Blogroll

Pages

Tuesday, April 17, 2012

අසම්මත වූ ආදරයක, ආදර කවිය අනූ......



ආදරය ගැන කතා ලෝකේ හැම තැනින්ම ඇහෙනවා, කෙනෙකුට ආදරේ වේදනාවක් විදිහටත් තවත් කෙනෙකුට ආදරේ සතුටක් විදිහටත් දැනෙනවා. ආදරය ගැන ලියවෙන ගොඩක් දේවල් ආදරේ වේදනාව ගැන ලියවෙන්නේ, ඒ වේදනාව ගැන ලියන තමන්ගේ ආදර කතාව ලෝකේ තියෙන වේදනාත්මකම කතාව කියල හිතන්නේ, ආදරේ හින්දා ලෝකේ වැඩියෙන්ම දුක්‌ විඳින කෙනා තමන් කියල හිතන්නේ. ඒ මතකය අමතක වෙන්න, ඒ මතකයේ ගැගීම අමතක වෙන්න මැරෙන්න වෙයි කියල හිතන්නේ ආදරේ හින්ද දුක්‌ විඳින අය.

ආදරේ ගැන මම අහපු සංවේදීම කතාව...

මේක අහම්බෙන ෆේස් බුක් එකේදී උන දෙයක්. ගෘප් චැට් එකක මම චැට් කරකර ඉන්නකොට මගේ අදහස් වලට ගොඩක් දෙනෙක් අකමැති උනා. අදහස් වලට කිව්වට කියපු වචන වලට. හ්ම්ම්... එයාල කිව්වේ මෙතන ගෑනු ළමයි ඉන්න හින්දා ඕවා කියන්න එපා කියල, කොහොම හරි මාව ඒ ගෘප් ඒකෙන් අයින් කරනවා කිව්වා. ඕනේ මඟුලක් කියල මමත් සද්ද නැතුව හිටියා. ඒත් එක ගෑනු ළමයෙක්‌ මට කතා කරා. ඒක ටිකක් අමුතු දෙයක් වගේ පෙනුනත් මම හිතුවේ කෙල්ලෙක්ගෙනමකින් ඉන්න කොල්ලෙක්ගේ ෆේක් එකක් කියල. මම එයාට අනු කියන්නම්.

කොහොම හරි මාව ඒ ගෘප් ඒකෙන අයින් කරා.ඊට පස්සේ අනු මගේ යාලුවෙක් උනා, ටික කාලයක් යනකොට එයා ෆේක් නෙවෙයි කියල තේරුනා. කොහොම හරි ඊයේ මට නින්ද ගියේ නෑ. මොකද දවල් දවසම කන පැලෙන්න නිදාගත්තු හින්දා. නින්ද යන්නේ නැති හින්දා පාන්දර 1 ට විතර බුකිය පැත්තේ ආව. අනු ඉන්නවා. ඇත්තටම හිටියේ අනු විතරයි.

කම්මැලි හින්දා මම එයාගේ බ්ලොග් ඒක කියෙව්වා. හ්ම්ම් ආදර කතාවක් තවත්.ඒක ටිකක් අමුතුයි කියල තේරුණා හින්දා මම එයත් එක්ක ඒ ගැන කතා කරා. කුඩු වලට වගේම වෙන වෙන ජරා වැඩ වලට පුරුදු වෙලා ඉන්න කොල්ලෙකුට කෙල්ලෙක් දැන දැනම ආදරේ කරයිද? එහෙම කරන කෙල්ලෝ ඉන්න්නවනම් එක්කෝ නොතේරුම් කමට, නැත්නම් මෝඩ කමට.අනුත් එයාට ආදරේ කරා. ඒ නොතේරුම් කමට වත් මෝඩ කමට වත් නෙවයි. එකයි මෙතන තිබ්බ වෙනස් දේ. ඒ අද කාලේ කෙල්ලෙක් නොකරන දෙයක් කරන්න. කොල්ලෙක් ජීවිතයක් ඉල්ලුවාට පස්සේ හැම දෙයක්ම අමතක කරලා ඒ කොල්ලට ජීවිතයක් දෙන්න.


 දරුවෙක් වැරදි දෙයක් කරනවට දෙමව්පියෝ කැමති වෙන්නේ නෑ.

අනු කරන මේ මෝඩයි කියල හිතෙන වැඩේට මොන අම්මෙක් අප්පෙක් වත් සහෝදරයෙක් වත් කැමති වෙන්නේ නෑ.

