Blogroll

Pages

Sunday, October 23, 2011

බ්ලොග් එකක් ලියන්න......

මම ඔන්ලයින් හෙල්ප් එකේ පොස්ට් එකක් දැම්ම නිකන් ඉන්න වෙලාවට කරන්න තියෙන හොඳම දේ මොකද්ද කියලා. ඒකට ගොඩක් උත්තර ලැබුනා. 
එත් කොපි කඩේ කුරුං ගුරුං තමා කිව්වේ බ්ලොග් එකක් ලියපන් කියලා. මෙලෝ දෙයක් ලියන්න නැතුව හිටියේ එත්. මොකද මම කැමති නෑ කාගේවත් ඒවා කොපි කරලා දාගන්න. මට හිතුනා එක හොඳ අදහාසක් කියලා. එක හින්දා තමා මගේ බ්ලොග් ඒකට GOOD IDEA කියලා නම දැම්මේ............
කොහොම හරි මොන මොනවා හරි ලිව්වා. ඇත්තටම මම ලියපුවා වැඩක උනත් නැතත් බ්ලොග් එකක් නිකමට හරි ලියපු ඒකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එත් මම දාපු සමහර පොස්ට් ගොඩක් දෙනෙක් බලල තිබ්බා. ඒ ගැන නම් සතුටුයි. මොකද මම ගොඩක් වෙලාවට දාන්න උත්සාහ කරේ කාට හරි වැඩක වෙන දෙයක්. ඉදලා හිටලා ඔය වැඩකට නැති දෙයක් දැම්මට. 
මොනවා උනත් මගේ බ්ලොග් එකේ ෆලෝවස්ලා අඩුයි කියලා වත්. බලන ගැන අඩුයි කියලා වත් කිසිම අව්ලක් නෑ. මොකද මම මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තු නිසා. 
උදව් කරපු යාළුවො හැමෝටම ස්තුතියි. විශේෂය්නේ දිසද ගුරුගේ සහෝදරයාට....

Tuesday, October 18, 2011

මොහොතක් සිතන්න........

ජල බලයෙන් ලෙඩ රෝග සුව කිරිමෙ ප්‍රාතිහාර්ය

ජපානයේ "ලෙඩ රෝග පිලිබඳ සංගමය" නම් ආයතනය ජලය පානය කිරිමෙන් නිදන්ගත වු සහ සුව නොවු රෝග සුව කිරිම පිලිබඳ සාර්ථක අත්හදාබැලිමක් කර 100% ක ප්‍රතිඵල ලබගන්න පිලිවෙලක් ඉදිරිපත් කර ඇත.

එ අනුව සුවකළ හැකි වු රෝග මෙසේය.
1.     අධික රුධිර පීඩනය, නීරක්තිය (ලේ අඩුකම, ලේ වල රක්තානු අඩු බව ) වත රක්තය, අංශභාගය, අධික හෘද ස්පන්දනය, අපස්මාරය, අති ස්ථුලතාවය(තරබාරු බව )
2.     කැස්ස උගුරේ අසදන, ඇදුම, ක්ෂයරෝගය, මොලයේ උණ, අක්මාව හා මුත්‍රාශ රෝග.
3.     අධි අම්ලතාවය, උදර වාතය, ලේ අතීසාරය, මලබද්ධය, දීයවැඩියාව, අර්ශස්.
4.     සියලුම ඇස් රෝග, අක්‍රමවත් මාස ශුද්ධිය, මුත්‍රා මාර්ගයේ පිළිකා.
5.     ඇසේ, කනේ හො දත්වල රෝග.

