Blogroll

Pages

Saturday, September 22, 2012

රාවණා යුගයේදී සිරගත වීමි

මෙහි පළවෙනි කොටස බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙන්න ලින්ක් එක   මනෝකාය රාවණා යුගයට  

අද එතැන් සිට...............

ජාන පිටපත පරිලෝකනය කරලා ඉවර බවට ලැබෙන සංඥාව නිකුත් උනා. ඒ සමගම රජතුමා විද්‍යාගාරය පැත්තට එනවා ටීවී කැමරා වලින් පෙනුනා. රාවණා තුමා විද්යාගාරේ ඇතුලට ඇවිල්ලා විද්‍යාඥයා එක්ක කතා කරනවා. එක පාරටම පොරට ගොඩක් තරහා ගියා වගේ මූණ අමුතු උනා. තව ටිකක් වෙලා යද්දී තරහෙන් පුපුරණ බවක් මූනේ පෙනුණා

මේකා රාවණා විරෝධියෙක්, මූ අල්ලා හිරේට දාපිය, කියලා රාවණා මාව පහු කරගෙන ගියා. 

අනේ රජතුමෝ මම එහෙම එකෙක් නෙවෙයි. මම හිරකරන්ට නම් එපා. මම මේ ලෝකේ කෙනෙක් නෙවෙයි. මම මෙහෙට වැටුනේ වැරදිලා. 

මගේ අදෝනාව රාවණා කහවනුකට වත් මායිම් කොරේ නෑ. 

මුර කාරයෝ දෙන්නෙක් මාව කුදලාගෙන ගියේ හිරේට දමන්නට



ඔන්න හිරකූඩු වල ලොක්කා හෙවත් ජේලර් වගේ කෙනක් ඈතින් එනවා දැක්කා. පොර ඇවිල්ලා හිර කූඩුව ඇරියේ, එකේ තිබ්බ ඇගිලි සලකුණු යන්ත්‍රයේ පොරගේ ඇහිල්ල තියලා. අවුරුදු  30 000 ට කලින් මේ වගේ හිර කූඩුවක් තිබ්බා කිව්වොත් කව්රුත් විශ්වාස කරන එකකුත් නෑ. හැබැයි මට ජේලර් දැකල පුරුදුයි වගේ. මම කල්පනා කර කර ඉන්නකොට මාව කූඩුවට දාල දොර වැහුවා. 

බැලින්නම් ඌ ජේලර් නවෙයි, ආරක්ෂක ලේකම් ලූ. පොර  මම දිහා බලල මූට නම් බඩු හරි කියල යන්ට ගියා. කිරි අප්පට බල්ලෝ පැනපි මේ ඇනෝ කාරයා නේ. මූ එහෙ පොර ටෝක්ස් දීගෙන ඉන්නේ මූ රාවණාගේ ආරක්ෂක ලේකම්  හින්දනේ. මට ඒ වෙලාවේ හිතුනේ මීයාත් මේ කොහේ හරි ඇති කියාලා

මම ඉතින් දුක සේ හිර කූඩුවට ගිහින් ලයිට් නිවලා කම්පනාවට වැටිලා ඉන්න ගමන්ම දන්නෙම නැතුව නින්ද ගිහින්.

උදේ එක පාරටම වහිනවා වගේ තේරුනා. මම විගහට ඇහැරිලා වටේ පිටේ බැලුවා. එත් එක්කම වැස්ස නැවතුනා. වැස්ස කිව්වට වැස්සක්ම නෙවෙයි. රාවණාගේ හිරේ ඉන්න මිනිස්සු ඇහැරවන්නේ එහෙමයි. ඊට පස්සේ ඔබට සුභ උදෑසනක් ගෑනු කෙනෙක් කියනවා ඇහුනා. 

අප්පට සිරි මේක හිර කූදුවක්ද කියල හිතුනේ ඒ වෙලාවේ. 

බිත්තියේ LCD ටීවී තිරයක් තියෙනවා. ඉස්සරහින් AC මැෂිමක් තියෙනවා. කන්නාඩි මේස, සෙන්ට් පවුඩර්, අටැච් බාත් රූම් පිස්සු හැදෙනවා අප්පා. 

මම නම් හිතන්නේ රාවණා තරම් හිරකරුවොන්ට හොඳට සලකපු මනුස්සයෙක් මේ තුන් ලෝකෙම නැතුව ඇති.




මෙසේ උඩ තිබ්බ රිමෝට් ඒකෙන ටීවී එක ඔන් කරා. ඔබට සුබ උදෑසනක්. ඔබේ උදෑසන ආහාරය තෝරාගන්න

බත් 
ඉදිආප්ප
පීට්සා
රොටී
ආප්ප 
තොසේ

සමඟ 

මස්
හොදි
බිත්තර
සම්බෝල් 


ඔන්න ඔය වගේ දිග ලිස්ට් එකක් ආවා

මම පුරුදු විදිහට බතුයි පොල් සම්බෝලුයි සෙලෙක්ට් කරා. ඒක ටච් ක්‍රමේට තමා තොරන්ට තිබ්බේ

ඔන්න ටික වෙලාවකින් පොලව යටින් මේසයක් ආවා, එකේ මගේ බ්රේක්ෆාස්ට් ඒක තිබ්බා. රෑට කාවෙත් නැති හින්දා බඩ පැලෙනකම් කෑවා.

කාලා වොෂ් එකක් දාගෙන ඉන්නකොට මට එකෙක් කෑගහන සද්දයක් ඇහුනා. උඹේ පුකට කරන්ට් ඒක අල්ලනවා කියලා.

ඌ මම හිටපු කූඩුව ඉස්සරහින් දක්කාගෙන යනවා දැක්ක. අයියෝ කහවනු, මේ think twice නේ, මූ මොකද මෙහෙ කරන්නේ. මම මෙහෙම හිත හිතා ඉන්නකොට 

හ්ම්ම් දැන් වැඩ කරන්ට ලෑස්ති වෙනවා කියල ආරක්ෂක ලේකම් හෙවත් ඇනෝ කාරයා විල්ලා ඇගිල්ල තියලා කූඩුව ඇරලා ගියා

ඊට පස්සේ හිර කාරයෝ ගොඩක් කොහෙටද දක්කන් යනවා, මමත් ඒ පස්සෙන්ම ගියා. ඒකත් එළිමහන් සිර කදවුරක් වගේ. එත් මොනවා හරි කර්මාන්තයක් වගේ තමා දැක්කේ.

කස්ටිය ඇදුම මාරු කරපු හින්දා, මමත් විගහට ගිහින් වැඩ කිට් එකක් දාගත්තා. 

මම එකෙක් ගෙන් අහුවා මේකේ මොකද කරන්නේ කියල. මේක මේ යගදා හදන කරුමාන්තයක්. එකෙකුට දවසකට යගදා ක් හදන්ට ඕනේ. 

කියල එතන වැඩ කරන එකෙක් කිව්වා.


මම නිකමට වගේ එකක් උස්සන්ට බැලුවා. අම්මෝ මොන ඉස්සිලිද මාර බරයි, මට නම් එකක් හොල්ලන්ට වත් බෑ, මේකෙන් 25ක් කොහේ හදන්ටද කියල හිතුනා.

කොහොම උනත් රොබෝලා වගේකුත් හිටියා ඒවා උස්සන්ට ඒ හින්දා වැඩේ එච්චර අමාරුවක් උනේ නෑ.

කලින් වැඩ කරලා ඉවර උනොත් අනික් එකෙකුට උදව් කරන්ට පුළුවන්, නැතිනම් කූඩුවට ගිහින් නිදාගන්ට පුළුවන්. එහෙ වැඩ එහෙමයි.


මම හවස 4 විතර වෙනකොට යගදා 15ක් විතර තමා හදල ඉවර වෙලා තිබ්බේ, එත් අනික් එවුන් කලින්ම හදල ඉවර වෙලා ගියා.

ඔය අතරේ think twice  මගේ පැත්තට ඇවිල්ලා මට මාර සප් එකක් දුන්නා පහ වෙනකොට වැඩේ ඉවර උනා.

මේ උඹ මොකද මෙහෙ කරන්නේ? මම එහෙම ඇහුවා

මම මෙහෙ තමා බං ඉන්නේ, උඹව මට නිකන් පුරුදුයි වගේ. උඹ කොහොමද මූට අහු උනේ. කියලා පොර ඇහුවත් මම කියන දේ තේරුම ගන්ට මූට බැරි වෙයි කියල හිතලා මම සද්ද නැතුව හිටියා

මේකෙන් පැනගන්ට විදිහක් නැද්ද බං?