එත් අනු ගෙදරින් එයාව නොමරා මරද්දීත් ආදරයක් නොලැබුන කෙනෙකුට ජීවිතේ දෙන අදහස අත් ඇරියේ නෑ. මේක වැරද්දක්ද නැද්ද කියල නම් මම දන්නේ නෑ.

"ආදරේ පරිත්‍යාගයක්"

අනු එක්ක කතා කරනකොට එහෙමයි තේරුනේ. ඇත්තම අනු හිතපු දේ හරි ගියා, කොල්ලට ජීවිතයක් ලැබුණා. එයා නරක පුරුදු වලින් ඈත් උනා. හොඳ මනුස්සයෙක් උනා. ආදරේ බලය මේ ලෝකේ තියෙන ලොකුම බලයක්.

හැමදේම ආදරෙත් එක්ක වෙනස් උනා. කොල්ල රස්සාවක් කරා, අනු කරපු දේ අපතේ ගියේ නෑ කියල අනුට එදා හිතෙන්න ඇති.ඒත් කාලයත් එක්ක හැම දේම වෙනස් වෙනවා.

කොල්ල රස්සාවට ගියාට පස්සේ පරණ පුරුදු වලට ආයේ පුරුදු වෙන්න යන බව අනුට කිව්වට පස්සේ එයා ආයෙත් එයාගේ ආදරේ බලයෙන් එයාව ඒකෙන ඈත් කරා.

පොඩි කාලේදී දෙමව්පියන්ගේ ආදරේ නොලැබුනාම දරුවෝ අයාලේ යන්නේ, කොල්ලෙක්ට නම අම්මගේ ආදරේ තියෙනවා නම් ඕනෙම දුකක් විඳගෙන ජීවිතේ ජයගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා.

දෙමව්පියෝ දරුවන්ගේ සතුට වෙනුවෙන් ඕනෙම දෙයක් කැප කරන්න සූදානම්. එත් සමහර තමන්ගේ සතුට ගැන හිතන සමහර දෙමව්පියෝ දරුවෝ මේ ලෝකෙට බිහි කරලා කුණු කූඩෙට දාන කතාත් අපට නොඇසේනවාම නොවෙයි.

මේ කොල්ලටත් අම්ම කෙනෙක් හිටියා. එත් ඒ අම්ම හිටියේ රට. අඩුම ගානේ පුතා මොනවද කරන්නේ කියල වත් හොයල බලපු නැති අම්ම කෙනෙක් මොකද ඒ පුතා ඒ තරම් නරක දේවල් වලට ඇබ්බැහි වෙලා හිටපු හින්දා.

එත් මෙයා රස්සාවක් කරන හොඳ කොල්ලෙක් උනාට පස්සේ අම්මටත් පුතා ගැන ආදරයක් ඇති උනා. අම්ම ඇවිල්ල පුතාව එයා හිටපු රටට එක්කන් ගියා.

කොහොම හරි ඔහොම කාලයක් යනකොට මේ කොල්ලා අනුව රවට්ටන්න පටන් ගත්තා. කලින් හැමදේම කියල සමාව ගත්තා ආයේ ඒ වැරදි නොකරනවා කියල පොරොන්දු උනා. එත් ඒ කොල්ල අනුව රවට්ටන්න පටන් ගත්තා.

එයා වෙන කෙනෙක් එක්ක යාලු වෙලාලු. මොකද ඒ කොල්ලගෙන් ලැබුනේ ආදරේ විතරයි. මොන දේ ඉවසුවත් ඒ ආදරෙවත් අඩුමතරමේ වෙන කෙනෙක් එක්ක බෙදාගන්නවා දකින්න එයා ආස උනේ නෑ. කොහොම හරි අනු ඒ දේ දැනගත්තට පසේඒක නවත්තනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ. කිසිම කෙනෙක් මේ වගේ දෙකට සමාව දෙන්නේ නෑ. ඉතින් ඒ ආදර කතාව එතනින් ඉවර උනා.

මේක තවත් එක ආදර කතාවක් විතරයි. එත් මට දවසක් පුරාවටම හදවතට දැනුන දෙයක් තිබ්බා. ඒ මගේ ජීවිතේදී කෙල්ලෙක් කියපු සංවේදීම, වැඩියෙන්ම දුක හිතෙන වචන ටික ඇහුවේ එදා රෑ හින්දා. ගොඩාක් තරම් ආදර කතා කියවල තිබ්බත්, අහල තිබ්බත්මේ වචන ටික ඇහුවට ඒක මතක්‌ උන හැම වෙලාවේම පුදුම දුකක් දැනුනා. එයාලගේ ආදර කතාව සතුටින් ඉවර උනා නම් එකේ කිසිම දුකක් නෑ.