ප්‍රතිතිකාර ක්‍රමය
උදෑසන පිබීදෙන්න. දත් මැදිමට පෙර මිලී ලිටර් 160 බැගින් උනුකර නිවගත් මද උණුවතුර වීදුරු 4 ක් (බෝතල් 1ක්) බොන්න. ඉන්පසු වීනඩි 45ක් යනතුරු දියර හො ඝන කිසිම ආහාරයක් නොගත යුතුය. ඉන්පසු සමන්යය ආහාර ගත හැකිය. කෑම වේල් 3කට පසු පැය 2ක් යන තුරු කිසිම කෑමක් බීමක් නොගත යුතුයි. රෝගී හො මහළු අයට එකවර වීදුරු 4ක් බීමට අපහසුනම් ටිකෙන් ටික නියමිත ප්‍රමාණය දක්වා එය දියුණු කළ හැකිය.
මෙම ප්‍රතිකාරයෙන් රෝගීන් සුවපත් වන බවත්, නිරෝගී අයගේ තත්වය ආරක්ෂා වන බවත්, සහතික කොට කිව හැකිය.

පරීක්ෂණ වලින් ඔප්පු වී ඇති ආකාරයට එ ඒ රෝග සුව විමට ගත වන කලය මෙසේය.
අ ) රුධිර පීඩනය - දින 30යි        ආ ) උදර වාතය - දින 10 යි
ඇ) දියවැඩියාව - දින 30යි           ඈ ) මලබද්ධය - දින 10 යි
ඉ ) පිළිකාව - මාස 06 යි             ඊ ) ක්ෂය රෝගය - මාස 03 යි

වාත රෝග (ආතරයිටීස් ) රොගයෙන් පෙළෙන අය දිනකට 3 වරක් බැගින් සතියක් මෙය කළ යුතුයි. ඉන්පසු කළයුත්තේ දිනකට වරකි. මෙයින් කිසිම අතුරු ආබධයක් ඈති නොවේ. මුල් දින කිහිපය තුල වැඩි වාර ගණනක් මුත්‍රා කිරීමට සිදුවේ.
අළුයම අවදිවු විට කෙළගසා කට නොසොදා උනුකර මදක් රස්නයට නිවාගත් වතුර බෝතලයක් (මිලි ලීටර් 640 ක්) බඳුනකට දමා දෙ අතට ගෙන වාඩි වන්න. පාවහන් ඉවත් කරන්න. දෙඇස් පියගන්න.දැන් ජලයට බල පිහිටවන්න.

බුද්ධ රත්නයේ අනන්ත ගුන බලයෙන්
ධම්ම රත්නයේ අනන්ත ගුන බලයෙන්
සංඝ රත්නයේ අනන්ත ගුන බලයෙන්
සියළුම බොසත්වරුන්ගේ රත්නයේ අනන්ත ගුන බලයෙන්
දෙමව්පියන්ගේ රත්නයේ අනන්ත ගුන බලයෙන්
ශ්‍රී මහා බොධින් වහන්සේගේ පිහිටෙන්
ශ්‍රී දළඳා වහන්සේගේ පිහිටෙන්
සියළුම දෙවියන්ගේ පිහිටෙන්
මා කරගත් සියලු කූසල් වල බලයෙන් මෙය මට
බෙහෙතක් වේවා!  බෙහෙතක් වේවා!  බෙහෙතක් වේවා! 
මේයින් මා නිදුක්වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා! දීර්ඝායු වේවා!
මාගේ ශරීරයේ ඇති සියලුම රෝග මේ බෙහෙතෙන්ම සුවපත් වෙවා!

දැන් වතුර බිමට පටන්ගන්න. විනාඩි 10ක් හෝ ගෙන බඳුන හිස්කරාට වරදක් නැත. වතුර බොන අතර තමනට ඇති සියළුම රෝග මෙනෙහි කර ඒවා සුව වේවායි සිතන්න. වතුර බි පැයක් ගත වන තුරු  කිසිම බීමක් හෝ කැමක් නොගන්න. පැයකට පසු උදය තේ බොන්න.

