Blogroll

Pages

Saturday, September 15, 2012

මනෝකාය රාවණා යුගයට.......



මම  වර්ගපූර්නිකාවේ යටගියාව කියවමින් සිටියෙමි. කෙසේ හෝ මට නින්ද ගිහිල්ලා කියල තේරුනේ, ඔරලෝසුවේ වෙලාව 2 පමණ වූ නිසාවෙනි. මම හනිකට ගොස් ලයිට් නිවලා බුදියාගන්ට හැදුවත් ආයේ ඇද දිහා හැරිලා බැලුවේ මගේ උකුල් පරිගණකට ඇද උඩ බව මතක් උන හින්දා. 

පුදුමෙනුත් පුදුමයකි, මම ඇදේ නිදාගෙන ඉන්නවා, හොඳටම නින්ද ගිහින්. එතකොට මම?????
කළුවර වැස්සේ ගහන අකුණක් වගේ මට මතක් උනේ මගේ ඇස්ටල් බොඩි එක හෙවත් මගේ මනෝ කය ශරීරයෙන් එලියට ඇවිල්ලා කියල. මල හුට්ටප්පරයයි. ජනප්‍රවාදයේ තියෙන හැටියට මෙහෙම ගොඩක් වෙලා හිටියොත් බූතයෝ, පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ ශරීර කූඩුවට රිංගගන්නවලු. බය වැඩි කමටත් එක්කම ඊතලේ වගේ ඇවිල්ලා මම ඇදේ තිබ්බ මගේ ශරීර කූඩුවට පැන්නා.

ඒත් මම කොහෙට වැටුනද කියල හිතාගන්ට ටිකක් අමාරු උනේ ඒක පාරටම ඔක්කොම කළුවර උන හින්දා. මම දුඹුරු පාටට හුරු දිග බෝක්කුවක් වගේ වලයාකාර ගුහාවක් ඇතුලට ඇදිලා යනවා  කියල තේරුනේ ඊට ටික වෙලාවකට පස්සේ. මම වේගයෙන් කැරකි කැරකී ඒ ගුහාව දිගේ ඇතුලට වේගයෙන් ඇදිලා යනවා. මම ඉතිං හයියෙන් කෑ ගැහුවා. කෑ ගහන ගමන් මාව ඇදිලා ගිහින් අදුරු බව නැති කරමින් ආලෝකමත් උන පරිසරයකට වැටෙනවා දැනුනා. මම ඇස් ඇරලා බැලුව වට පිටාව. 

ඇස් අදහාගන්ටත් අමාරුයි. පුදුම ලස්සන පරිසරයක්. ටිකක් ඈතින් ලස්සන දිය ඇල්ලක් තියෙනවා. එතන කස්තුරි මුවෝ දෙන්නෙක්‌ වතුර බොනවා, නිල් පාට අහසේ සුදු පාට පුළුන් වලාකුළු ඒ පරිසරය තවත් ලස්සන කරනවා.  හරිත පැහැ තණතිල්ල පෑගෙනකොට පුදුමාකාර සනීපයක් දැනෙනවා, ඒ තණතිල්ල මතින් ඇවිදිමින් මම දිය ඇල්ල ලඟට කිට්ටු කරා. ඈතින් නිල්ම නිල් පාටින් ලස්සන ගංගාවක් තියෙනවා, දිය ඇල්ල ලඟට යනකොට ඇගට පුදුමාකාර සැහැල්ලුවක් දැනුනා. මම නිකන් පාවෙනවා පාවෙනවා වගේ. මම දිය ඇල්ලෙන් වතුර ටිකක් බොන්ට අත් දෙක ළං කරලා වතුර දෝතක් ගත්තා, එතකොටම තුරඟුන්ගේ හඬක්‌ ඈතින් ඇහෙන්නට උනා. ඉක්මනට වතුර ටිකක් බීලා, මම ඒ දිහාවට ගියා.

