මගේ අන්තිම ට්‍රේනිං එක වූ සත්ව පාලනය පිළිබඳව හැදෑරීමට මම ගියේ ලංකාවේ තියෙන ප්‍රසිද්ධම සත්ව පාලන ගොවිපලකට. ඒ වෙනකොට එකේ ට්‍රේනිං දෙන එක නවත්තලා තිබ්බේ. ඒත් එකේ හිටපු නිලධාරියෝන්ට නොවදිනා වැදුම් කරලා ට්‍රේනිං එක හදාගත්තේ, හොඳම දේ තියෙන්නේ එතන හින්දා. ඒ අවුරුදු 8කට පස්සේ ඒ ගොවිපලේ පුහුණුවට ගිය පලවෙනි සෙට් එක විදිහට. මමයි තව යාලුවෝ දෙන්නෙකුයි තමා ට්‍රේනිං එකට සෙට් උනේ.
පලවෙනි දවසේ ගියාට පස්සේ එකේ මැනේජර් සර් අපි තුන්දෙනාට වැඩ බෙදලා දුන්නා. ආ.... අපිට තව උපදෙසකුත් දුන්නා. ඔයාල මේකේ ට්රේනස්ලා උනාට මේකේ ඔෆිසර් ලා වගේ, මේකේ වැඩ කරන ලේබර්ස් ලාගේ ගෙවල් වලට රිංගන්ට බෑ. තමන්ගේ ස්ටේටස් තියාගෙන ඉන්ට ඕනේ. මමයි, තව එකෙකුයි එක තැනට වැටුනේ. අනික් එකා වෙන තැනක. කොහොම හරි අපි දෙවැනි දවසේ ඉදන් ගොවිපලට ගිහින් වැඩ ටික පටන් ගත්තා.
අපිට වඩා අවුරුදු දෙක තුනක් වයස එකෙක් තමා එකේ ට්‍රේනී ඇසිස්ටන්ට් මැනේජර් විදිහට හිටියේ. එකා කැම්පස් ගිය එකෙක් උනත් මාර බක පඩියෙක්. අපි හිතාගෙන හිටියේ මූ නම අමු අලයෙක් කියලා. පස්සේ දැනගත්තා මූ එහෙම අලයෙකුත් නෙවෙයි කියල. හැම චාටර් ඩයල් එකක්ම අලයෝ නොවන අතර, හැම අලයෙක්ම චාටර් ඩයල් නොවේ කියල කියමනකුත් හදාගෙන අපේ වැඩ අපි කරගෙන ගියේ පොරත් එක්ක ෆට්ට ගේම් එකක් දීගෙන. දවසක් මගේ යාළුවාට කියල තිබ්බා, එයාට ගහගන්ට ඕනේ නම්, හවස් වෙලා කැමති තැනකට එන්ට කියපං කියල. මට පිස්සුය ඕකත් එක්ක ගහගන්ට. අනික බං මං අරූ වගේ හරකෙකේ ය ඇගපත තියෙන කියල මම කියනකොට ඔව් බං ඔන්න ඔහේ අපි ආපු වැඩේ කරගෙන යමන් කියලා යාළුවා කිව්වා.
එතනින් පස්සේ ෆාම් ඒකෙන එනකම්ම පොරත් එක්ක කෙස් ම තමා. අන්තිම දවසේ මගේ ප්‍රොජෙක්ට් රිපෝට් එකට පොරගේ නම දැම්මේ නෑ කියල මැනේජරයාගෙන් පලු යන්ට බැනුම් ඇහුවා. මමත් ඉතිං ගොනා වගේ ඔව් සර් ඔව් සර් කියල ඔලුව වන වන අහගෙන හිටියා. මොකද මගේ ට්‍රේනිං ගයිඩ් බුක් එක අස්සන් කරන්ට දුන්නේ අර ගෝත පාලුවාට හින්දා. මම උට කරා වගේ ඌත් මට රිපෝට් එක අජූත කරලා කොමෙන්ට්ස් දාල දුන්නා. ඒත් මම එකේ කොපි ගොඩක් ඔෆිසස් ලට දුන්නා, උන්ට නම් ෆුල් සැට... කොහොම උනත් අරූ අජූත කරපු මගේ රිපොට් එක ආයේ හදලා ෆාම් එකේ ඩොකාට කියල සයින් කරගත්තා.