මෙසේ දින 10ක් කරන විට ශරීරයේ බර ගතිය අඩු වුවා සේ දැනේ. එතැන් සියළු රෝග සුව විමට පටන් ගනී. යළි එම රෝග හෝ කිසියම් රෝගයක් නොවැළඳි ශරීරය ඇතුලත ඇති සියළුම ඉන්ද්‍රියන් අලුත් වැඩියා වේවි. එමගින් වයස්ගත වීම ප්‍රමාද වේවි.ක්‍රමයෙන් තරුන බවට පත් වේවි.සම පැහැපත් වේවි. බෝහෝ කලයක් ජිවත් විමට වාසනවන්ත අයෙක් වෙවි.

ඩබ්ලිව් ඒ. පී. වසන්ත මහත
ඉන්දාරාමය, තන්තිරිමුල්ල පනදුර.
038 22 34 675

හපුඅච්චිගේ සොමා පෙරේරා විසින් දෙමව්පියන්ට නිවන් සුව පිනිස ධර්ම දානය ලෙස බෙද දේ.    

........................................................................................................
මෙහි ඇති සත්‍ය හෝ අසත්‍ය බව මා නොදනිමි, නමුත් අපි යම් දෙයක් කියන විට එම සංඛ්‍යාතය විශ්වටය එකතු වෙනවා. ඒ වගේම අපේ හඬින් එය ජලයට කිව්වොත්. එම සංඛ්‍යාතයෙන් එම ශක්තීන් ජලයටද එකතු වනවා. පිරිත් පැන් වල යම් කිසි බලයක් සත්‍ය වශයෙන්ම පවතිනවා, එසේ සිදු වන්නේ එම ශක්ති තරංග ජලයට එකතු වී එවා අප පානය කර පසු එම ශක්තිය නැවත අපේ ශරීරයට අවශෝෂණය වීමෙන්. ජලයට ශක්තිය උරා ගැනීමේ විශිෂ්ඨ බලයක් පවතින බව විදයාඥයන් සොයාගෙන තියෙනවා. විශ්වයට සංඛ්‍යාතයක් තියෙනවා. අපට පෙනෙන දැනෙන සංඛ්‍යාතයක් තියෙනවා. ඊට වඩා වැඩි හෝ අඩු සංඛ්‍යාත අපට නොපෙනෙනවා, නොදනේන්නවා, නොඇසෙනවා. නමුත් විශ්වයේ එම සංඛ්‍යාත පවතිනවා.  නමුත් විශ්වයේ මෙම සංඛ්‍යාත පවතිනවා. උසස් මනස තල වල සිටින මිනිසුන්ට මෙම සංඛ්‍යාත සමඟ අනුනාදය වීමට හැකි වෙනවා. එයින් ඔවුන්ගේ බලය හා ශක්තිය විශ්වයේ සංඛ්‍යාතයට සමරුපී වීමෙන් ඔවුන්ට සාමාන්‍ය මිනිසුන්ට වඩා යම් යම් දේවල් දැනෙනවා. පිරිත් වලින් එහි ස්වරයෙන් එහි වචන වලින් මෙම උසස් සංඛ්‍යාත තල සමඟ අනුනාදය වීමට පටන් ගන්නවා. පිරිත් වතුර වල මෙම ශක්තිය ගැබ්ව පවතිනවා.  නමුත් කාලයත් සමඟ එම බලය අඩු වෙනවා, නැවත විශ්වයේ පවතින සාමාන්‍ය සංඛ්‍යාතයෙන් එහි අණු හා පරමාණු කම්පනය වීමට පටන් ගන්නවා.  මෙසේ එක් වරක් පිරිත් පැන් පානය කිරීමෙන් අපේ ශරීරයට යම් කිසි ජවයක් ලැබෙනවා, නමුත් එය නැවත සාමාන්‍ය සංඛ්‍යාතයට හැරෙනවා. එවිට එම ජීවය අඩු වෙනවා. නමුත් හැමදාම මෙහෙම කරොත්, අපි අපේ ධනාත්මක සිතුවිලි හා ජීව ශක්තිය ජලයට එකතු කරලා නැවත එය පානය කරොත් අනිවාර්යෙන්ම ශරීරයට යම් කිසි ජීවයක් ලැබීම නම් අනිවාර්යයෙන්ම සිදු වෙනවා. මෙයට ප්ලැස්බෝ බලපෑම (placebo effect) කියලා කියනවා. ඒ ශරීරයේ තියෙන සුපිරි රෝග සුව කිරීමේ ශක්තියයි..... 