තණතිල්ල සිසාරමින් තුරඟුන් පිටින් අසුරයන් සේනාවක් වේගයෙන් මං දිහාට එනවා. මම හිතුවේ මම ඉවරයි තමා කියල. ඒත් උනේ වෙනම දෙයක්. දිය ඇල්ලේ මැද තියෙන ලොකු ගල් පොත්තක් හින්දා දිය ඇල්ල දෙකඩ වෙනවා වගේ මගේ ලගින ඇසුර සේනාව දෙකඩ වෙලා ගිහින් මාව පහු කරගෙන ගියා. හරියට උන් එකෙක් වත් මාව දැක්කේ නෑ වගේ ගියේ. මම ඒ උන් නොපෙනෙනකම් බලාගෙන ඉදලා ඉස්සරහට ගියා. ටික දුරක් යනකොට  

උඩු රැවුල වවාගත්තු රත්තරන් වලින් විලි වසාගෙන ඉන්න තේජස් වූ මනුස්සයෙක් එනවා.

මම හිතුවේ පොරටත් මාව පෙන්නේ නැතිව යයි කියල

ජදු සා ජානේ ලගා...... පාගල් බනානේ ලගා...... විසිල් එකකුත් ගහගෙන ගියා.

අස්සයා පිටින් ආපු එකා මං ළඟ නැවතුනා කියාපි. 

එම්බල නරය තෝ කොහේ යන්නේද? කියල ඇහුවා මගෙන්

මම කිව්වා ඉතිං මම මේ... මම මේ.... ආආආආඅ ......

මොකද යකෝ කෙකර ගාන්නේ, කියාපිය.

අංකල් මේ කොහෙද?

අංකල් එම්බල පිසාචය,  අංකල් යනු අං දෙකක් ඇති කාලකන්නියෙකි. මට එසේ පැවසීමට තා මොන කුම්බලාවෙක්ද?

මල හතිලව්වුවයි......

නෑ අයියේ මේ....

ඈ අයියේ...... මට හිතයි තොගේ බොටුව ගලවලා ඉස් ගෙඩියෙන් ෆුට් බෝල ගහන්ට, හැහැ..අයියේ.

අඩා බලාපිය මං දිහා, තොට ඔලු කීයක්‌ පේනවද?

එකයි....... එකයි.......

තූං විතරක්, හොඳට බලාපිය... මේ කන්නාඩි දෙක දාගෙන බලාපිය. (ඒ කන්නාඩි දෙක හරියට 3D ෆිල්ම් බලන කන්නාඩි දෙකක් වගේ)

ජොපමාල අම්මේ..... ඔළුම 10ක්‌ නේ, (මේ රා වක්කරපු නරෙන්ද්‍රයා නේ)

පස්වාන් දහසකට බුදු වන්ට දෙවියන් වහන්ස, මම දැන් දන්නවා මම ඉන්නේ කොහෙද කියල.


ආ උඹ මේ වැයික්කියට අලුත් වගේ, නැගපිය අසු පිටට.

(මේකා මගුලක් කතා කරනවා, මම කොහමද මෙච්චර උස එකෙක්ගේ පිටට නගින්නේ)

හෑ..........මෙන්න බොලේ ඇවිදින පඩි පෙළක්. මම පඩිය උඩට නැග්ගා. අස්වයාගේ පිට උඩට ගියා. පඩිපෙළ ඒක පාරටම නැති උනා.

ඔන්න දැන් මමයි රාවනයි අස්වයා පිටේ යනවා, ටක්කු... ටක්කු.... ටක්කු..

සර්....... ආ නෑ.... නෑ...... මේ රජතුමණි ඔබතුමන්ගේ දඬු මොනරා කෝ?

ඉන්නවා බොල ඌ ඊයේ මාත් එක්ක හඳට ගියා, දැන් නිදි.

(රත්තරන් දුවේ මගේ රත්තරන් දුවේ) රාවණා ගේ ජංගම තෙලබනුව නාද වෙයි.