ඇත්තටම එකේ දේවල් ඉගෙනගන්ට තිබ්බේ ඔෆිසස් ලාගෙන් නෙවෙයි ලේබස් ලාගෙන්, ඉතිං උන් එක්ක ෆිට් නොවී කොහොමද මැනේජරයා කිව්වට. අපි ලේබ්බෝ සෙට් එකත එක්ක ලොවෙත් නැති විදිහට ෆිට් උනා. උන් තමා අප්පා මිනිස්සු. සුපවයිසර්ලට හොරෙන් අපිට හැමදාම කිරි දෙනවා. මොනා හරි ගෙවල් වල හැදුවොත් ඒවත් ගෙනත් දෙනවා. එළවලු ගෙනත් දෙනවා. අපිත් ඉතිං හොරෙන් හොරෙන් උන්ගේ ගෙවල් වලට යන්ටත් පුරුදු උනා. හැබැයි එක දවසක් වත් මැනේජරයාට නම් මාට්ටු උනේ නෑ. අද උනත් ෆාම් එකට ගියොත් එකේ අදුරන්නේ නැති එකෙක් නෑ.
එකේ හාවෝ එළුවෝ හරක් වගේ සත්තු හිටියා. හාවෝ නම් තනිකර මසට ඇති කරේ. එළුවෝයි හරකුයි කිරි ගන්ට. ෆාම් එකේ හරක් මරන්නේ නෑ. කිරි අරන් ඉවර උනාම හරක් මස් කඩේට දක්කනවා. ඒත් එළුවෝයි හාවෝයි නම් මරනවා.
හාවෝ මරන්නේ දෙමල එකෙක්. සතියකට හාවෝ 50ක් විතර මරනවා. එළුවෝ දෙන්නෙක් විතර මරණවා. සත්තු මරණ දවසට අපි ෆුල් බිසී. සත්තු ටික මරණ කාමරේට හෙවත් ස්ලෝටරි රූම් එකට අරන් යනවා. ඊට පස්සේ සුපවයිසර් කාරයා අපිට වැඩේ භාර දීලා පොර මාරු වෙනවා. මරුන සත්තු අපි තමා පැකට් කරන්නේ. හැබැයි අපිට එකට බල කරේ නෑ කව්රුත්ම සුපවයිසර් අපේ බොක්කේ ෆිට් එක. පොරට කරන හෙල්ප් එකක් විදිහට තමා එක කරේ. අනික අපිට ඉගෙනගන්ට ඕනේ හින්දා.
හාවෝ ටික හා කූඩුවත් එක්කම තමා රූම් එකට අරන් යන්නේ. ඊට පස්සේ හාවාගේ කන් දෙකෙන් අල්ලලා පොඩි ලී පොල්ලකින් ඔලුවට දෙකක් ගහනවා. ඔහොම එකවර හාවෝ 15ක් 20ක් විතර ගහල ගහල එක ගොඩට දානවා. ඊට පස්සේ උන් දගලලා දගලලා මැරෙනවා. ඊට පස්සේ උන්ගේ කකුලක් කොක්කේ එල්ලලා හැම ගහනවා. හරියට කෙහෙල් ගෙඩියක් හැම ගහනවා වගේ. ඒත් සමහර මරුනේ නැති හාවොත් එහෙම එල්ලනවා එතකොට උන් පන පිටින් හම ගහනවා. අපි එකට නම් දෙමළට හොඳටම බැන්නා. ඕකව මරලා හැමගහපන් කියල. කොහොම උනත් අපි බලාගෙන හිටියේ නැත්නම් ඌ මරෙන්නේ නෑ. නිකම්ම හමගහනවා. ඔය අතරේ වෙන දුක හිතෙන කෙස් එක තමා, සත්තු මරනකොට උන්ගේ බඩේ පැටව් ඉන්න එක. ඒත් සත්වපාලනය ඉගෙනගන්ට නම් සංවේදී බව අඩු කරගන්ට ඕනේ. මොකද අපිට අයිතියක් නෑ ඒවාට බලපෑම් කරන්ට. අපි හිටියත් නැතත් උන් මැරෙනවා. ඒත් සත්තු මරණ එකාට නම් කියන්නේ හදවත එක කෑවාම පව් සිද්ද වෙන්නේ නෑලු. අපි ඉතිං උට හදවත් ටිකක් දෙනවා උගේ කරදරෙන් බේරෙන්ට.