ඒත්........ ඒ මේ වචන ටික හදවතින්ම කිව්වේ, හිතල මතල නෙවෙයි, ප්ලෑන් කරලා නෙවෙයි හදවතින්ම. .....

"මට අදටත් එයා මගේ ආදරේ කරපු කොල්ල නෙවෙයි. මම හැදුව දරුවෙක්. මම ඉපද්දුවේ නෑ එයාව ඒත් එයා ඉල්ලුව ජීවිතේ එදා මම එයාට දුන්නා"

කෙනෙක් වෙනුවෙන් කරන කැප කිරීමක් ගොඩක් වටිනවා. සමහර මිනිස්සුන්ට තව කෙනකුට මොනවා හරි හොඳ දෙයක් කරාම දැනෙන සතුට වෙන කිසිම දෙකින් දැනෙන්නේ නෑ. ඒත් ඒ දේවල් වලින් දුකක් ඇති වෙනවානම් එහෙම දේවල් කෙනෙක් කරන්නේ නෑ. කිසිම කෙනෙක් දැන දැනම අමාරුවේ වැටෙන්න කැමති නෑ. ඒත් ජීවිතේට අවදානමක් අරන් දෙයක් කරන්න ඉදිරිපත් වන්නේ කලාතුරකින්. විශේෂයෙන්ම කෙල්ලෙක්. නොතේරුම් කමට වත් මෝඩ කමටවත් නොව මනුෂත්වය වෙනුවෙන් ඒ කරපු කැප කිරීම ගොඩාක් අගය කරනවා. ඒත් මේකේ අවසානය ආදරේනම ඉවර උනා නම් අද ඔයා කොච්චර සතුටු වෙයිද?
මම මේ වෙනකම් මෙහෙම කෙල්ලෝ අද කාලේ ඉන්නවා කියල විශ්වාස කරේ නෑ. ඒත් එහෙම එක කෙල්ලෙක් හරි අදුර ගන්න ලැබීම ගැන ගොඩාක් සතුටු වෙනවා.

මනුෂ්‍යත්වයට ජය වේවා!!!

Monday, February 6, 2012

විශ්මිත පැරලිමිනල් රේකොඩින්

අමුතු තාලේ රේකොඩින් 


සාමාන්‍යයෙන් අපි දන්නේ පොදු හඬ පටිගත කිරීමේ ක්‍රමයන්, රිමික්ස් හරි සවුන්ඩ් එඩිටිං හරි, සවුන්ඩ් හරි හරි ක්‍රමයක්, ඒවාගෙන් සංගීතයට නැවුම් බවක් මිහිරක් හෝ එපා වෙන ගතියක් ලබා දෙන්න පුළුවන්. ඒවා අපිට හොඳට දැනෙනවා. හොඳට තේරෙනවා.


නමුත් පැරලිමිනල් රේකොඩින් කියන්නේ අමුතුම ආකාරයේ ක්‍රමයක්. එය නිර්මානය කරලා තියෙන්නේ සංගීතය හරහා මිනිස්සුන්ට යහපතක් කරන්නට. තාක්ෂණයේ දියුණුව මිනිස්සාගේ දියුණුවට යොදා ගැනීම මෙහි නිර්මාතෘ වරුන්ගේ අරමුණ වී තිබුනා. කාලයක් තිස්සේ කරන ලද පරීක්ෂණ වලින් පසුව මෙහි ඇති තොරතුරැ වල සත්‍ය විද්‍යාත්මකව සනාත කල පසුව මෙය ම්නිසුන් වෙත මුදා හැරියා.

මේක ක්‍රියා කරන්නේ මෙහෙමයි
.
මෙම රේකොඩින් ක්‍රමය මඟින් ඔබේ සිත උත්තේජනය කරනවා. මෙය ඇසීමට අනිවාර්යයෙන්ම ස්ටීරියෝ හෙඩ් ෆෝන් එකක් අවශ්‍ය වෙනවා. මෙමගින් මොලයේ එක් එක් අර්ධගෝල සඳහා වෙන වෙනම එකවර පණිවිඩ සපයනවා. නමුත් එය අපට නොතේරෙනවා, මොලය පහසුවෙන් තේරුම් ගන්නවා. මෙහි ඇති විශේෂත්වය එයයි. අපේ මොලය විශ්මිත නිර්මාණයක්, එහි ක්‍රියාවලිය අපට පැහැදිලිව නොතේරෙනවා. නමුත් අපට නොතේරෙන පමණින් එය අසත්‍ය ද නොවෙනවා.

