Blogroll

Pages

Tuesday, November 13, 2012

රාවණාගේ ටොප් සීක්‍රට්

කාලෙකට පස්සේ............
කොහොමද යාලුවනේ ඉතින් පහුගිය ටිකේ එක දිගට වැඩ වලට හිර වෙලා හිටිය හින්දා බ්ලොග් එක දිහා වත් බලන්ට බැරි උනා. වැඩි කතා ඕනේ නෑ... 

අන්තිමට අපිට රාවණා රජතුමා වර තුනක් දුන්නා, එක මතක නැත්නම් මෙතනින් බලන්ට


1. මාසයක් තුල සිදුකරන රාවණාගේ නිල සංචාර වල දූත පිරිසට සහාභාගී වීම

2. රාවණාගේ අන්තඃපුරයේ සතියක් ගත කිරීමට අග බිසව හැර

 3. නල ජලය, තෙකලා විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිත   අභ්‍යවකාසයේ සුපිරි නිවසක්


ආචාර්ය මීවන පලානේ ජයරත්නයන් කියපු හැටියට එහෙම තමා සිද්ධ උනේ. 


දෙවැනි වරය ගත්තොත් යකිනියන් එක්ක බුදිය ගන්නයි වෙන්නෙ. තුන් වැනි වරයට ලැබෙන්නේ අභ්‍යවකාශයේ ඇති, වැස්ස සහ අකුණු හොඳින් ලැබෙන ගල් ගුහාවක්, රාවණ රජතුමාට තිබූ සියලුම සුපිරි නිවාස ගල් ගුහානේ. එනිසා මමනම් කැමති පළමුවැනි වරයටයි.

ඔන්න ඔය විදිහටඅපි පලවෙනි වරය තෝරාගත්තා.

හැබෑවටම රජතුමාත් ඒ ගැන ගොඩාරියක් සතුටු උනා. අපි මේ වරය තෝරගත්තු එක ගැන රජතුමා අපි ගැන ලොකු ලොකු ඇමති ලා එක්ක එහෙමත් කියල තිබ්බා. විශේෂයෙන් රාවණා රජතුමාගේ මහ ඇමති වෙච්ච මීවනයාට.

අපි එදා රෑ ෆුල් ෆන් එකක් ගත්තා. රජතුමාගේ නයිට් ක්ලබ් එකේ. උඹල ඒක දැක්ක නම් පිස්සු හැදෙනවා. ඒ වගේ නයිට් ක්ලබ් එකක් ලොවෙත් නැතුව ඇති ඕං 

පහුවදා අපි ගමනට ලක ලැහැත්ති උනා. අපිට සුපිරි ඇදුම් එහෙමත් හම්බුනා. රජතුමාගේ ගාමන්ට් ෂොප් එකේ ඕනෙම ඇදුමක් තෝරාගන්නට අපිට අවසර හම්බුනා. සීතල හින්දා මම බැටළු හමකින් හදාපු ජැකට්ටුවකුත් ගත්තා.
මම හිතුවේ අපි පළවෙනියටම අපිට පිට සක්වල පැත්තේ ටුවර් එකක් යන්ට හම්බවෙයි කියලා. මොකද රජතුමා වැඩිපුර ආස්සරේ කරේ පිට සක්වලයෝ නේ.  අපි ආරංචි කරපු හැටියට පිට සක්වලයෝ උන්ට තාක්ශනේ අරන් තියෙන්නේ අපේ රාවණ රජතුමාගෙන් ලු. එකට හරි යන්ට උන් රජතුමාගේ තාක්ෂණ ෆැක්ටරි වල වැඩ කරනවා. උන් එහෙම ට්‍රේනින් වෙලා තමා එහෙ ගිහින් පියාඹන  පීරිසි එහෙම හදන්නේ. 

ඔය මොක හැදුවත් දඬු මොනරට සමාන කරන්ට දෙයක් තිබිලා නෑ උන් ගාව

අපි පිටත් වෙන වෙලාවත් ආවා. රජතුමා ගිහින් දඩු මොනරාගේ ඉස්සරහා සීට් එකේ ඉදගත්තා. අපිත් පිටිපස්සේ සීට් වල ඉඳගත්තා. 

යන්තරේ පන ගත්තා. පිටිපස්සේ ඉන්න අය සීට් බෙල්ට් පැළඳගන්න. දඩු මොනර අපි පැත්තට ඔලුව හරවලා කිව්වා. 
රජතුමාත් සීට් බෙල්ට් දාගෙන හිටියා. අපිත් විගහට සීට් බෙල්ට් එක දාගත්තා..

ඔන්න දඬු මොනරා ඉගිලෙන්ට පටන් ගත්තා. අපි දන්නේ නෑ තාම කොහෙද යන්නේ කියලවත්. අහන්ටත් බයයි. 

පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා 
වරෙං වරෙං හුලං පොදක් අපේ ඇගේ ගෑවිලා 
කාගේත් කාගේත් පින් පල දීලා
කාටත් කාටත් දෙයියෝ දීලා..........

දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙනවා
අපටත් දවසක හඳ පායනවා 
එදා අපිත් මල් පැණියෙන් නානවා

දඬු මොනරාගේ සින්දුකය වාදනට වෙන්ට පටන් ගත්තා. ෆුහ්........ ෆට්ට නේ. මාර සවුන්ඩ්ස් පිස්සු හැදෙනවා. 5.1 සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එකක් හයි කරලා තියෙන්නේ.

ඔන්න ඔය විදිහට සින්දුවක් එහෙම අහගෙන යනකොට මොනර බිමට බාන්ට පටන් ගත්තා.