එළුවෝ මරන්නේත් ඔය විදිහටම තමා. එළුවෝ 3ක් විතර එක වර අරන් එනවා. කටයි කකුලුයි හොඳට ගැට ගහල තමා අරන් එන්නේ. ඊට පස්සේ මොට උන පිහියකින් බෙල්ල කපනවා. එළුවා මර බයේ දගලන දැගලිල්ල නම් එපා වෙනවා. බෙල්ල කපනකොට ලේ විදිනවා ඈතට. බෙල්ල කපලා එළුවා කකුලෙන් කොක්කේ එල්ලනවා, ලේ ටික බහිනකම් ඉන්නවා ටිකක් වෙලා. එතකොට කකුල් ගැටගහල තියෙන අනික් එළුවෝ ඇස් දෙක ලොකු කරගෙන බෙල්ල නැති එළුවා දිහා බලාගෙන ඉන්නේ, අනේ මට නම් මේ දේ කරන්ට එපා කියනවා වගේ, උට එහෙම කියල කෑ ගහන්ට බෑ ඒ උනාට මොකද කට බැදලා තියෙන හින්දා
.
.
උගේ යාලු එළුවා මස් වෙලා පැකට් වලට යනකම් ඌ බලාගෙන ඉන්නේ, උගේ වාරය එනකම්.
එළුවන්ගේ මස් එක එක විදිහට තමා පැකට් කරන්නේ, ගෑනු සත්තුන්ගේ මස් goat curry meat, පිරිමි සත්තුන්ගේ මස් goat meat, සත්තුන්ගේ කකුල් goat legs, අක්මාව goat liver, රූමනය babath, එළුවාගේ වටිනාම හා ගණන් වැඩිම කොටස තමා ඇට දෙක හෙවත් වෘෂණ ඒවා goat sweet boles කියල තමා පැකට් කරන්නේ. එළු මස් කිලෝ එකක් රුපියල් 650ක් වෙනකොට ස්වීට් බෝල්ස් කිලෝ එකක් රුපියල් 800ක් වෙනවා ඒ කාලේ නම්. ඔලුව වෙනම පැකට් කරනවා. ඕක තමා පැකට් කිරීමේ කලාව.
ඔය අතරේ දවසක් එළුවෙකුට හොඳටම අමාරු උනා. පහුවදා එනකොටත් උට හොඳටම අමාරුයි. ලෙඩ වෙලා එහෙම සතෙක් බෙරගන්ටම බැරි තැන ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. මට එකේ නම නම් හරියටම මතක නෑ දැන්. එක ගොඩක් විෂ බෙහෙතක්. එක ගැහුවාම දවස 14ක් යනකම් ශරීරයේ සක්‍රියව පවතිනවා. එක ගැහුවන් පස්සේ දවස 14ක් යනකන් ඒ සතාගේ මස් කන්ට හොඳ නෑ. කොහොම හරි ඒ සතාටත් දවස් දෙකක්ම එක දිගට ඔය ඉජෙක්ෂන් එක ගහලා. අපි හවස යන්ට හදනකොට ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් අප්සෙට් එකේ ඉන්නවා. අපිත් ඒ දිහාවට කිට්ටු කරලා බැලුවා. පොර අපිට කතා කරා.
අර සතා මැරිලානේ.
අයියෝ සර් එහෙමද? එහෙනම් ඩොක්ටර් එයි නේද පොස්ට් මෝටම් එකට.
නෑ නෑ ඩොක්ටර්ට කිව්වේ නෑ. අනික පොස්ට් මෝටම් කරා කියල වැඩක් නෑනේ. නිකන් සතා කපලා විසි කරනවනේ.
එහෙනම් සර් අපි මොකද කරන්නේ?
එක තමා බැලුවේ, අර මිනිහත් අද වැඩට ඇවිල්ල නෑනේ. හිටියනම් මූ මොනවා හරි කරයි. හැබැයි හෙට වෙනකම් තිබ්බොත් නම් කුණු වෙනවා අපරාදේ නිකන් විසිකරන්නේ, ලොකු ගානක් නේ.
සර් දැන් ඉතිං අපි මොකද කරන්නේ?
එක තමා මාත් බැලුවේ, ෂිහ්...
හැබැයි සර් අර මිනිහා හිටියත් ඉතිං සතා මැරුවට පස්සේ අපි තමා ඉතුරු හරිය කරන්නේ. දැන් ඉතිං මූ මැරිලානේ නේද සර්.
මම එහෙම කිව්වේ ලොක්කාගේ හිතේ තියෙන්නෙත් ඒකම හින්දා.
ආ.. එහෙමද? ඔයාලට පුලුවන්ද වැඩේ එහෙනම්... ලොක්කට මල් හතයි
ඔව් සර් ඕවා මොනවද?