සබ්ලිමිනල් ආකාරයේදී නොව මෙමගින් හඬ අපට ඇසෙනවා.මෙය ඇත්ත වශයෙන්ම, ප්‍රතිපල දායි අයුරින් විනෝදජනක ආකාරයකින් අපට ඇසෙනවා. ඔබට මෙය ඇසෙන විට කුමක් අහගෙන ඉන්නද කියල ඔබ එහි හඬ මධ්‍යස්තයේ සිටිනවා, වගේ දැනෙයි, මොහොතින් මොහොට ඔබේ අවධානය වෙනස් වනවා සේ දැනෙයි.  ඒ මොකද කියනවා නම් ඔබට හඬවල් දෙකකින් වෙන වෙනම නමුත් එකවර ඇසෙනවා. මෙය ඔබට පැහැදිලිව නොතේරුණත් ඔබේ යටි සිතට තේරෙනවා. යටි සිත එය වෙන වෙනම වෙන්කරගන්නවා.
පැරලිමිනල් ක්‍රමයේ ප්‍රතිපලදායිම සොයා ගැනීම මෙයයි.


ලෝකයේ දැනට එක් එක් අරමුණු සඳහා සකසන ලද පැරලිමිනල් හඬ පට බොහෝ සේ පවතිනවා. ඇත්ත වශයෙන්ම අප ඒවා මිලදී ගත යුතු වෙනවා. නමුත් බොහෝ දෙනා නොමිලේ දෙන අඩවි වලින් ඒවා ලබා ගැනීමට පුරුදුව සිටිනවා. මෙය ඒවා නිෂ්පාදනය කරන්නන්ට මහත් අසාධාරනයක් සිදු කරනවා. නමුත් මෙම අත්දැකීම ඔබට ලබා ගන්න සිතෙනවාම ඇති. එය ප්‍රයෝජනවත් වෙයිද නැද්ද කියල විශ්වාසයකුත් නැතුව ඇති. ඒ හින්දා නිකන් බොරුවට සල්ලි වියදම් කරා කියලත් හිතෙයි.
ඔයාලට මොනවා හිතුනත් කමන්නෑ. මේ අත්දැකීම විඳගෙන බලන්න. මම ෆ්‍රී ගන්න පුළුවන් ලින්ක් එකක් දෙන්නම්


මෙතනින්  බාගන්න 


නැතිනම් පැරලිමිනල් කියල ගූගල් එකේ සර්ච් කරන්න, එතකොට ගොඩක් ඒවා එනවා. ටෝරන්ස්ට් එහෙමත් තියෙනවා. හැබැයි ඔක්කොම ඉංග්‍රීසියෙන් තියෙන්නේ, සරල ඉංග්‍රීසියෙන් හැමෝටම තේරෙයි. මේක අමුතුම ආකාරයේ වෙනසක් වෙයි, හරි යනවද නැද්ද කියල හිතන්න එපා, නිකන් ට්‍රයි කරලා බලන්න, මෙහෙම දේවලුත් තියෙනවා කියල දැනගෙන හිටියත් ඇතිනේ.





Saturday, January 28, 2012

ඔබ ලියන්න කියන්න දැන සිටියා නම්.......