ඔබේ ධන නිධානය කියල ලොකු ඩිජිටල් බෝඩ් එකක් පෙන්ට උනා.

හුටා අපි නිධානයක් හාරන්ට වෙන්ට ඇති ඇවිල්ලා ඉන්නේ. මට ඉබේම කියා උනා. 

පිස්සුද බොල අපි ආවේ ස්වීප් ටිකට් අදින තැනකට 

හුට්ටප්පරයයි........යකෝ මුන්ට ගියපු කලක් මේ කාලෙත් ඒවා තියෙනවනේ ඈ..............

මමත් රජතුමාගෙන් අහල  දුවල දුවලා ගිහින් ටිකට් එකක් අරගත්තා, අද අදින ටිකට් එකේ පලවෙනි තෑග්ග ඇතෙක් බරට කහවනු. 

අද රජතුමා තමා දිනපු එකාගේ නම කියන්නේ. ඒ කියන්නේ ප්‍රධාන ආරාධිත අමුත්තා.

මම ගෙනාපු ටිකට් එක රජතුමාට පෙන්නුවා. ඒකේ නම දක බෝනස් හෙවත් ............ 

හාහ් හාහ් හා.................. හාහ් හාහ් හා.................... 

රජතුමා කට ඇරලා දත් තිස් දෙකම එලියට දාගෙන බක බක ගාල හිනා වෙනවා. ෙගෙම්බෙක් වගේ...

මම ඇහුවා මොකද රජතුමා කියල. 

බොට පලවෙනි තෑග්ග ඇදෙන්නේ නෑ.

හෑ............. මටත් මල පැන්නා

 අවසර රජතුමනි එහෙම කියන්නේ කොහොමද අදින්ටත් කලියෙන් 

මොකෑ බොල බැරි...........

හිටපිය මම උඹට කියාලා දෙන්නම්.

උඹේ ටිකටුවේ අංක ටික බලපං 

මෙහෙම කොරාපිය 
19-17=2
35-19=16
36-35=1
දැන් ඔය ආපු උත්තර හතරයි පලවෙනි අංකෙයි එකතු කරාපිය
2+16+1+17=36
ඔය විදිහට කරාම අනිත්ම උත්තරේ ටිකටුවේ අග අංකෙට සමාන වෙනවා නම් බොට පලවෙනි දිනුම ඇදෙන්නේ නෑ.
මම තොට ඇති විස්වාසේට මෙහෙම කියන්නේ කාටවත් කියල අහුවෙනවා එහෙම නෙවෙයි ඈ.... කියල රජතුමා මට පොඩි තර්ජනෙකුත්දැම්මා ඕං.
 මේක කියවන එකාලා කාටවත් කියනවා එහෙම නෙවෙයි ඈ. මම වසල හමාරයි.

ඔන්න ඔය විදිහට තමා අදත් සිද්ධ වෙන්නේ. එදා ඉඳන් රාවණා රජතුමාගේ රහස් තමා අදටත් පාවිච්චි කොරන්නේ. අදටත් මේක වලංගුයි. 
බොරු කියල හිතෙනවා නම් බෝලාල ගන්න මේ වගේ ටිකට් මේ විදිහට කරලා බලාපල්ලා. උඹලට දැනගන්ට පුළුවන් ටක්කෙටම පලවෙනි දිනුම ඇදෙන්වද නැද්ද කියල.

ඔන්න මේක කරලා පලවෙනි දිනුම ඇදෙන සුයිප් එක මොකද්ද කියල අහනවා එහෙම නෙවෙයි. මට ඒ රහස් නම් එලි කරන්ට බෑ. එහෙම උනොත් මාව CID එකෙන් ඇවිල්ලා කුදලාගෙන යයි ඕං ඈ........

ඊළඟට යන්නේ කොහෙටද කියල දැනගන්ට ඕනේ නම් නිතරම මේ පැත්තේ කරක් ගහල බලනවා හොඳයි.......


                       එදා අපිත් මල් පැණියෙන් නානවා

















10 comments:

  1. තාම මීවනපලානෙ ජයරත්නගෙ ලෙඩේ හොඳ නැහැ නෙව....

    ReplyDelete
    Replies
    1. මීවනය දැන් ලියන්නේ නැතුවා වගෙයි

      Delete
  2. මීවන ලොක්කත් දැන් ලියන්නේ නැහැනේ අප්පා. හිටහන්කෝ මාත් ටිකට් එකක් අරන්ම බලන්න!

    ReplyDelete
    Replies
    1. බලපං බලපං ඔය දෙක සමාන නොවෙන එකක් ගනින්, උඹට රාවණා පිහිටෙන් පලවෙනි දිනුම ඇදෙයි ඕං

      Delete
  3. එල එල එකෙන්ම මචො.....

    ReplyDelete
  4. අදම ටිකට් එකක් ගන්න වෙනවා බොල!!

    ReplyDelete
    Replies
    1. බලපං බලපං ඔය දෙක සමාන නොවෙන එකක් ගනින්, උඹට රාවණා පිහිටෙන් පලවෙනි දිනුම ඇදෙයි

      Delete
  5. මීය ලියන්නේ නැති නිසා රාචියා ලියන්න අරන් මට පෙන්නේ රාචි. මීය උඹට වශියක් දීල උගේ පැත්තට හරවාගෙන වගෙයි. නැත්නම් හූනියමක්වත් කරාද දන්නේ නැහැ.

    ReplyDelete
  6. ටිකට් ගත්තොත් නම් බස් එකේ යන්න සල්ලිත් නැති වෙනවා..මෙහෙම හොඳා මට


    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete