Blogroll

Pages

Friday, August 5, 2011

වෙනසක් කරමු?

ආධ්‍යාත්මයට චිකන් සුප් වෙතිනි...


අපේ මිතුරෙක් ඉර බසින යාමයකදී බීච් එක දෙසට යමින් සිටියා. ඔහු තරමක් දුර ඇවිද යන විට ඈත සිටින තවත් මිනිසෙකු දුටුවා. ඔහු තව ටිකක් ලං වන විට දේශීය මිනිසෙක් බිමට පහත් වී යමක් රැගෙන නැවැත වතුරට විසි කරන බව දුටුවා. නැවත නැවතත් ඔහු ඒ දෙය වේගයෙන් මුහුදට විසිකරන බව දුටුවා
අපේ මිතුරා තව ටිකක් ලං උනා. ඔහු දැක්කා එම මිනිසා තාරකා මාළුවන් අල්ලාගෙන නැවත වතුරේ ගිල්වා රැගෙන  නැවත වතුරටම විසි කරන බව.
අපේ යාලුවට මේක ලොකු ප්‍රශ්නයක් උනා. ඔහු එම මිනිසා ලගට කිට්ටු වී මෙහෙම කිව්වා. "සුභ සන්ද්‍යාවක් යාළුවා. මම බැලුවේ මේ ඔය මොකද්ද කරන්නේ කියලා. "
"මම මේ තාරකා මාළුවෝ මුහුදට විසි කරනවා.  ඔයාට පේනවනේ දැන් මුහුදේ රළ ගොඩක් අඩුයි. මේ තාරකා මාළුවෝ වෙරළට ගසාගෙන එනවා. මම මම මෙයාලව මුහුදට විසි කරේ නැත්නම් එයාල ඔක්සිජන් නැතුව මැරෙනවා"
"මට තේරුණා" මගේ යාළුවා උත්තර දුන්නා. එත් මුදුදේ තාරකා මාළුවෝ ලක්ෂ ගණක් ඉන්නවා. ඔයාට පුලුවන්ද මේ ඔක්කොම මුහුදට දාන්න. එක ටිකක් ගොඩක්ම අමාරු දෙයක්. අනික ඔයා දන්නවනේ මේ අවට තව මේ වගේ තැන් ගොඩක් තියෙනවා. ඉතින් ඔයා කරන්න යන වෙනස ඔයාට කරන්න බැරි බව තේරෙනවා නේද?
දේශීය මිනිසා සිනා සෙමින්, බිමට නැමිලා තව තාරක මාලුවෙක් අල්ලගත්තා. ඊට පස්සේ ඒ මනුස්සයා තාරකා මලුවැව මුහුදට විසි කරා. ඊට පස්සේ ඔහු මෙහෙම කිව්වා. "ඒ තාරක මළුවාට වෙනසක් ඇති කරා!"

1 comment:

  1. ඇත්ත..අපිට ගමක්‌ රටක්‌ හදන්න බැහැ..ඒත් තමන්ට පුලුවන් විදියට තම තමන් කෙරුවම ගොඩක්‌ දේවල් අපිට කරන්න පුලුවන්.

    ReplyDelete