නොහැකියාවේ මහිමය


එකතරා පල්ලියක සාත්තු සේවකයකුට රැකියාවක් ලැබුනා. පල්ලියේ පූජකවරයා ඔහුව සාදරයෙන් පිළිගත්තා. ටික දිනක් යනවිට ඔහුට ලිවීමට හෝ කියවීමට නොහැකි බව පල්ලියේ පූජක තුමා තේරුම් ගත්තා.
පසුව පූජක තුමා ඔහුට ලිවීමට සහ කියවීමට ඉගැන්වීමට තීරණය කරා. කෙසේ වුවද ලිවීමට හා කියවීමට ඉතා  දුර්වලයෙකු වූ ඔහුට ඒ දේවල් ඉතා අපහසු උනා. ඔහුට බොහෝ කල් ගියත් ලිවීමට සහ කියවීමට නොහැකි උනා.
මේ නිසා පූජක තුමා බොහෝ සේ ඔහු සමග උරණ උනා. ඔහුට නිතරම බැන වැදුනා. අවසානයේ ඔහුව පල්ලියෙන් පිටමං කරා.
පසුව ඔහු නගරය වෙත ගොස් ඉතා සුළු රැකියාවක නිරත උනා. පසුව ඔහුට ඔහුගේම ව්‍යාපාරයක් ඉතා සුළුවෙන් පටන් ගැනීමට හැකි උනා. මෙයින් නොනැවතුන ඔහු ඉතා විශාල ධනස්කන්දයක උරම කරුවකු බවට පත් උනා.
ඔහුට ඔහුගේ බැංකු පොතේ කීයක්‌ තිබෙනවාදැයි දැනගැනීමට අවශ්‍ය උනා.
ඔහු බැංකුව වෙත ගොස් ඔහුගේ බැංකු පොතේ ඇති ගණන එහි කළමනාකරුගෙන් ඇසුවා. ඔහු පැවසුවේ එහි බ්ලියන දහස් ගණනක් පමණ ඇති බවයි. ඔහු ඇසුවා බිලියනයක් කියන්නේ කොච්චරක්ද කියලා. කළමනාකරු එය ඔහුට ලියලා පෙන්නුවා. එය ඔහුට නොතේරෙන බව පැවසුවා.  විශ්මයට පත් කළමනාකරු පසුව කියා සිටියේ ඔබ මේ නගරයේ දැනට සිටිය ලොකුම ධනවතා. එහෙත් ඔබ ලියන්න කියන්න දැන සිටියා නම් ඔබ දැන් කොතැනක ඉදීවිද?
ඔහු සිනහමුසු මුහුණෙන් මෙසේ කිවා.  පල්ලියේ සාත්තු සේවකයෙක්

Sunday, January 22, 2012

www@hardy

වෙබ් අඩවි නිර්මාණය ගැන කිසිවක් නොදත් තවත් විශ්ෂ්ඨ හාඩි වරයෙක් සියල්ලන්ගේ සහයෝගයෙන් හා කැපවීමෙන් වෙබ් අඩවි නිර්මායයේ දැවැන්තයන් හා සම වෙමින් හාඩියේ සයිබර් පිවිසුම නිර්මාණය කල වගයි. රවිදු තවීෂ ඔබ ලාංකීය සයිබරයේ දැවැන්තයකු වීමට සිටිනා විශිෂ්ඨ හාඩි පරපුරේ ව්ශ්මිත නිමවුම් කරුවාය. ඔබට සුබ පැතුම්......

Friday, November 11, 2011

මට්ට කඩෙන් ෆෝන් එකක් .............ගත්තෙමි!!!

මට්ට කඩෙන් ෆෝන් එකක්........

එකමත් ඒක කාලෙක මාට ෆට්ට ෆෝන් එකක් ගන්න ඕනේ උනා. ඒ කිව්වේ අවුරුදු 4 කට විතර කලින්. ෆෝන් ගැන ටිකක් හොයල බලල එහෙම k800i වර්ගයේ සෝනි එරික්සන් ෆෝන් එකක් ගන්න හිතා ගත්තා.
එකේ ඒ වෙනකොට මිල රු 23 000 ක් උනා. මම ඉතින් කොහොම හරි සල්ලිත් හොයාගෙන නුවර වටේ ඇවිදලා එක කඩයක් ගාව නැවතුනා. එතන රැවුල දිග මට්ටයෙක් හිටියා. එතන ගාන ටිකක් අඩු හින්දා එතනින් ගන්න හිතාගත්තා.


1000 ක් දේවල් කියලා කොහොම හරි මට්ටයා මට ෆෝන් එක දුන්නා. ෆෝන් එක නම් මාර ගති. මම ෆුල් ෆන් එකේ ගෙදර ගිහින් හොදට චාජ් කරලා අනික දවසේ වැඩට අරන් ගියා.