ඒත් ඉතිං දැන් හවස් වෙලානේ ඔයාලට වෙලා යයි නේද?
අව්ලක් නෑ සර්, අපි ඉතිං මේ ළඟනේ ඉන්නේ
හරි එහෙනම් එළුවා එළු ගාලේ ඉන්නවා, ඔයාල වැඩේ කරන්න එහෙනම් (එළුවාගේ මළකුණ තමා එළු ගාලේ තියෙන්නේ ඈ...)
අපි ආයේ ගොම කිට් එක ගහගෙන වැඩේට බැස්සා.
වෙනදා එළුවාගේ බෙල්ල කපල හම ගහල දෙන්නේ දෙමළා, අපි කරන්නේ, එළුවාගේ මස් කිලෝ එකේ පැකට් කරන එක.
එළුවා අරන් ගියා එළු ගාලට, බෙල්ල කැපුවා,
මචන් අපි මගේ හම ඉරන්නේ නැතුව ගමු, එතකොට පදං කරලා ආයේ එළුවාව හදන්ට පුළුවන් වෙයි.
කියල යාළුවා කිව්වා.
මචන් අපි මගේ හම ඉරන්නේ නැතුව ගමු, එතකොට පදං කරලා ආයේ එළුවාව හදන්ට පුළුවන් වෙයි.
කියල යාළුවා කිව්වා.
ඔව් මචෝ එහෙම කරමු එහෙනම් කියල අපි එළුවා හොඳට හම ගහගත්තා හම ඉරෙන්නේ නැති විදිහට.
හම හෝදලා වෙනම පැත්තක තියාගත්තා.
ඊට පස්සේ ලොවෙත් නැති විදිහට එළුවා පැකට් කරා. අපි රෑ 8.30 විතර වෙනකම් එළුවව පැකට් කරා. වැඩේ ඔක්කොම ඉවර වෙලා මස් ටික ෆ්‍රිජ් එකට දැම්මා. ගේම ක්ලෝස්.
අපි එළු හම අරන් ගිහින් පදම් කරන්ට මාර ගේමක් දුන්නා. ඒත් මුළු ගේම ගඳ ගහනවා. අපිට පිනට නවතින්ට දීලා තිබ්බ අයියලාටත් ඒක මල කරදරයක්(ගඳ ඉවසිය නොහැකිව) උනා කියල අන්තිම දවසේ කිව්වත් ඒ වෙනකම් අපිට කිව්වේ නෑ. ඒ මිනිස්සුන්ට අපි අදත් ණය ගැතී. උන් එක්ක ඉතිං නොබී කොහොමද? කොහොම උනත් වැඩේ සක්සස් උනේ නෑ.අන්තිමට එළු හම වල දැම්මා මාසෙකට විතර පස්සේ
අපේ පණ්ඩිත කමට එදා එක කරාට ඒක හොඳ දෙයක් නෙවෙයි. ඇත්තම ඒ එළුවා ලෙඩ හැදිලා මැරුණේ. අනික අධි විෂ සහිත එන්නත් නියමිත මාත්‍රාවට වඩා වැඩියෙන් දීලා තමා ඌ මැරුණේ.
එළුවෝ විතරක් නෙවෙයි, හාවොත් එහෙම මැරෙනවා. අධි සාන්ද්‍ර එන්නත් ලබාදෙනවා. ඒ මස් දවස් 14 යනකන් කන්ට හොඳ නෑ. ඒත් එහෙම ලෙඩ හැදිලා බෙහෙත් ගහලා මැරෙන හාවොත් එහෙම මස් වෙනවා. උන් පැකට් වලට යන්නේ farm fresh meat විදිහට.
අනික් සත්ව ගොවිපලවල් වල තත්වය නම් මම දන්නේ නෑ, ඒත් මේක ලංකාවේ අංක එකේ ගොවිපලක්. මේ විදිහට ෆාම් වල ඉන්න සත්තු පැකට් වෙන්නේ ඔහොමයි. ඒත් අති බහුතරය නීරෝගී සත්තු. ටික දෙනෙක් ඔහොම ඔය විදිහටත් මස් වෙනවා. ඒත් අපි සල්ලි දීලා ගන්න මස් හොඳද නරකද කියල තීරණය කරන්නේ කොහොමද?
පොඩි දරුවන්ට මස් දෙනකොට දෙපාරක් හිතා බලන්ට. මම කියන්නේ එච්චරයි.