පිස්සුද මේකෙන් පනිනවා තියා හිතන්ට වත් බෑ. පැන්නොත් ජීවිතේ අන්තිම පැනිල්ල තමා ඌ එහෙම කිව්ව්වා.

අනික බං මෙහෙ හොදයි බං, ගෙදර ඉන්නවට වඩා අර ගෑනි එක්ක ඉන්නවට වඩා මෙහෙ ඉන්න ඒක නිදහස්. 

ගොඩක් එවුන් මෙහෙන් යන්නේ නැත්තේ මෙහෙ සැප හොඳ හින්දා. සමහර එවුන් කාලයක් ඉදලා ඇති උනාම ජාන වෙනස් කරගෙන යනවා. සමහර එවුන් නම් මැරෙනකම්ම ඉන්නවා.

එහෙම කියලා බෑනේ බං, හැමදාම මෙහෙම ඉන්ට. මේකෙන් පැනගන්ට විදිහක් ඇත්තෙම නැද්ද

ඒක ක්‍රමයක් තියෙනවා

ඈ........ ඒ මොකද්ද?

ජාන වෙනස් කරගන්න එක





එහෙම කියලා ඌ යන්ට ගියා

කොහොම හරි ඔය විදිහට මම සතියක් විතර වැඩ කරා. දැන් යගදා හදන එක ගේමක් නෑ, හතර වෙනකොට වැඩේ ඉවර වෙනවා.

වැඩ ඉවර  උනාම හැමෝටම චිත්තර පටයක් බලන්ටත් පුළුවන් කැමති නම්. 

මමත් ඉතින් කලින් වැඩ ඉවර කරන්නේ පින්තූර පටිය මුල ඉදන්ම බලාගන්ට ඕනේ හින්දා.

පළවෙනියට රාවණාපින්තූර පටා ගාරයට යන්ට ඕනේ, ගිහින් පුක තියන අටුවකින් හෙවත් පුටුවෙන් වාඩි ගන්ට ඕනේ.
 පළවෙනි වතාවට යන එවුන්ට හැදින්වීමක් කරනවා. චිත්තරපට හදන නගරයක් තියෙනවා රාවණාපුරේ එකට කියන්නේ හෙලු පුරේ නැතිනම් හෙලුවුඩේ කියල. සුද්දෝ අද හොලීවුඩේ කියල නම දාගෙන ඉන්නේ මේ නම හොරකම් කරගෙන විය යුතුයි. ඉන්දියානුවන් බොලිවුඩ්, කොලිවුඩ් කියල මේ විදිහට නම දාගෙන ඉන්නේ හෙලුවූඩ යන නමෙන් කොපි කරගත්ත එකක් විය යුතුයි.





හෙලුවූඩේ ජනප්‍රිය නළු නිලියෝ ගොඩාක් ඉන්නවා. කාරුක්‌ සාන්, කල්මන් සාන්, කමීර් ආන්, දන්ජේ සත්, සීති ප්‍රින්ටා, චෝයන්කා පිප්‍රා  වගේ අයත් ටුම් ක්‍රෝස්, කෙකලස් නීජ්, ජෝන්ජලීනා ඇලී, වගේ ගොඩක් නළු නිලියෝ ඉන්නවා. ඒ අය ගැන මුලින්ම හදුනවලා දෙනවා. 

මම පළවෙනියටම බැලුවේ කාරුක්‌ සාන් නාටක කරපු රා ඕනේ බයිස්කෝප් එක. එකේ මූලික අරමුණ වෙලා තිබ්බේ රා පෙරන්නන් දිරිමත් කිරීම, ඒ වෙනකොට ලෝකේ විශාලම රා නිෂ්පාදනාගාරය තිබිලා තියෙන්නේ රාවණාට. දේශීය නිෂ්පාදන ඉහල දැමීම හා සුද්දන්ට රා පෙවීම රාවණා රජුගේ අදහස වෙලා තියෙන්නේ.

ඔය අතරේ ජාන වෙනස් කරගෙන හරි මෙහෙන් පැනගන්ට ඕනේ කියල මට හිතුනේ මම මෙහෙ එකෙක් නෙවෙයි නේ. මගේ ජාන වෙනස් කරාට මේක මගේ ඇත්තම බොඩිය නෙවෙයි හින්දා. එත් think twiceyata මේ ගැන සතියක් විතර පැහැදිලි කරලා, පොර යාන්තමට වගේ වැඩේට කැමති වෙලා හිටියේ.