මම ආසාවටත් එක්ක ෆොටෝ ගහ ගහ හිටියා. මෙන්න බොලේ එක පාරටම බැටරිය බැස්සා. ටික වෙලාවකින් ආයේ චාජ් වෙනවා. මම හිතුවා එකේ ඔටෝ චාජ් වෙන ඔප්ෂන් එකක් වත් ඇති කියලා.
කොහොම හරි බැටරිය හොදටම බැස්සා
මම ගෙදර ගිහින් චාජ් කරා, ඒක එකසිය ගානට රත් වෙනවා. ඕනේ මගුලක් වෙන්න කියලා මම ෆුල් චාජ් කරා. කලින් වගේමයි බැටරිය ඒක පාරටම බහිනවා. මම ෆෝන් එකත් අරන් ආයේ මට්ට කඩේට ගියා.
 උන් අළුත්ම ෆෝන් එකක බැටරියක් ගලවලා මට දුන්නා මම ඒක අරන් ගිහිල්ලා හොඳට චාජ් කරා. වැඩක් නෑ රත්වෙනවා බැටරි බහිනවා. මෙහෙම 2 පාරක් බැටරි මාරු කරලා දුන්නා,


බැරිම තැන මම උන්ගෙන් සල්ලි ඉල්ලුවා. උන් හිනා උනා ඕනේ නම් ෆෝන් ඒක හදල දෙන්නම් සල්ලි දෙන්නේ නෑ. කිව්වා. මමත් උන්ට මම කොහොම හරි සල්ලි ගන්නවා කියල ආව.


උන් කිව්වා පුලුවන් දෙයක් කරලා සල්ලි ගන්න කියලා. අපි ඔයිට වඩා අයියලත් එක්ක වැඩ කරලා තියෙනවා කිව්වා. මම උන්ට පොර ටෝක්ස් දුන්නට මට කරන්න පුළුවන් ලබ්බක් තිබ්බේ නෑ.


ඔය කෙස් ඒක අපේ ගමේ ඉන්න පොලිස් අයියා කෙනෙකුට කෙස් එක කිව්වා, "ඕවා මොනවද මල්ලි, මම හෙට සල්ලි අරන් දෙන්නම්" පොර එහෙම කිව්වාම මට පියාබන්න හිතුනා.


කොහොම හරි පහුවදා මම ගියා පොර වැඩ කරන තැනට, පොර පොලිසියේ ඩ්‍රයිවරයෙක්
පොර හිටියේ නිකන් සතෙක් වගේ හරියට පොලිසියේ ක්ලීනින්ග් කරන එකෙක් වගේ. පොලිස් බල්ලෝ උට වඩා ලස්සනට හිටියා. මොනවා කරන්නද මම පොරත් එක්ක කඩේට ගියා. පොර පොලිසියේ කිව්වාම, හුක්...... ගාලා කඩේ එකාට හිනා
ගියා. කොහොම හරි කඩේ එකා කිව්වා ෆෝන් එක හදලා දෙන්නම් කියලා. පොර එහෙම හරි කරලා දෙන්න කිව්වා.
 "ඕක කියන්න ද බොල තෝ මෙහෙට ආවේ?"


මම ඒක හිතින් කියාගෙන ඌත් එක්ක ගියා පොලිසියට.
මිනිහා පොලිසියේදී කියනවා ෆෝන් ඒක ඉල්ලගෙන පාරිභෝගික අධිකාරියට යන්න කියලා. මමත් මරුසියක් දාල මට්ටයාගෙන් ෆෝන් ඒක ඉල්ලගත්තා.


ෆෝන් එකත් අරන් නුවර කච්චේරියේ පාරිභෝගික අධිකාරියට ගියා. රාජ්‍ය සේවය ගැන ඉතින් අහන්නත් දෙයක් යෑ.......
එතන  මිස් කෙනෙක් හිටියා.
සර් නම් එලියට ගිහින් ඔයාට උන දේ ලියලා යන්න කියලා මට කොලයක් දුන්නා.ෆෝන් නොම්බරේ ලියන්න කිව්වා. කෝල් එකක් දෙන්නම් කියලා.


 මමත් කෙස් ඒක ඔක්කොම ලියලා ෆෝන් ඒක ගැන ආසාව අතරගෙන ගෙදර ගියා. ඒලංකාවේ  රාජ්‍ය සේවය ගැන හොඳටම දන්න හින්දා.
එත් ගෙදර ගියාට පස්සේ මට කෝල් එකක් ආවා පාරිභෝගික අධිකාරියේ ලොක්කාගෙන්.
 "මම ඔයාගේ ලියුම කියෙව්වා. ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ.මම කඩේට ගිහින් මනුස්සයාට කතා කරා. හෙට 8.30 ට මෙහෙට එන්න "
එහෙම කිව්වේ ඒ ලොක්කගේ මොබයිල් ෆෝන් එකෙන් . අම්මපා මෙහෙමත් මිනිස්සු ඉන්නවද කියලා හිතුනා එදා නම්.
මමා ගියා ලොක්කා හම්බ උනා. ආ ඔයාගේද ෆෝන් ඒක.