IDM එක්ක ඉක්මනින් බාගන්න......

Internet Download Manager (IDM) මගින් ඕන දෙයක් ඉතා පහසුවෙන් බාගන්න පුළුවන් මෘදු කාංගයක්. එත් ඒක දවස් 30 කින් පස්සේ සල්ලි දීලා ගන්න ඕනේ වෙනවා.
පහලින් තියෙන key gen ඒක මගින් IDM එකේ ඕනේ version එකක් ජීවිත කාලෙටම සක්‍රිය කරගන්න පුළුවන්.
මෙතනින් බාගන්න

Sunday, September 25, 2011

මොසාට් සංගීතය

සංගීතයට පුදුමාකරා බලයක් තියෙනවා. අද රටේ වැහි වැහැලා තියෙන සංගීත සුපිරි තරු තේරීමට මෙතරම් පොර කන හා ඔවුන්ගේ අයිතිය තමන්ගේ කරගන්න දගලන නාලිකා වලින් එය හොඳින් පැහැදිලි වෙනවා.

මම කියන්න යන්නේ ඒ ගැන නෙවෙයි. සංගීතයේ ඒ පුදුමාකාර බලයෙන් අපේ ශරීරය සහ මනස සුවපත් කරන්න පුළුවන්. එකට වෛද්‍ය විද්‍යාවේ කියන්නේ මියුසික් තෙරපි කියලා. අපේ රටේ මෙය එතරම් ප්‍රචලිත නැති උනාට බටහිර රටවල් වල මෙය බහුලව භාවිතා කරනවා.

වොල්ෆ්ගන්ග් අමඩියස් මොසාර්ට් උපත ලැබුවේ මීට වසර 250 කට පෙරය. එනම් 1756 ජනවාරි 27 වන දිනය. ඔහු මයිකල් ජැක්සන් රොබී විලියම්ස් වගේ පුදුමාකරා හැකියාවක් ඇති කෙනෙක් උනා. ඔහු විශ්මිත අන්දමේ සංගීත ඛණ්ඩ නිර්මාණය කළා. ඒවා මිනිසුන්ගේ ජීවිතයට කෙලින්ම බලපෑම ඇති කිරීමට සමත් උනා.

අපස්මාරය, පක්ෂගාතය වැනි රෝගී තත්වයන්ගෙන් පෙළෙන ඇතැම් රෝගින්ගේ අධික රෝගී තත්වය හා දරුණුකම අඩුකළ හැකි තත්වයක් මොසාර්ට්ගේ ඇතැම් සංගීත ඛණ්ඩයන් තුළ හඳුනාගත හැකි බව චිකාගෝ නුවර ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයකු විසින් පෙන්වා දුන් අතර මතක ශක්තිය හීන වීමේ රෝගී තත්වයෙන් පෙළෙන ඇතැම් මිනිසුන්ගේ මානසික පරීක්ෂණ විනාඩි 10 ක් පුරා මොසාර්ට් සංගීතයට ඇහුම්කන් දීමට සැලැස්වීමෙන් අනතුරුව වඩාත් හොඳින් සිදුකර ගැනීමට හැකිවන බව කැලිෆෝනියාවේ අයර්වයින්හි පර්යේෂකයෝ පිරිසක් සොයා ගනු ලැබූහ.