ආ මයේ කෙල්ලේ කියාපිය. හත්වලාමයි, මේ මගුලේ බැටරි බැස්සා නේ

රාවණා නුග ගහක්‌ ලඟට ගොස් නුග කොළ දෙකක් කඩා බැටරිය චාජ් කරන්නට විය. මගේ කටේ කෙල හිදෙන කන් ෆුල් චාජ් වනතුරු මන්තර ජප කරන්නට සිද්දවිය.

ඕං ශ්‍රී රාවණා ශක්ති සද්ධිං විඣිමාහ හරිං හරිං ශ්‍රී ය

මම දැන් උඹව ගෙනියාන්නේ පරීෂනාගාරේට. උඹව හොදට පරීක්ෂා කරන්ට ඕනේ. උඹ පරගැති ඔත්තු කාරයෙක්ද කියල දන්නේ නෑ

නෑ නෑ රජතුමණි. මම බුදියාගෙන ඉන්නකොට මෙහෙට වැටුනේ. 

හාහ් හාහ් හා................... හාහ් හාහ් හා...................  හාහ් හාහ් හා...................  පිස්සු නැත්තනම් සෝක්, කට වහගෙන හිටු. මාලිගාවට යනකම්.

මාලිගාවට කිට්ටු කරයි.

අප්පට සිරි මේක මොන මාලිගාවක්ද, පිස්සු හැදෙනවනේ. මේක වටේ ඉන්න සිකුරිටි ලා කැටිය.... මයේ දෙයියෝ............

මාලිගාවේ දොර ලඟට යනකොට ඒක ඉබේම අරුනා, ඇතුලට ගියාන් පස්සේ ආයේ වැහුනා.

මම අස්සයා පිටින් බැස්සා...

හෑ............ හනුමා කයිද රොස් පාන්, රාවණා රිමෝට් ඒකෙන් අස්වයා ඔෆ් කරා. අස්වයා නැති උනා. මේක ඉන්ස්ටන්ට් ඉලෙක්ට්‍රොනික් අස්වයෙක් නේ, ඒ උනාට ඇත්තම එකෙක් වගේ. මාර තාක්සනේ ඈ.........

ඒ වෙනකොට ටිකක් රෑ වෙලා, ඒත් ලයිට් දාල නෑ. රාවණා ඇහුවා ළඟ එකෙක් ගෙන මොකද යකෝ ලයිට් දාල නැත්තේ. 

රජතුමණි පවර් ෆෙලියර් එකක්.

ඈ යකෝ බෝලාලට මම කියන්ට් ඕනෙද එකත්...... අර පූසෝ ටික මතුරලා ගනින් විගහට. 

ඒක නම් ඉතිං මගේ වෙලාව, මොකද පූසෝ මතුරන්ට වෙන්නේ කන්යාවන්ට නේ. හොක් හොක් හොක් මම හිතින් හිනා උනෙමි.

රාවණා මාව වීදුරු කුටීරයක්‌ අතුලට දැම්මා, රාවණාත් ආවා හැබැයි. ඔන්න ඒක පාරටම ලිෆ්ට් එකේ ගියා වගේ රූම් එකක් දොරක් ලඟට වැටුනා. ඒත් මොනවා උනාද කියල තේරුනේ නෑ. 

බිලාල මන්තරෙන් ජපා කරපු පූසොන්ගේ ආලෝකයෙන් මාලිගාව ඒකාලෝක වෙලා තිබ්බේ. හරියට පාට පාට බල්බ් දාල සරසපු තොරණක් වගේ,  පූසෝ මදිවට බල්ලොත් ඒක ඒක තැන වල ඉන්නවා ලයිට් දාගෙන,
එතන රාවණාගේ විද්‍යාගාරෙලු, ජෙනරෙටරේ පණ ගන්වනකම් එතන ටිකක් වෙලා ඉන්ට සිද්ද උනා. 

ටික වෙලාවකට පසු ස්වයංක්‍රීය දොර ඉබේම අරුනා. ජෙනරෙටරේ වැඩ, විද්‍යාගාරේ ඇතුලට ගියා.