"මනුස්සයෝ ෆෝන් එකක් ගන්නකොට වගකීමක් තියෙන තැනකින් ගන්න දන්නේ නැද්ද. ඔච්චර ලොකු ගානක් වියදම් කරලා ඔයවගේ තැන් වලින් ඔය වගේ වටිනා දේවල් ගන්නවද? ඉස්කෝලේ ගියා නේද? මොනවද මෙච්චර කල් ඉගෙන ගත්තේ? " ප්‍රශ්න කෝටියයි...

මම මේ මනුස්සයාට කියන්නද ඉස්කෝලේ ගියාට ඉගෙන ගත්තු මගුලක් නෑ කියලා.


"මම කඩේට ගියා ඒ මනුස්සයට හොදටම බැන්නා, ඔයාට ෆෝන් එකක් ඕනෙද නැත්නම් සල්ලි ඕනෙද?" මම පැනපු ගමන් කිව්වා මට සල්ලි ඕනේ කියලා.


ඔන්න ටික වෙලාවකින් රැවුල දිග මට්ටයා ආවා. ඒකා කොහොම හරි සල්ලි දෙන්න කැමති උනා. උන් කන්නේ නැති කාලේ කියලා මාසයක් කල් ඉල්ලුවා.


මාසෙකට පස්සේ මිනිහා හම්බවෙන්න එකේ වැඩ කරන අයියා කෙනෙක් එක්ක මට්ටයාගේ කඩේට ගියා, කච්චේරිය ළඟ ඉදන් පයින්ම.


මට්ටයා කොහොම හරි රු 3000 ක් අඩුවෙන් තමා මට දෙන්න කැමති උනේ. ෆෝන් ඒක සතියක් පාවිච්චි කරා කියලා. එත් මොකද කියලා මම 20000 ක් ඉල්ලගත්තා.


සල්ලි අරගෙන උට හොද දෙකක් කියලා. කඩෙන් එලියට ආවා.


අර මනුස්සයාට කීයක්‌ හරි දෙන්න ඕනේ, මාත් එක්ක පයින්ම ආවනේ.


මම එහෙම හිතලා මිනිහට 500 ක් දුන්නා. ඒ මනුස්සයා හිනා වෙලා කිව්වා. "අපිට ආණ්ඩුවෙන් පඩියක් ගෙවනවා කියලා. මට සල්ලි ගන්න ඕනේ නම් ඔයාට ෆෝන් ඒක අරන් දෙන්නේ නැතුව මට ලොකු ගානක් ගන්න තිබ්බා. ඕකෙන් ඔයා යන ගමන් මොනවා හරි කන්න." මම නිකන් චා උනා එතනත්.

මට්ටයාගේ කඩෙන් ගත්ත ෆෝන් එකේ කතාව එතනින් ඉවර උනා. මම සතුටින් ගෙදර ගියා. පහුවදා 1200 ෆෝන් එකක් ගත්තා.

නුවර කච්ච්චේරියේ පාරිභෝගික අධිකාරියේ මිනිස්සු ඉතාම සුහද ශීලී. මම ගිය වෙලාවේ ඉදන් හැමෝම ඉතා ප්‍රියමනාප ලෙස කතා කරා. එතන ඉදන් ෆෝන් එකේ සල්ලි ගන්නකන් ඔවුන් මාත් එක්ක හිටියා.
අම්මා තාත්තා වගේ උපදෙස් දුන්නා. මම ජීවිතේටවත් දැකලා නැති මිනිස්සු මෙහෙම උදව් කරයි කියලා හිතා ගන්න වත් බැරි උනා.


මෙහෙම අවංකව වැඩ කරන රාජ්‍ය සේවකයෝ ලංකාවේ ඉන්න ඒක ගැන පුදුම සතුටක් දැනුනා. එත් ඔවුන්ගේ අනාගත් ඉරණම කුමක් වෙයිද කියා හිතන්න අමාරුයි. මොකද මේක ලංකාව හින්දා........

Thursday, October 27, 2011

minimum 40 WPM වේගයෙන් ටයිප් කරන්න.

ගේමක් නැතුව ටයිප් කරන්න....... 