තවත් කෙටි කතා ප‍්‍රවෘත්ති මඟින් ඉහත තත්වයන් තවදුරටත් සනාථ කිරීමේ හැකියාව පවතියි. ප‍්‍රංශ ජාතික රංගන ශිල්පියෙකු වන ගෙරාඩ් දෙපදියු ප‍්‍රකාශ කරන්නේ ඔහුගේ ළමා අවධියේ දී හඳුනා ගත හැකි වූ ගොතය සුවපත් කිරීම සඳහා මොසාර්ට් සංගීතය පිහිට වූ බවයි. සියලු ආකාරයේ ළමා විකෘතිතා වලට මෙන්ම පීඩනය මුල්කොට ගෙන පවත්නා වැඩිහිටියන්ගේ රෝගාබාධ තත්වය සඳහා ප‍්‍රතිකාර ලෙස මොසාර්ට් සංගීතය භාවිතා කළ පුරෝගාමියා වූයේ ඇල්ෆරඩ් තෝමැටිස් නම් වූ ප‍්‍රංශ වෛද්‍යවරයෙකි.

තවද ලන්ඩන් නුවර තදාසන්නයේ ඇති රිච්මන්ඩ් හි පදිංචිකරුවකු වන ජැකී හින්ඩ්ලේ තම සය වියැති පුත් ලෝරන්ස්ට පිහිට වීම සම්බන්ධයෙන් මොසාර්ට් සංගීතය ප‍්‍රශංසනීය ව අගය කරන්නීය. හින්ඩ්ලේ පවසන පරිදි තම පුත් ලෝරන්ස් විශේෂයෙන් ම භාෂා දුෂ්කරතාවය ද සමඟින් අධි කි‍්‍රයාකාරිත්වයෙන් පෙළෙන්නට වූ එහෙත් මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කළ දරුවෙකි. යමෙක් ඔහුගෙන් ප‍්‍රශ්නයක් නැගූ පසු පෙරළා ඔහුට පිළිතුරු ලබාදීම සඳහා පැය භාගයක පමණ නිහඬතාවයක් තම පුතු ගන්නා බව ඇය පවසයි. එහෙත් මොසාර්ට් සංගීතයට කිහිප වාරයක්ම ඇහුම්කන් දීමෙන් අනතුරුව ඔහු වෙත ප‍්‍රකාශ කෙරෙන කුමන දෙයකට වුවද වහා පෙරළා ප‍්‍රතිචාර දැක්වීමේ සකි‍්‍රයතාවයෙන් යුත් ඉතා කි‍්‍රයාශීලි කථිකයෙකු බවට දැන් ඔහු පත් වී ඇති බව පවසන හින්ඩ්ලේ මෙය ඉදිරියේදි වඩාත් ප‍්‍රබලව සකි‍්‍රය වේ යැයි විශ්වාසය පළ කරයි.

මේ අතර ෆරාන්සස් රොෂර් විසින් මෙම සංගීත ඛණ්ඩ යොදා මීයන් යොදා කල පරීෂනයකදී, මීයන් අතරමන් කොට තම වාසස්තානය ඉක්මනින්ම සොයා එන මීයන් වූයේ මොසාට් සංගීතය ඇසීමට සැලැස්වූ මීයන් උනා.

පහතින් තියෙන ලින්ක් වලින් ඔබටත් මොසාට් සංගීතයට සවන් දෙන්න පුළුවන්.

http://www.youtube.com/watch?v=OfFJ0VWwOHg&NR=1

http://www.youtube.com/watch?v=caVr-VdeDvw&feature=related

http://www.youtube.com/watch?v=RRjY0_NktUU

මීට අමතරව තව සංගීත ඛණ්ඩ මෙහි තියෙනවා....

Friday, September 16, 2011

proud.........

සියළු දුෂ්කරතා මැද පොලව සමඟ ගැටී අනාගත කෘෂි ක්ෂේත්‍රයේ දැවැන්තයින් වීමට වෙර දරණ මොවුන්ගේ මෙම උත්සායහය විශිෂ්ඨය. ඔවුන්ගේ කැපවීම හා සහයෝගිතාව අනර්ඝය.

වසර ගණනාවකට පසු නැවත මෙවන් දිවයිනේ සිව් දෙසින් පැමිනි මොවුන්  මෙය රන් පොළවක්  කරනු දැකීම හාඩියට ආදරය කරන සියල්ලන්ම සතුටු වනවා ඇත. 