කොහොම  හරි පොරත් එක්ක ජාන වෙනස් කරගන්න වැඩේට අන්තිමට සෙට් උනා.

ජාන සැලැස්ම වෙනස් කරනවා කියන එක තමා රාවණාගේ හිරෙන් නිදහස් වෙන්ට තියෙන එකම ක්‍රමේ. එතකොට ඒ මනුස්සයා රාවණා පාක්ෂිකයෙක් වෙනවා. රාවණා විරෝධී ජාන ඉස්සරහට යන්නේ නෑ. එත් ජාන විකෘති වෙන්නට පුළුවන් කියල අනතුරු ඇඟවීමක් කරනවා.

ජාන පිටපත වෙනස් කරන එකට අමතරව තව මොලේ ස්නායු සන්නිවේදනයත් වෙනස් කරනවා. මොලේ සියලු තොරතුරු neck top computer හෙවත් මොළ පරිගණකය කියන විශේෂ පරිගණකයකට තොරතුරු භාගත කරනවා, ඊට පස්සේ අතීත මතක අමතක කරවනවා. එත් හැමදේමත් නෙවෙයි.


ජාන පිටපත වෙනස් කිරීමට විශේෂ තාක්ෂණික ක්‍රමයක් තියෙනවා, ඒවා DNA extraction(වෙන්කිරීම),  duplication (රාවණා රූපී ලෙස වෙනස් කිරීම), replication,(වෙනස් කර ජාන දෙගුණ කිරීම),  multiplication (ඒවා තව දුරටත් ගුණනය කිරීම)

මෙය වර්තමාන ජාන ඉංජිනේරු විද්‍යාවේ මේ විදිහේ පියවර 4කින් සිදුකරනවා

1.DNA cleavage and isolation
2.Production and recombinant DNA
3.Cloning
4.Screening

වර්තමානයේ ජාන වෙනස් කිරීම, ජාන ඉංජිනේරු විද්‍යාව හෙවත් genetic engineering විදිහට මේ රාවණා විද්‍යාගාරයේ අවුරුදු ගණනාවකට පෙර සිදු වී ඇති අතර මොලයේ ස්නායු සන්නිවේදන ක්‍රමය වෙනස් කිරීම NLP (Neuro linguistic programming) හෙවත් ස්නායු වාග් තොරතුරු කැවීම ලෙස වර්තමාන පර්යේක්ෂකවරු සොයා ගැනීම තුල සැකයක් පවතින බවත් රාවණා යුගයේ තාක්ෂනය සුද්දන් විසින් සොරා ගෙන ඇති බවක් කීමට සමහරු පෙළඹී ඇත්තේ මේ නිසා විය හැකිය.

මේ වෙනස කරන්නේ කොහොමද? මේ වෙනස කරාට පස්සේ මේ දෙන්නට මොනවා වෙන්ට ඇද්ද?

ජාන වෙනස් කිරීම හා ස්නායු සන්නිවේදන ක්‍රමය වෙනස් කිරීම ගැන ඊළඟ පොස්ටුවෙන්, 

ප.ලි
මීවනයා විසින් මට එවාපු පිල්ලියක් වැරදීමකින් මම ගියපු බස් එකේ ඩ්‍රයිවර්ට වැදීමෙන් බස් රථය ප්‍රපාතයකට පෙරලී ගිය අතර මාගේ උකුල්පරිගණය සුන්නදූලි උන හින්දා ඊළඟ කොටස ලියන්ට ටිකක් කල් යයි ඈ.........





15 comments:

  1. උබ මලෙ නැද්ද ඈ??

    බයිද වේ මම මේ පැත්තට අලුත්! :D

    ReplyDelete
  2. ශ්‍රී රාවණ රජතුමාට ජාන පිටපත් සෑදීමේ තාක්ෂණය තිබුණ බව සත්‍යයක්. "ක්ලෝනින්" යනු "කොළොන්" නැමැති හෙළ වචනයෙන් හැදුනක්. "ඕඩි යක්ෂයා" ලව්වා ජාන පිටපත් සෑදවීමට කියන්නේ "ඕඩි කොළොන්" කියලයි. නමුත් අද වන විට ඒ වචනය වැරදි දේකටයි භාවිතා වෙන්නෙ. රාවණ රජතුමා ජාන වෙනස් කම් කරපු සතුන්වත් හැදුවා. හනුමාන් යනු එලෙස ජාන වෙනස් කම් කර හදාපු "ඕඩි කොළොන්" වඳුරෙක්. පසුව ඌ රාවණ රජතුමාගේ රසායනාගාරයෙන් පැන ගොස් වඳුරු පරපුරක්වම බිහිකළා.