වාව්. මාර විද්‍යාගාරයක්‌ නේ. පිස්සු හැදෙනවා. 

හරි උඹේ ජාන පැටිකිරිය ස්කෑන් කරන්ට ඕනේ, පලයන් අර කුටීරේට.

ඔන්න ජාන පිටපත ගන්නකම් නම් ටිකක් වෙලා තපින්ට වෙයි. මේ අතරේ මට කැමරා ටීවී වලින් පේනවා මම දන්නා එකෙක් හිර කරලා කියල. ඒත් මට හරියටම පැහැදිලිව පෙන්නේ නෑ. කව්ද මේ? ඊට පස්සේ මොකද උනේ?





11 comments:

  1. එල එල..හිනා වෙල බඩත් රිදෙනවා...අර පුසො මතුරපු එක තව ටිකක් විස්තර කරා නම් මරු....

    "හෑ............ හනුමා කයිද රොස් පාන්, රාවණා රිමෝට් ඒකෙන් අස්වයා ඔෆ් කරා. අස්වයා නැති උනා. මේක ඉන්ස්ටන්ට් ඉලෙක්ට්‍රොනික් අස්වයෙක් නේ, ඒ උනාට ඇත්තම එකෙක් වගේ. මාර තාක්සනේ ඈ........."
    එක සිරා පාර...

    ReplyDelete
  2. රාචිය ඉතුරු ටිකත් කියපන්කො බං.

    ReplyDelete
  3. Your comment will be visible after approval.

    මේක පුරුදුඋනේ මීයගෙන්නේ?

    ReplyDelete
  4. මේකනන් සිරා මේ දවස් වල මීය දාන පෝස්ට් වලට වඩා මේව පට්ටම ආතල් දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  5. රාචි, ඔබ දැක තිබෙන්නේ හීනයක් නොවෙයි. ඒක තමයි ඇත්ත සිද්ධිය. ශ්‍රී රාවණයන්ගේ ශරීරය මහකුඩුගල ගිරි ශිඛරයේ තැන්පත්ව තිබුණත් එතුමාගේ සිත දැන් සිටින්නේ අසුර ලෝකයේ. අසුර ලෝකයේ තවත් විස්තර පවසන්න.

    ReplyDelete
  6. පිස්සු හැදෙනවා රචි එල එල ........
    ඔහොම යන්.......
    ආ උබත් හොද කතා ලියනවනේ.මියා වර්ගේත් නවත්වයිද දන්නේ නැ... උබත් මෙහෙම ලියන්න ගියාම.
    මියා මේ ජෝක් එක සිරාවට ගනීද දන්නේ නැ

    ReplyDelete
  7. අනේ මන්දා මේ රාවන පිස්සුව කොහෙන් නතර වෙයිද කියල.. අල්ලපු රටේ උන් රාමාට වඳිනකොට අපි කරන්නේ මෙහෙමයි..

    ReplyDelete
  8. කෝ අප්පා මේකේ ඉතුරු කෑල්ල දාන්නේ නැද්ද???? පස්ට කතාව නේ... නිකන් ෆිල්ම් එකක් බලනවා වගේ.........

    ReplyDelete
  9. වර්ගපූර්නිකාවේ ලින්ක් එක දැකලා මේ පැත්තේ ආවේ.
    ඇස් වලින් කඳුලුත් එනවද මන්දා.. :ඩී :ඩී
    ශ්‍රී රාවන සිද්ධම්!!

    ReplyDelete
  10. අඩේ එම්බා රාචියටත් බ්ලොගක් තියේ කීලා දැංනේ දන්නේ...
    එල එල ඈ,.
    දැං එන්නං දිගට හරහට මේ පැත්තට..

    ReplyDelete
  11. හප්පට සිරි මේ අපේ රාචිනේ. ඉතින් ඉතින්? යස අපූරු ගමනක් නේ ගිහින් ඇවිත් තියෙන්නේ වර්ගපූර්නිකාව බලල දැන් නුඹෙත් ඔලුව කොලොප්පන් වෙලාද?

    ReplyDelete