Sunday, September 4, 2011

වෙනස් වෙන්න කැමතිද?

මොකද්ද මේ NLP?

NLP කියන්නේ Neuro Linguistic Programming කියන ඒක. මේක පළවෙනියටම හොයාගත්තේ රිචඩ් බෑන්ඩ්ලර් හා ජෝන් ග්‍රයින්ඩර් යන විද්‍යාඥයන් විසින්. 
ප්ලාස්ටික් සැත්කම් කිරීමෙන් පසුවත් එම පුද්ගලයින් තමාට පෙනෙන අයුරින් මුහුණේ කිසිදු වෙනසක් නොවූ බව ඔවුන් පවසන බව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය මැක්ස්වෙල් මෝල්ට් වෛද්‍යවරයා පවසා තිබුනා.

ඒ අනුව සයිකෝ සයිබෙනටික් නම් තාක්ෂනය බිහි උනා. මෙය එකළ මානව මනස වෙනස් කල හැකි ප්‍රබල ක්‍රමවේදයක් උනා.

ඉන් පසු ජෝන් ග්‍රයින්ඩර් හා රිචඩ් බෑන්ඩ්ලර් යන අය NLP තාක්ෂයය හදුන්වා දුන්න. මෙය මානව ඉංජිනේරු විද්‍යාවේ (Human Engineering) ප්‍රබල සංදිස්ථානයක් උනා.

මෙමගින් මිනිසුන්ගේ හැසිරීම් රටාවට සෘජු බලපෑමක් කල හැකි බව ඔවුන් පර්යේෂණාත්මකව හා ප්‍රායෝගිකව පෙන්වා දුන්නා.

NLP හි මූලික තේරුම මේ අයුරින් වෙනවා

Neuro - හිත, අපි හිතන විදිහ, අපේ හැඟීම් හා චිත්ත රූප
Linguistic - භාෂාව, වාචික, වාචික නොවන, ලියන හා ලිවීමට නොහැකි
Programming - යම් කිසි භාෂාවකින් සිතට බලපෑමක් කල හැකි තාක්ෂණික උපක්‍රමය

සෘණ සිතුවිලි අයින් කරමුද?
අනවශ්‍ය දේවල් වලට ප්‍රතිචාර දැක්වීම හා අනවශ්‍ය සිතුවිලි අපිට පහසුවෙන් ඉවත් කරන්න පුළුවන්, ස්විෂ් ක්‍රමය හරහා අනවශ සිතුවිලි හා අනවශය ප්‍රතිචාර පහසුවෙන් අවශ්‍ය සිතුවිලි හා ප්‍රතිචාර දැක්වීම් සදහා යොදා ගන්න පුළුවන්, මක්නිසාද ස්විෂ් ක්‍රමය මගින් සිතුවිලි සම්පූර්නයනේ වෙනස් කරනවා. එය වෙන කොහේටවත් නොව මොලයටම පණිවිඩ ගෙනියනවා

ඔබේ ජීවිතයට NLP

අපේ සිතුවිලි, විනය හා හැසිරීම සඳහා මෙය ඉතා වටිනා ක්‍රමයක් වෙනවා ඔබ ස්විෂ් ක්‍රමය භාවිතා කරන හැම වාරයක් පාසාම ඔබේ අනවශ දේවල් පිලිබඳ සිතුවිලි ක්ෂණිකව ඉතා වටිනා සිතුවිලි බවට‍ පත් කරන්න හැකි වෙනවා ස්විෂ් ක්‍රමය මගින් ඔබේ හැකියාවන් දියුණු කර එය ඒවා උපායශීලිව භාවිතා කරන්න හැකි වෙනවා
ඔබ ඉතා අපහසුතාවකට පත් වන අවස්තාවකදී ඔබ දක්වන ප්‍රතිචාර පාලනය කිරීමට හැකි වෙනවා ඒ වගේම ඔබට අවශ්‍ය හැසිරීම් රටාව ගොඩනගා ගැනීමට හැකි වෙනවා.....

මතු සම්බන්ධයි............