    ප:ලි: බොට විතරක් නෙමෙයි "ජනසේන" ටත් පිල්ලියක් යවලයි තියෙන්නෙ. උන්දැ හතර ගාතෙ දාල කෙඳිරි ගගා ඉන්නවලු. බ්ලොග් එක අප්ඩේට් කරනව තියා නැගිටගන්නවත් බෑලු. වර්ගපූර්ණිකාවට බනින උන්ගෙ අත පය කොර වෙනව. ඒ නිසා පරිස්සමෙන්.

    ReplyDelete
    Replies
    1. "හනුමාන් යනු එලෙස ජාන වෙනස් කම් කර හදාපු "ඕඩි කොළොන්" වඳුරෙක්. පසුව ඌ රාවණ රජතුමාගේ රසායනාගාරයෙන් පැන ගොස් වඳුරු පරපුරක්වම බිහිකළා."
      පල යන්න. ‍තෝ තමයි ඕඩි කොලෝන් ගාගත්තු වදුරා..‍තෝ හෝමො සේපියන් කෙනෙක් නෙමෙයි.

      Delete
    2. [[තෝ හෝමො සේපියන් කෙනෙක් නෙමෙයි.]]

      එම්බා තින්ක්ට්වයිස්, මතක නැද්ද මම පෙන්වල දුන්න අපි හෝමෝ සේපියන් නෙමෙයි, හෝමෝ ඉරෙක්ටස් කියල?

      Delete
    3. මේ ඉන්නේ මීයා. අම්මපා හිතුව මැරිලා කියල. මොකෝ බොල අලුත් පොස්ට් නැත්තේ? මොකක්ද අර අටවල තියෙන ඉලව්ව. යුසර් නේම් මුරපද අහන්නේ. මොකක් හරි ලියපිය බොල

      Delete
  3. ඒ උනාට උඹ මහ කැත වැඩේ කරේ, මට පිල්ලි එවන්නේ නැතුව අහිංසක මිනිස්සු අරන් ගිය බස් ඩ්‍රයිවර්ට නේ එව්වේ. පව් අහිංසක මිනිස්සු. ඒක මගේ ලගින් වත් ගිහින් නෑ බං, අපරාදේ මගේ ලැප

    ReplyDelete
  4. අප්පට සිරි, මේක වර්ගපුර්නිකාවට වඩා හොදයිනේ බන්..අපරාදේ කියන්න බැ..මු හොද එකා මටත් ප්‍රදාන චරිතයක් දීලා.. තැනක් යු වේවා....!!
    ඔන්න මීවන පචයෝ උබට බැ මෙච්චර හොද කතා හදන්න..උබ පරාදයි..

    ReplyDelete
    Replies
    1. රාචිගේ ලේඛන ශෛලිය විශිෂ්ටයි. ඒ බව මම පිළිගන්නව. එනිසයි වතාවක් ඔහුගේ කොමෙන්‍ටුවක් ලිපියකටම දැම්මෙ. නමුත් මම වගේ නෙමෙයි, රාචි කෙළින්නෙ තනිකරම පච නෙ.

      Delete
    2. මීවනයෙනි මේ පච නෙවෙයි. වර්ගපුර්නිකාව කියවන අතරේ මගේ මනෝකය රාවණා යුගේට ගියා. එහෙදි උන දේ තමා ඔය.

      Delete
    3. අනික උඹ එවපු පිල්ලිය වැදිලා මම ගිය බස් ඒක කුඩු උනා, මගේ ලැපත් කුඩු උනා. මිනිස්සු ගොඩකට තුවාල උනා. ඒවා බොරුද එතකොට ඈ.....

      Delete
  5. රාචියා ඉතුරු කොටස ඉක්මනට ලියපන්. මේක මීයගෙ එකට වඩා ආතල් බන්.

    ReplyDelete
  6. අලුත් පෝස්ට් එක පබ්ලිෂ් වී නැත.

    ReplyDelete
    Replies
    1. දැනුවත් කරාට ස්තුතියි. පොඩි අව්ලක් වෙලා තිබ්බ, දැන් හරි.

      Delete
  7. පිස්සු මීකුදු කිව්වලු

    ReplyDelete