පරිඝණක භාවිතා කරන හැමෝටම කී බෝබ් එකත් එක්ක අනිවාර්යයෙන්ම වැඩ කරන්න වෙනවා. කී බෝඩ් ඒක පහසුවෙන් හසුරවන්න පුළුවන් වෙන්න ඕනේ.
මේ සඳහා ටයිප් කරන වේගය ගොඩක් වැදගත් වෙනවා. විශේෂයෙන් බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ට.qwerty කී බෝඩ් එක විතරක් පුරුදු වෙන එක සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකටම දැන් ප්‍රමාණවත් වෙනවා. මොකද දැන් අපිට ඉංග්‍රීසියෙන් ටයිප් කරන දේවල් සිංහලට පරිවර්තනය වෙනවා. සිංග්ලිෂ් විදිහට.
ඉතින් අපි වේගයෙන් ටයිප් කරන්න පුරුදු උනොත් අපේ කාලය වගේම මහන්සියත් බොහෝ සේ ඉතුරු වෙනවා. වේගයෙන් ටයිප් කරන ඒක ඉතා පහසුයි. විශේෂයෙන් අපි යතුරු පුවරුව දිහා නොබලා ටයිප් කරන්න පුරුදු උනාම කළුවරේ උනත් ඕනේ දෙයක් ටයිප් කරන්න පුළුවන් නේ... ලොල්... :D


මගෙත් කලින් ටයිප් කිරීමේ වේගය ඉතාම පහල මට්ටමක තිබ්බේ. අකුරක් හොයාගන්න ගොඩක් වෙලා යනවා.


මම මේ වගේ ටයිප් කරන්න කියල දෙන මෘදුකාංගයක් භාවිතා කරලා වේගයෙන් ටයිප් කරන්න පුරුදු උනා.
දැන් මට සිංහල හා ඉංග්‍රීසි අඩුම විනාඩියකට වචන 40 ක් වත් ටයිප් කරන්න පුළුවන්.


මම ගොඩක් මෘදුකාංග මේ සඳහා අත්හදා බැලුවා. මට ඉතාම පහුවෙන් නිවැරදිව ඉගෙන ගන්න පුළුවන් කියල හිතුනේ මෙන්න මේකෙන්


ඉතින් ඔයාලටත් වේගයෙන් ටයිප් කරන්න ඉගෙන ගන්න ඕනේ නම් පහලින් තියෙන මෘදුකාංගය ලබා ගන්න.



Mavis Beacon Teaches Typing Platinum

 මෙතනින් බාගන්න



Sunday, October 23, 2011

බ්ලොග් එකක් ලියන්න......

මම ඔන්ලයින් හෙල්ප් එකේ පොස්ට් එකක් දැම්ම නිකන් ඉන්න වෙලාවට කරන්න තියෙන හොඳම දේ මොකද්ද කියලා. ඒකට ගොඩක් උත්තර ලැබුනා. 
එත් කොපි කඩේ කුරුං ගුරුං තමා කිව්වේ බ්ලොග් එකක් ලියපන් කියලා. මෙලෝ දෙයක් ලියන්න නැතුව හිටියේ එත්. මොකද මම කැමති නෑ කාගේවත් ඒවා කොපි කරලා දාගන්න. මට හිතුනා එක හොඳ අදහාසක් කියලා. එක හින්දා තමා මගේ බ්ලොග් ඒකට GOOD IDEA කියලා නම දැම්මේ............
කොහොම හරි මොන මොනවා හරි ලිව්වා. ඇත්තටම මම ලියපුවා වැඩක උනත් නැතත් බ්ලොග් එකක් නිකමට හරි ලියපු ඒකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එත් මම දාපු සමහර පොස්ට් ගොඩක් දෙනෙක් බලල තිබ්බා. ඒ ගැන නම් සතුටුයි. මොකද මම ගොඩක් වෙලාවට දාන්න උත්සාහ කරේ කාට හරි වැඩක වෙන දෙයක්. ඉදලා හිටලා ඔය වැඩකට නැති දෙයක් දැම්මට. 
මොනවා උනත් මගේ බ්ලොග් එකේ ෆලෝවස්ලා අඩුයි කියලා වත්. බලන ගැන අඩුයි කියලා වත් කිසිම අව්ලක් නෑ. මොකද මම මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තු නිසා. 
උදව් කරපු යාළුවො හැමෝටම ස්තුතියි. විශේෂය්නේ දිසද ගුරුගේ සහෝදරයාට....