පෝස්ට් එකක්.රස කර කර මස් කෑවට කවුද දන්නෙ මේවයෙ මෙහෙම දෙවලුත් තියනව කියල.

    ReplyDelete